facebook like

එල්.ටී.ටී.ඊ එකවත් මේ තරම් අපරාධයක් කළේ නැහැ.....මොන බහුබූතයොද දන්නෑ රට පාලනය කරන්නේ--- ඥානසාර හිමි

ශ්‍රී ලංකාවට පාරිසරික වශයෙනුත්, පුරාවිද්‍යාත්මක වශයෙනුත්, ආරක්ෂක කටයුතු පිළිබඳ උපාය මාර්ගික වශයෙනුත් අතිශය වැදගත් විල්පත්තු වනය විනාශ කරමින් සිදුකරන්නා වූ නිවාස ව්‍යාපෘතිය නැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ වගකිවයුතු අංශ සතියක් ඇතුළතදී පියවරක් නොගන්නේ නම් බොදුබල සේනා සංවිධානයට එම ප්‍රදේශයට යාමට සිදුවන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ 01දා අවධාරණය කළහ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා මුණගැසී
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉල්ලා සිටියද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඥානසාර හිමියෝ පැවසූහ. කිරුළපන බොදුබල සේනා මෙහෙයුම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ විය.


"මොන බහුබූතයොද දන්නෑ මේ රට පාලනය කරන්නේ. එක එක ඇමතිට ඕන විදියට මේ අය කටයුතු කරනවා. නමුත් අපි ඉන්නෙ ආණ්ඩුව රකින්න නෙමේ. ඉස්සෙල්ලා රට ගැන සිතිය යුතුයි. මුන්ට අපේ උරුමය කොල්ලකන්න කවුද බලය දුන්නේ.
එල්.ටී.ටී.ඊ එකවත් විල්පත්තුවට මේ තරම් අපරාධයක් කළේ නැහැ. ඊටත් වඩා සිය දහස් ගුණයකින් මුන් විල්පත්තුව විනාශ කරනවා. පසුගිය නැගෙනහිර මැතිවරණයේදී මුහුදු මහා විහාරයේ මුල්ගලක් තියන්න මහරජාට අවසර දුන්නෙ නෑ මේ මුස්ලිම් අන්තවාදීන්. ඔය විධායක බලය තියෙන්නෙ සිංහලයන්ගෙ කොඳු කඩන්න විතරද" යැයි ඥානසාර හිමියෝ පැවසූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive