උතුරු මැද හරහා නැඟෙනහිරට මායිම් ප්‍රදේශ ගණනාවක මහජනතාව තැති ගැන්මකට ලක්කරමින් පෙරේදා (11දා) රාත්‍රි 8.00ට පමණ පැතිරීගිය දෝංකාරසහගත විශාල අබිරහස් ශබ්දය පිළිබඳ එම ප්‍රදේශවල ජනතාව එදින රාත්‍රි සිට වගකිවයුතු අංශ වෙතින් විමසීම් කරන්නට පටන්ගෙන තිබේ.
මේ ශබ්දය කුමක්දැයි නිශ්චිත වශයෙන් පැවැසීමට අදාළ අංශවල කිසිවකු මෙතෙක් සමත් වී නැත.
දීප්තිමත් ආලෝක ධාරාවක් සහිතව මහා ශබ්යදයක් නිකුත් කරමින් පෙරේදා (11දා) සවස 8.30ට පමණ කිසියම් වස්තුවක් අහසේ සිට පහළට ඇද වැටෙනු දක්නට ලැබුණැයි ගලෙන්බිඳුණුවැව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කරති.
මෙම ආකාශ වස්තුවෙන් නිකුත් වූ මහා ශබ්දය නිසා ගොඩනැඟිලි පවා දෙදරුම් කෑ බව මේ ගැන අදහස් දැක්වූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවාසීහු පැවැසූහ.
මේ පිළිබඳ හොරොව්පොතාන කහටගස්දිගිලිය ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානවලින් කළ විමසීමේදී කියා සිටියේ දීප්තිමත් ආකාශ වස්තුවක් මහා ශබ්දයක් නඟමින් පහළට වැටෙනු දුටු බවට ජනතාවගෙන් තොරතුරු පොලිසියට ලැබුණු නමුත් එම ආකාශ වස්තුව කිනම් ස්ථානයකට පතිත වූයේ දැයි මෙතෙක් සොයාගත නොහැකි වූ බවයි. 'මව්බිම' මෙම ආකාශ වස්තුව ගැන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපති පො.ප. සිරිමෙවන් කරුණාතිස්ස මහතාගෙන් විමසිමේදී මෙසේ පැවැසීය.
ඉකුත් එකොළොස්වැනිදා (11දා) රාත්‍රි 8.30ට පමණ විශාල ශබ්දයක් සමඟ ගොඩනැඟිලි දෙදරීමක් ඇතිවුණා. පොලිසියේ නිලධාරීන්ටත් අහසේ විශාල ආලෝකයක් සහිත වස්තුවක් දකින්න ලැබී තිබෙනවා. ඒ සමඟම ජනතාවත් පොලිසියට තොරතුරු ලබා දුන්නා. ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ආකාශ වස්තුව හුරුලුවැව දුටුවැව ඉහළ අහසේ දර්ශන වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශය පරීක්ෂණයට ලක් කළක් මෙතෙක් එවැන්නක් පොළොවට පතිත වූ ස්ථානයත් සොයාගත නොහැකිවුණා.
මේ නිසා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන්ද මේ පිළිබඳ විමසා සිටියා.
එහිදී ගුවන් හමුදා නිලධාරියකු සඳහන් කළේ දීප්තිමත් ආකාශ වස්තුවක් කවුඩුල්ල ප්‍රදේශවාසීන්ද දැක ඇති බවට තොරතුරු ලැබුණු බවත් මේ පිළිබඳ ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවද එම නිලධාරියා තමාට පැවැසී යැයි ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානාධිපති පො.ප. සිරිමෙවන් කරුණාතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පෙරේදා සවස 8.15ට පමණ රුවන්වැලි මහා සෑයට ඉහළින් වූ අහසේ මෙම වස්තුව වේගයෙන් ගමන් කරනා අයුරු එහි සිටි කිහිප දෙනකුම දැක තිබේ. මෙම දුටු 'මව්බිම' පුවත්පතේ මාධ්‍යවේදී කුමාර වන්නිනායක ප්‍රකාශ කෙළේය. එය සෙන්කෝලයේ හැඩට සමාන වූ බවයි. දීප්තිමත් එළියක් ඉන් දිස්වූ බවත් සැණින් එය නොපෙනී ගිය බවත් ඔහු පවසයි.
ගලෙන්බිඳුණුවැව දුටුවැව පදිංචි ඩබ්.එම්. රත්නායක සහ පලුගස්වැව කොකාවැව පදිංචි ජගත් නිශාන්ත ජයසිංහ යන අය ප්‍රකාශ කෙළේ බෝම්බයක් පුපුරන හ¾ඩින් යමක් කිව්ලේකඩ වනාන්තරය සීමාවේ පුපුරාගිය හඬක් ඇසුණ බවකි. හොරොව්පොතාන සිංහල වලහවිද්ද වැව පදිංචි උදුලා කුමාරිද මෙම වස්තුව දැක තිබේ. ඇය පවසන්නේ චිරි චිරි හඬ නඟමින් එම වස්තුවෙන් කුඩා කොටස් කඩාහැලුන බවකි. එම වස්තුව කිව්ලේකඩ කැලය දෙසට ඉහළ අහසේ ගමන් ගත් බවද ඇය පැවැසුවාය.
මේ අතර එම ශබ්දය පිළිබඳ 119 හදිසි ඇමැතීම් අංශයටද ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවාසීන් ඇමැතුම් ලබාදී ගලෙන්බිඳුණුවැව පොලිසිය දැනුම්වත් කර තිබුණ අතර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හමුදා කණ්ඩායමක් ඒ පිළිබඳ නිරීක්ෂණයක යෙදුණු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග්කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කෙළේ මෙදින රාත්‍රි සිට ලැබුණු දුරකතන ඇමැතුම් අනුව තමා පොලිසි - රේඩාර් පිහිටි ප්‍රදේශවලත් භූ විද්‍යා පතල් කැණීම් අංශ ඇතුළු හෝඩුවාවක් ලබාගත හැකිවෙතැයි විශ්වාස කෙරෙන ආයතනවලට කතා කළද එම අබිරහස් ශබ්දය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ බවයි. මේ සම්බන්ධයෙන් 'මව්බිම' කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කෙළේ, මේ තොරතුරු ඔස්සේ සොයාබැලූ නමුදු බිම පතිත වූ දෙයක් සොයාගැනීමට නොහැකිව ඇති බවයි. ඒ අනුව මෙය උල්කාපාතයක් බිමට පාත් වීමේදී සිදුවූ ශබ්දයක් වියහැකි බවට විශ්වාස කළ හැකි බවයි. උල්කාපාතයක් වායුගෝලය හරහා ඒමේදී ගැටී ගිනිගෙන වැටෙන බවත් ඒවායින් සියුම් කැබලි දසඅත විසිරී යා හැකි බවත් ඇතැම් විට ඒවා සොයාගත නොහැකි වන බවත් ඔහු සඳහන් කෙළේය.

0 comments:
Post a Comment