facebook like

ජනාධිපති දැන් ජනතාව අතර පිරිහිලා'... යුධ ජයග‍්‍රහණ විකුණනලා ඉවරයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එදාට වඩා ජනතාව අතර පිරිහී ඇතැයි එ.ජා.ප. උප නායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙවර පළතා සභා මැතිවරණයෙන් ආණ්ඩුව ඇත්ත වශයෙන්ම ජයග‍්‍රහණය කර නැති බවයි.

‘මෙදා සැරේ පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩුව ජයග‍්‍රහණය කර ඇතැයි කවුරුහරි කියනවානම් ඒක තනිකරම විහිළුවක්. මොකද මෙදා
සැරේ ආණ්ඩුවේ ඡුන්ද සංඛ්‍යාව අඩු වෙලා මිසක් එක දශමයකින්වත් වැඩිවෙලා නෑ.

විපක්ෂයට ලැබී තිබෙන ඡන්ද සංඛ්‍යාවයි, ඡන්ද ප‍්‍රකාශ කිරීම ප‍්‍රතික්ෂේප කර තිබෙන අයගේ සංඛ්‍යාවයි එකතු කර බලන විට ඒ බව කදිමට පැහැදිලි වෙනවා. ආණ්ඩුවට ඡන්ද වැටී තිබෙන්නේ ඊට වඩා අඩුවෙනුයි. ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති වී තිබෙන තදබල විරෝධය නිසයි එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ.

ඒ වගේම තමයි ආණ්ඩුව ලැබූ යුධ ජයග‍්‍රහණය හැමදාමත් වලංගු නෑ කියන එකත් ජනතාව විසින් රජයට දී තිබෙන රතු එළියක්. මීට පෙර පැවති ඡන්ද වලදී රජය ලැබූ ජයග‍්‍රහණය සදහා යුද්ධය බලපා තිබුණත් එහි වාසිය දිගින් දිගටම රාජපක්ෂ පවුලේ බුක්තියට සින්න කර ගැනීමේ තත්වයකයි ඉන්පසුව දකින්න ලැබුණේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ආණ්ඩුවට මුහුණ පෑමට සිදුවන පරාජය මීටත් වඩා බරපතළ වේවි.මොකද එදා හිටපු මහින්දට වඩා අද ඉන්න මහින්ද ජනතාව අතර පිරිහිලා’ යයිද ඒ මහතා පෙන්වා දෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive