ක්‍රිකට් ලෝකයේ නවක ක්‍රීඩකයන් බිහිවීම තරමටම ජ්‍යෙෂ්ඨයන්ගේ සමුගැනීම්ද සාමාන්‍ය අත්දැකීම් බවට පත් වෙමින් තිබේ. එහෙත් මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි හඳුන්වන ක්‍රිකට් ක්‍රීඩාවෙන් මහත්මයෙකුගේ සමුගැනීම අතිශයින් හැඟීම්බර අත්දැකීමක් ලෙස ක්‍රීඩා ලෝලයන්ට සන්නිවේදනය වීම වැළකිය නොහැක. පසුගිය සතියේ එවන් මහත්මයෙකු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශ කරන ලදී. ඒ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනයි. මහේල ජයවර්ධනගේ සමුගැනීම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු පෑ දස්කම්, මහේලගෙන් දෙස් විදෙස් ක්‍රීඩකයන්ට ඉගෙන ගත හැකි පාඩම් පිළිබඳ ක්‍රිකට් ප්‍රවීණයෝ දක්වන අදහස් සමුච්චයකි මේ.
ප්‍රේමසර ඈපාසිංහ
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක
“මා මහේල ජයවර්ධන දැන හඳුනාගෙන සිටිනුයේ 1990 දශකයේ සිටයි. එවකට මහේල නාලන්දා විදුහල නියෝජනය කරමින් පෑ දස්කම් නිසා ඔහු ඉක්මනින් ජාතික ක්‍රිකට් පිලට එක්වන බව මා දැන සිටියා. මේ යුගයේදී ඉන්දියාවේ හිටපු ක්‍රීඩක සුනිල් ගවස්කාර් “බොම්බේ ජිම්කානා පිල සමග දකුණු අප්‍රිකාවට යෑමට ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු තෝරා දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියා. මා ඒ සඳහා මහේල සහ තිලාන් සමරවීර නිර්දේශ කළා. එය කොතරම් නිවැරදිදැයි වර්තමානයේදී ඔප්පු වී අවසන්.
මහේල කියන්නේ නාලන්දාවෙන් බිහිවූ විශිෂ්ටතම නායකයා. එය නිසැකවම කිව හැකියි. බොහෝ දෙනෙක් ඔහුගේ ක්‍රිකට් දස්කම් ගැන පමණක් කතා කරත් ඔහුගේ විශිෂ්ට ගතිගුණ අප ඇගයිය යුතුයි. ඔහු ක්‍රිකට් පිටියේ සහ ඉන් පිටතදීත් නිබඳව සිය මහත්මා ගුණය පෙන්වන ක්‍රීඩකයෙක්. ගුරුවරුනට වැඩිහිටියනට ගරු කරනා මහේල ජයවර්ධනගේ මුළු ජීවිතයම තරුණ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආදර්ශයක්.
පිතිකරුවෙක් සහ පන්දු රකින්නෙකු විලස ඔහු පෑ දස්කම් ඉතා විශිෂ්ටයි. ඔහු ශ්‍රී ලංකා පිල ඉතා අසීරු අඩියකට පත්වූ අවස්ථා ගණනකදීම සිය පිතිහරඹය මගින් කණ්ඩායමට ජය ගෙන ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ මහේල පසුකාලීනව තමාට වඩා
කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ නිහතමානීව ක්‍රීඩා කළ බව පැවසිය යුතුයි. මහේලගේ අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වූ බව පැහැදිලියි. මහේලගේ පියා සෙනරත් ජයවර්ධන ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ ආභාෂය ඔහුට ලැබෙන්නට ඇති. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සමුගත යුතු අවස්ථාව ඇඟට දැනෙනවා. තම දස්කම් ඉහළ තලයක තිබෙන, තමාට ඉල්ලුමක් තිබෙන අවස්ථාවක සමුගැනීම උදාර ක්‍රීඩකයෙකුගේ ලක්ෂණයක්. සිංහල ක්‍රීඩා සමාජය පිල අතීතයේ නියෝජනය කළ ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, වැනි කීර්තිමත් පුද්ගලයන් සමග මහේල ජයවර්ධනගේ නමත් ඉතිහාසගත වීම ස්ථීරයි.
රෝයි ඩයස්
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක
මහේල ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් බඳු චරිතයක්. වර්තමානයේ ඔහු ජාතික කණ්ඩායම වෙනුවෙන් ඉටුකර ඇති මෙහෙය අනුපමේය බව පැවසිය හැකියි. කොළඹ නාලන්දා විදුහලට ක්‍රීඩා කරන සමයේ සිට ඔහු ජාතික වශයෙන් අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්ව තිබූ බව රහසක් නොවේ. මා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කරනා සමයේදී මහේල එම කණ්ඩායමට ක්‍රීඩා කළා. ඒ යුගයේ සිටම ඔහු ජාතික පිලට එකතු වන බව සැවොම දැන සිටියා.
නායකයෙකු ලෙස මහේල විශිෂ්ට දස්කම් පෙන්වා තිබෙනවා. එපමණක්ද නොවේ ඔහු තම අත්දැකීම් ඊට පසු නායකත්වය ලද ක්‍රීඩකයන්ට හොඳින් ලබා දී තිබෙනවා. මහේල ටෙස්ට් තරග සඳහා පමණක් උචිත ක්‍රීඩකයෙකු නොවේ. ඔහු එක්දින තරග සහ 20-20 තරගවලදී සිය දස්කම් උපරිම ලෙස දක්වා තිබෙනවා. වර්තමාන ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයේ කොඳු නාරටිය මහේල සහ සංගක්කාර බව සැක නැහැ. මහේල, අර්ජුන, සනත්, මාවන් වැනි ප්‍රකට ක්‍රීඩකයන් සමග ක්‍රීඩාකර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඔහු සමුගැනීමට සූදානම් වන මොහොතේ ඔහුට ආදේශකයෙකු නොමැති බව අපට වැටහෙනවා. අතීතයේ සිටම ශ්‍රී ලංකා පිල පිතිකරු යුගළයන් සඳහා ප්‍රසිද්ධයි. මා ක්‍රීඩාකළ යුගයේ දුලිප් - රෝයි ඉන්පසු අර්ජුන - අරවින්ද, සනත් - මාවන් දැන් මහේල - සංගක්කාර. මේ සුසංයෝගය මහේල සමුගැනීම සමග නිම වෙනවා.
තරුණ ක්‍රීඩකයන්ට ඔහු හොඳ ආදර්ශයක්. ඔහුගේ දකුණත් පිතිහරඹය හරියට ක්‍රිකට් පාඩමක් වගේ. පුහුණුකරුවන්ට පවා ඔහු උදාහරණයක්. මහේලගේ ක්‍රීඩා දිවියේ විශිෂ්ටත්වය ලෙස මා දකිනුයේ පිටියේදී ඔහු කිසිදු පන්දු යවන්නෙකුට යට නොවීමයි. කොටින්ම මහේල විකට්ටුවේ සිටින විට තරගය පාලනය කරන්නේ ඔහුයි. ප්‍රතිවාදීන්ට තියෙන්නේ පන්දු යැවීම සහ පන්දු රැකීම පමණයි. මෙම තත්ත්වය නවක ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක්. පසුගියදා පැවැති ද. අප්‍රිකාව සමග වූ 2වැනි ටෙස්ට් තරගයේදී නවක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ගොඩනැගීමට මහේල දැක්වූ දායකත්වය හොඳින්ම පෙනුණා. මහේල පමණක් නෙවෙයි සංගක්කාරද තව කලක් ජාතික පිලට ක්‍රීඩා කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.
ලයනල් මෙන්ඩිස්
ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරු
මහේල සහ මා අතර තියෙන්නේ ගමෙන් එන සබැඳියාවක්. මහේලගේ මව හා මා අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි අයයි. මේ හිතවත්කම් නිසා මහේල මා ළඟට පැමිණෙන්නේ වයස 8දීයි. එහිදී මා ඔහුගේ සහජ හැකියාව හඳුනාගත්තා. එතැන් සිට වයස අවුරුදු 16වනතුරු මහේල මා ළඟ පුහුණු වුණා. ඔහු අදටත් විවේකයක් ලද විගස මා සොයා ගෙන එනවා.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු නාලන්දාවේ 13න් පහළ පිලේ සිට ඉහළට ඇති සෑම කණ්ඩායමකම ක්‍රීඩා කළා. පාසල් වියේදීම මහේල ජාතික පිලට එක්වන බවට ලකුණු පෙන්නුවා. විශේෂයෙන්ම දකුණත් පිතිකරුවෙකු ලෙස ඔහු විදහා පෑ කුසලතාව අන් කිසිවෙකුට දවෛනි වන්නේ නැහැ. අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම සිටින සුපිරි දකුණත් පිතිකරුවා වනුයේ මහේලයි. එහි සැකයක් නැහැ. ඔහු දෙස බලා ඉගෙන ගැනීමට තිබෙන දේ බොහෝයි. අතීතයේ සිට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන කොලින් කවුඩ්‍රි, ලෙන්හටන්, ටෙඩ් ඩෙක්ස්ටර්, සුනිල් ගවස්කාර්, නෝමන් ඕනිල්, විජය මර්චන්ට් වැනි ප්‍රකට පිතිකරුවන්ට සමකළ හැකි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයා මහේල බව සැක නැහැ.
මහේල පන්දුවට පහර දෙනු බැලීමට තමා සැතපුමක් පයින් යෑමට සූදානම් බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් ප්‍රකාශ කිරීම, ඔහුගේ දස්කම්වලට ලද සම්මානයක් බඳුයි. මහේල සහ සංගක්කාර දෙදෙනා සිටින විට ශ්‍රී ලංකා පිතිකරණ බලමුළුවට ශක්තියක් වෙනවා පමණක් නොවෙයි අලංකාරද වෙනවා.
මේ විශිෂ්ට ක්‍රීඩකයාට තව වසර ගණනක් ක්‍රීඩා කළ හැකි උනත් සිය දස්කම් උපරිම තලයේ ඇති විට සමුගැනීම ඔහුගේ ගුරුවරයෙකු ලෙස මා අනුමත කරනවා. තව දිගු කලක් ක්‍රීඩා කළ හැකිව තිබි සනත් ජයසූරිය වැනි ක්‍රීඩකයන්ට ඇතැම් පාර්ශ්වයන් සිදුකළ කෙනෙහිලිකම් අපට මතකයි. එනිසා මහේල සමුගැනීමට ගත් තීරණය නිවැරදි යැයි මා සිතනවා.
මහේල වැනි විශිෂ්ට ක්‍රීඩකයෙකු බිහිවීමට තව කලක් ගත විය හැකියි. ඔහුගේ පළමු පුහුණුකරුවන් අතර මා සිටින මුත් මහේල නම් සුපිරි ක්‍රීඩකයා බිහිවන්නට පසුකාලීනව ඔහුට මුණ ගැසුණ පුහුණුකරුවන් විශාල වශයෙන් දායක වූ බව මගේ හැඟීමයි.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

0 comments:
Post a Comment