facebook like

වෙරළේදී රවටාගෙන ගොස් සමූහ දූෂණයට ලක්කළ සිසුවියන් දෙදෙනාගේ කතාව

කළුතර ප්‍රදේශයේ  පිහිටි මිශ්‍ර පාසලක  ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්‍ය තුළ මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය.
දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිෙදනීය සිදුවීම් ගැන  පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කළේ  ඒ තුළින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි   දරුවන් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත් කම ගැන නිරන්තරයෙන් සිහිපත් කර දෙමිනි. දරුවන් අනාරක්ෂිත වන්නේත් ඒ අය අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේත් කෙසේදැයි ඒ සෑම අවස්ථාවකම දෙමාපියන් ඇතුළු සමාජය දැනුවත් කිරීමට ජනමාධ්‍ය පියවර ගත්තත් එවැනි සිදුවීම් වාර්තා වීම දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් සිදුවන්නේද යන්න සැක සහිතය.  ඒ බව සනාථ කරන ආසන්නතම සිද්ධිය වන්නේ කළුතර ඉහත කී පාස‍ලේ   සිසුවියන් දෙදෙනා සමූහ  දූෂණයකට ලක්වීමේ සිද්ධියයි.
එම සිසුවියන් දෙදෙනා තවමත් දහහතර වැනි වියේ පසුවන්නියන්ය. ඔවුන් ඉගෙනුම ලබමින් සිටියේ 9 වන ශේ්‍රණියේය. ඒ දෙදෙනාම මොරගහහේන නම් ප්‍රදේශයේ පදිංචිකාරියන් වූහ. ඉකුත් 25 වෙනිදා මේ සිසුවියන් දෙදෙනා පාසල් යන්නට සුදු ඇඳුමින් සැරසී නිවෙස්වලින් පිටව එන්නේ පාට ඇඳුමක් බැගින්ද ‍පොත් බෑගයේ සඟවාගෙනය. මෙලෙස පාට ඇඳුමක් ‍පොත් බෑගයේ සඟවාගෙන ඒ දෙදෙනා පාසල්  ගිය පළමු අවස්්ථාව  එය නොවන බවද හෙළි වී තිබේ.
එදා පාසල් යන්නට යැයි කියා නිවෙස්වලින් පිටත්ව ආවත් ඔවුන් යන්නේ පාසලට නොව,  පාසල කිට්ටුව ඇති අතහැර දැමූ, පාළු  පුස්තකාල ගොඩනැගිල්ලකටය. එහි ගොස් සුදු ඇඳුම ගලවා දැමූ ඔවුහු ‍පොත් බෑගයේ සඟවාගෙන පැමිණි පාට ඇඳුම ඇඟලා ගත්තෝය. අනතුරුව ඒ දෙදෙනා පුස්තකාල ගොඩනැගිල්ලෙන් එළියට බසින්නේ ‍පොත් බෑගය සුදු ඇඳුම්ද සමග එහි තැනක සඟවාය.
මේ එක් සිසුවියක් සතුව ජංගම දුරකථනයක්ද තිබුණි. ඇය සතුව ජංගම දුරකථනයක් ඇතැයි ඇගේ දෙමාපියන්ද දැන සිට නැති බව අනාවරණය වී තිබේ. ඇය එම ජංගම දුරකථනය රැගෙනවිත් තිබුනේද ‍පොත් බෑගයේ සඟවාගෙනය.
පාසලට කට්ටි පැන එදා මේ දෙදෙනා යන්නේ පානදුර මුහුදු වෙරළටය. ඒ මොරගහහේනේ සිට බස් රථයක නැගීය. ඒ පැමිණි දෙදෙනා මුහුදු වෙරළේ විනෝද වී පාසල නිමවෙන වේලාවට නැවතත් මොරගහහේනට ගියේය.  අනතුරුව පුස්තකාල ගොඩනැගිල්ලට රිංගුවේ පාට ඇඳුම උනා දමා සුදු ඇඳුම ඇඳගන්නටය.
සිසුවියන් දෙදෙනාට තරු පෙනුණේ එවිටය. ‍පොත් බෑග් දෙක සඟවා තැබූ තැනින් අතුරුදන්ය. ගරා වැටුණු පුස්තකාල ගොඩනැගිල්ලම පීරා ‍පොත් බෑග දෙක සෙව්වත් එය එහි සොයාගන්නට නොවීය.
මෙහෙම ගෙදර ගියොත් අපි දෙන්නව ගෙදර අය ගහල මරයි, දැන් අපි මොකද කරන්නේ එකිනෙකා බියෙන් වෙව්ලමින් මුමුණන්නට විය.
අවසානයේදී ඔවුහු අපූරු තීරණයකට එළඹුනාහ. ඒ නිවෙස්වලට නොයා පැන යන්නටය.
 ඒ යැයි කියා ඔවුන්ට යන්නට තැනක් නොවීය. දැන සිටි එකම තැන මුහුදු වෙරළ පමණි. එබැවින් ඒ දෙදෙනා නැවතත් යන්නේ පානදුර වෙරළටය.
වෙරළ ආරක්ෂක නාවික සෙබළෙකුගේ උකුසු ඇස් මේ සිසුවියන් දෙදෙනා වෙත යොමුවන්නේ  ඒ අතරතුරදීය. වෙරළේ අනාරක්ෂිතව සිටින ඒ සිසුවියන් ගැන ‍පොලීසිය හෝ තම ප්‍රධානීන් දැනුවත් කරනවා වෙනුවට ඔහු ඒ සිසුවියන් බිය ගන්වා එක් අයෙකු වැටකෙයියා ගාලකට  ඇදගෙන යන්නේ තම පහත් ආශාවන් සංසිඳුවා ගන්නටය.
එදා රාත්‍රිය පානදුර වෙරළේ වැටකෙයියා ගාලක ගතකරන මේ සිසුවියන් පසුදින උදෑසන වෙරළ දිගේම කළුතර දක්වාම ඇවිදගෙන ආහ. එදා දහවල් මේ දෙනො සිටින්නේ උතුරු කළුතර වෙරළේය. වෙරළේ ඒ මේ අත කරක් ගසමින් සිටි තරුණයන් දෙදෙනකුගේ අවධානය ඔවුන් වෙත යොමු වන්නේ ඔය අතරතුරදීය. තමන්ට සිදුවූ අකරතැබ්බ පවා සිසුවියන් දෙදෙනා එම තරුණයන්ට පවසන්නට වූයේ ඔවුන් දෙදෙනා කුළුපග වීමෙන් පසුවය. වෙරළේදී හමුවූ නාඳුනන තරුණයන් දෙදෙනකුගෙන් රැකවරණයක් බලාගෙන මේ සියල්ල නොසඟවා පැවැසුවද ඔවුන් ද මේ අය රවටා අයුතු ප්‍රයෝජන ගත්තා මිස කිසිදු උදව්වක් කිරීමට වුවමනාවක් මේ තරුණයන්ට නොවීය. නැවතත් හමුවන බව පවසමින් ඒ අය එදින සවස් යාමයේ සිසුවියන් දෙදෙනාට සමුදෙන්නේ  දුරකථන අංක පවා ලබාගෙනය.
පැයක් හමාරක් ගිය තැන නැවත ඒ තරුණයන් දෙදෙනා සිසුවියන් සොයාගෙන වෙරළට එන්නේ ත්‍රිරෝද රථයක නැගීය. ඒ පැමිණි ඔවුහු සිසුවියන් දෙදෙනාව එහි නංවාගත්තෝය. එම තරුණයන්ගේ කීමට ඇහුම්කන් දෙනවා විනා සිසුවියන්ට වෙන කරන්නට දෙයක් නොවීය. ඒ බව තරුණයන් දෙදෙනාද දැන සිටියේය. ඒ අයට සිසුවියන් දෙදෙනා පහසුවෙන්ම තම බහට අවනත කරගෙන රැගෙන යන්නට හැකි වන්නේ එබැවිනි.
එසේ ඒ දෙදෙනාව රැගෙන යන්නට වූයේ කළුතර සේරුපිටිය ප්‍රදේශයටය. එහි රබර් කැලෑවකට සිසුවියන් දෙදෙනාව රැගෙන යන ඔවුන් තවත් මිතුරන් තිදෙනෙකුද  සමග එක්ව ඒ අයව සමූහ  දූෂණයට ලක් කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
අනතුරුව නැවතත් එම ත්‍රිරෝද රථයේම සිසුවියන්ව නංවාගන්නා ඔවුන් කළුතර උතුරේ මුහුදු වෙරළ කිට්ටුව ඇති හෝටලයකට රැගෙන ආවෝය. එහි කාමරයක් වෙන්කරගෙන තවත් පැය කිහිපයක් සිසුවියන් දෙදෙනා දූෂණය කළෝය.
එදා හෝටල් කාමරයේ රැය පහන් කළ සිසුවියන් දෙදෙනාට නැවතත් සිදුවන්නේ වෙරළට යන්නටය. ඔවුන් දෙදෙනා මනුස්සකමක් ඇති තරුණයෙකුගේ අවධානයට ලක්වූයේ එම අවස්ථාවේය. එම තරුණයා වෙරළේ අනාරක්ෂිතව සිටින ඒ සිසුවියන් දෙදෙනා ගැන කළුතර උතුර ‍පොලීසියට දැනුම් දුන්නේය.
ඒ අනුව කළුතර උතුර ‍පොලීසියේ නිලධාරීහු  වහාම ක්‍රියාත්මක වූහ. දින තුනක් තිස්සේ එම සිසුවියන් විවිධාකාර පුද්ගලයන්ගේ බිය ගැන්වීම්වලටත්, රැවටීම්වලටත්, අතවර සහ සමූහ දූෂණයටත් ලක්ව ඇති බව හෙළිවන්නේ ‍පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඒ වන විට එම සිසුවියන්ගේ දෙමාපියන් තම දියණියන් දෙදෙනාගේ අතුරුදන්වීම ගැන මොරගහහේන ‍පොලීසියට පැමිණිල්ලක් පවා ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ලට අනුව දිවයිනේ සෑම ‍පොලීසියකටම ඒ වන විටත් එම දරුවන් ගැන ‍පොලිස් පණිවුඩයක්  යවා තිබුණේය. එම පණිවුඩය කළුතර උතුර ‍පොලීසියටද ලැබි තිබුණු බැවින් එම සිසුවියන්ගේ අනන්‍යතාව පැහැදිලිව හඳුනාගන්නට ‍පොලීසියට අපහසු වූයේ නැත.
ඒත් සමගම කළුතර උතුර ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස්  පරීක්ෂක ප්‍රශාන්ද සිල්වා මහතා ක්‍රියාත්මක විය. තම උසස් නිලධාරීන් වන නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ  ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු, සහකාර ‍පොලිස් අධිකාරී සුගත් ගලගමගේ යන මහත්වරුන්ට ඒ බව දැනුම් දී ඒ අයගේ උපදෙස්ද ඇතිව සිසුවියන් දෙදෙනා සම්බන්ධ පරීක්ෂණ ප්‍රශාන් ද සිල්වා මහතා විසින් පවරනු ලබන්නේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ‍පොලිස් පරීක්ෂිකා අමාලි රත්නායක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක පද්මසිරි කුලතුංග ඇතුළු කණ්ඩායමකටය.
ඒ අය මුලින්ම අත්අඩංගුවට ගන්නේ කළුතර වෙරළ තීරයේ හෝටල් කළමනාකරුවය. ඒ සිසුවියන් දෙදෙනා බාල වයස්කාරියන් බව දැන දැනම හෝටලයේ කාමරයක් වෙන්කර දී ඒ අයව දූෂණය කරන්නට තරුණයන් දෙදෙනාට ආධාර හා අනුබල දීමේ චෝදනාවටය. ඒත් සමගම එම තරුණයන් දෙදෙනාවද, පානදුර වෙරළේදී සිසුවියක් මුලින්ම අපයෝජනයකට ලක් කළ නාවික හමුදා සෙබළාවද අත්අඩංගුවට ගැනිණි. පසුව හමුදා සෙබළා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගත්තේය.
ඒ අය සතුව තිබුණු ජංගම දුරකථනයක සිසුවියන් දූෂණය කිරීමේදී එය රූගත කළ දර්ශනද තිබි සොයා ගන්නට ‍පොලිස් කණ්ඩායමට හැකි විය.

ගයාන් කුමාර වීරසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive