මිනිසාට ළඟින්ම සිටින මිනීමරු ජලජ සත්වයා ලෙස වාර්තාවන්නේ කිඹුලාය. ඉන් ඔබ්බට ගිය කල මිනීකන මෝරාය. එහෙත්, පසුගියදා අප්‍රිකානු ගංගාවකදී මිනිසුන් හා කිඹුලන් ද මරා කන යෝධ මාළුවකු බ්‍රිතාන්‍ය ජාතික මසුන් මරන්නකු විසින් දැලට හසුකර ගෙන ඇත.‘ටයිගර් ෆිෂ්’ වර්ගයට අයත් මේ මාළුවා මුහුදේ සිටින යෝධ සුදු මෝරකු තරම් විශාලත්වයෙන් යුතුවේ.
ලොව විශාලතම මිරිදිය මාළු අතරින් එකකු වන මේ මාළුන්ට ඉතා තියුණු දත් 32ක් වෙයි. අඟලක් තරම් දිගු ඒ දත්වලින් කිඹුලන් හා මිනිසුන් ඉරා දැමීමේ හැකියාව පවතී.
මේ මසුන් වර්ගය මිරිදියේ සිටින පිරන්නා නමැති මාංශභක්ෂක මාළුන්ටත් වඩා භයානක බව ද කියති.
අප්‍රිකාවේ කොංගෝ ගංගාවේ දී අල්ලා ගන්නා ලද මේ යෝධ මිරිදිය මාළුවා දිගින් අඩි 5ක් හා බරින් රාත්තල් 154කි. එහෙත් ඊටත් වඩා විශාල මේ වර්ගයේ මාළුන් අප්‍රිකාවේ ලුආලාබා, උපෙම්බා සහ ටැන්ගැන්යිකා ගංගාවල වෙසෙතැයි වාර්තා වේ.
මේ මාළුන් සිය ශක්තිය දඩයම සඳහා මිස වර්ගයා බෝ කිරීම සඳහා වැය කිරීමට උනන්දු නොවන බැවින් මේ මසුන් බෝවීම අඩු බවද පැවසේ. එනිසා මේ මාළු විශේෂය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව සත්වවේදීහු පවසති. නොඑසේ නම් වැඩි කල් යෑමට පෙර උන් දැක බලාගත හැකි වනුයේ කෙටි වාර්තා චිත්‍රපටවලින් පමණක් බව ද කියති.






0 comments:
Post a Comment