facebook like

තරුණ වෙන්න දුන් එන්න විස වී 47 හැවිරිදි වෛද්‍යවරිය මිය ගිහින්

රූපලාවණ්‍යාගාරයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් එන්නතක් ලබාගත් වෛද්‍යවරියක ලබාගත් එම එන්නත විසවීම හේතුවෙන් මරණයට පත්වීමේ පුවතක් ඊයේ (12දා) බම්බලපිටියෙන් වාර්තා වේ.
කොළඹ විශාකා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් නමැති මෙම රූපලාවණ්‍යාගාරයෙන් මෙකී වෛද්‍යවරියට ප්‍රතිජීවක එන්නතක් ලබාදී ඇති බවත් ඉන් අනතුරුව එම එන්නත විසවීම හේතුවන් ඇය මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය. මෙම රූපලාවණ්‍යාගාරය, ශ්‍රී ලංකාවේදී වෛද්‍ය උපාධිය ලබා ඇමෙරිකාවේදී විශේෂ පුහුණුවක්ද ලැබූ වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගොස් ඇති බවද එම නිලධාරියා පැවසීය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මියගිය අය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරනු ලැබූ 47 හැවිරිදි පී.ඒ. ප්‍රියංගනී නමැති වෛද්‍යවරියක බවයි.

ඇය පුරුද්දක් වශයෙන් කලක සිට මෙම රූපලාවණ්‍යාගාරයට පැමිණ ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වන බව ඒ මහතා පැවසීය.
සමේ පැහැපත්කම වැඩි කිරීම, මේදය ඉවත් කිරීම, රූපලාවණ්‍ය සත්කාර යනාදී ප්‍රතිකාර මේ ස්ථානයේදී සිදු කෙරෙන බව සඳහන් වේ.
මේ සිද්ධියට අදාළව එම වෛද්‍යවරියට ප්‍රතිජීවක ලබාදුන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැති බවත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු බම්බලපිටිය පොලිසිය විසින් පවත්වනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive