facebook like

ක්‍රිකට්‌ ඔට්‌ටුව පැරදුනු දුකින් මුදලාලි මරු දකී

විස්‌සයි විස්‌ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්‌ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස්‌ බුකියට වී ක්‍රිකට්‌ තරගය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැතිවී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

ඔහුගේ බිරිය සාක්‌කි දෙමින් පැවැසුවේ මීට පෙර ඔහුට රෝගයක්‌
නොතිබුණු බවයි.

හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මියගොස්‌ ඇතැයි මරණ පරීක්‍ෂණයේදී නිගමනය විය.

ඉන්දියාව දිනනවා කියා 20 - 20 ක්‍රිකට්‌ මැච් එකට මිය ගිය සැමියා රේස්‌ බයි එකෙන් තුණ්‌ඩුවක්‌ දමා තිබුණා. ශ්‍රී ලංකාව ජයග්‍රහණයත් සමග සිහිසුන්ව සිටි ඔහුව ගම්පහ මහ රෝහලට රැගෙන ගියත් ඒ වන විට ඔහු මියගොස්‌ තිබුණා යෑයි පෙරේදා (06 දා) පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගය අවසානයේදී මියගිය එස්‌. පී. කුමාර් (අවු 52) නමැති පලතුරු ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධව ඊයේ (07) ගම්පහ මහ රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් මිය ගිය අයගේ දෙවැනි බිරිඳ වන කේ. ඒ. එස්‌. නිරෝෂනී කස්‌තුරිආරච්චි (අවු(28) මහත්මිය පැවැසුවාය.

ගම්පහ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය ප්‍රියන්ත රාජපක්‍ෂ මහතා ඉදිරියේදි පැවති මරණ පරික්‍ෂණයේදී ගම්පහ පොලිස්‌ ස්‌ථානයේ පො. කො. චන්දන ප්‍රියංකර (38131) මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්‍ෂි දුන් නිරෝෂනී කස්‌තුරිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය. මා සහ මියගිය කුමාර් අංක 30 ජාඇල පාර, ගම්පහ යන ලිපිනයේ පලතුරු කඩයක්‌ පවත්වාගෙන යමින් සිටිනවා. කුමාර්ගේ නීත්‍යානුකුල බිරිඳ ලෙච්චමි එයාටත් අපිට හැකි අයුරින් උපකාර කරනවා. ඉන්දියාවේ ක්‍රිකට්‌ ටීම් එක ගැන සැමියා ලොකු බලාපොරොත්තුවක්‌ තබා තිබුණා. ඒ නිසාම රේස්‌ බයි එකේ ඉන්දීය ටීම් එක දිනන බවට තුණ්‌ඩුවක්‌ දමා තිබුණා. ඒ බව මා දන්නවා. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු රේස්‌ බුකියේදී හිස පහත් කරගෙන සිටින බවට අයෙක්‌ මට ඇවිත් කිව්වා. මම එතනට ගිහින් කුමාර්ට කතා කළත් ඔහු කතා කළේ නැහැ. ත්‍රීවීල් එකක දාගෙන ගම්පහ මහ රෝහලට රැගෙන ගියා. ඒ යනවිට කතා කළේ නැහැ. රෝහලට රැගෙන ගියාට පසු වෛද්‍යවරු කිව්වා පරික්‍ෂා කර කුමාර් මිය ගොස්‌ ඇතැයි කියා. කුමාර්ට කවුරුත් තරහාකාරයෝ හිටියේ නැහැ යෑයි පැවසුවාය.

ගම්පහ මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් ජයවර්ධන මහතා මියගිය අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මරණයට හේතුව හෘදයාබාධයක්‌ බවට නිගමනය කර තිබිණි. ඉදිරිපත්වූ සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරික්‍ෂණ වාර්තාව අනුව එස්‌. පී. කුමාර් යන අයගේ මරණය හදිසියේ ඇතිවූ හෘදයාබාධයක්‌ බවට තීන්දු කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive