facebook like

ගුරුවරියගේ රුව facebook තුලින් නිරුවත් කල සිසුවා මාට්ටු වුණ හැටි

නුගේගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැරි බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්‌කාර සිසුවා ඇපමත මුදාහරින ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා නියෝග කළේය.

සැකකාර සිසුවා රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියම විය.

පැමිණිලිකාර ගුරුවරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක්‌ අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලිකාරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමාගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක්‌ facebook  ගිණුමක තිබෙන බව පැමිණිලිකාරියගේ හිතවත් ගුරුවරියක්‌ ඇයට දැනුම් දීමෙන් පසු තමන් ඒ පිළිබඳව සොයා බැලූ බවයි.

එමfacebook  ගිණුමේ පෙනී සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා පැමිණිලිකාරිය සිය facebook  ගිණුම හරහා එකී පුද්ගලයා සමග අදහස්‌ හුවමාරු කරගෙන ඇති බවත්, පසුව එකී පුද්ගලයා පැමිණිලිකාරියගේ දුරකථන අංකය ඉල්ලා සිටි නිසා ඇය සිය ඥතියකුගේ දුරකථන අංකයක්‌ ලබා දී ඇති බවත් අනාවරණය විය.

පැමිණිලිකාරිය ලබාදුන් දුරකථන අංකයට සැකකාර පුද්ගලයා ඇමතුම් ලබාදී ඇති බවත්, ඉන් පසුව පැමිණිලිකාරිය එම දුරකථන අංකය හරහා එකී පුද්ගලයා කවුද යන්න පිළිබඳව සොයා බැලීමේදී ඔහු තම පාසලේ ඉගෙනුම ලබන බාල වයස්‌කාර සිසුවකු බව අනාවරණය කරගෙන ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණයට දන්වා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර සිසුවා "ප්‍රනාන්දු" නමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මේ කටයුත්ත කර ඇති බවත්, තවත් එම විද්‍යාලයේ ගුරුවරියන් කීප දෙනකුටද මෙවන් අපහාසයන් කර ඇති බව අනාවරණය වන බවත්ය. සැකකාර සිසුවාගේ විදෙස්‌ ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක්‌ කැඳවන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive