එක්තරා ගමක විසූ 'පනම්ගල විදානේ' නම් පුද්ගලයකු සතුව 'පෙට්ටගමක්' තිබිණි. ඉබි යතුරු ලා ඔහු එය පණ මෙන් රැක්කේය. මේ පෙට්ටගමේ වටිනා රන් - රිදී - මුතු - මැණික් ඇතැයි සිතූ ඔහුගේ දරුවෝ ඒ සම්පත්වලට ලොබ බැඳ පනම්ගල විදානේට ඉහළින්ම සැලකිලි දැක්වූහ. විදානේ මියගිය පසු පෙට්ටගම විවෘත කළ දරුවන්ට දැක ගැනීමට ලැබුණේ 'පොල්ලෙලි' ගොඩක් පමණි.
පනම්ගල විදානේගේ පෙට්ටගම සිහියට නැඟුණේ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ජ. වි. පෙ. නායක අනුර කුමාර දිසානායක මෙරට විදේශ සේවාවේ තොරතුරු රැසක් අනාවරණය කිරීම නිසාය.
ගෝලීයකරණය වූ මේ ලෝකයේ රටකට අතිශයින් වැදගත් වන විදේශ ප්‍රතිපත්තියට අදාළ විදේශ සේවාවට වගකීම් සම්භාරයක් පැවැරේ. එහෙත් ඉතිහාසයේ කිසි කලෙක නොවූ විරූ අන්දමින් විෂය භාර ඇමැතිවරයා වෙතින් ගිලිහී ගොස් ඇති විදේශ කටයුතු කිසියම් අදෘෂ්‍යමාන හස්තයකින් හසුරුවන බව මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාගේ චෝදනාවයි. මෙබඳු විදේශ සේවාවකට, ශක්තිමත් අන්දමින් ජාත්‍යන්තරයට මුහුණදිය නොහැකි බවත්, ශ්‍රී ල. නි. ප.යේ ශාඛා සමිතියක් බවට අපේ විදේශ සේවාව පත්ව ඇති බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබුණේ ඊට සාක්කිද ඉදිරිපත් කරමිනි.
මෙරට නියෝජනය කරමින් විදේශ රටවල තානාපති ධුර දරන 49 දෙනාගෙන් 11 දෙනකු හැර අන් සියල්ලක්ම දේශපාලන පත්වීම් බව අනාවරණය වී ඇත. පරාජිත හා විශ්‍රාමික දේශපාලනඥයන්, දේශපාලන හෙංචයියන්, දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්, දූ දරුවන් හා ඥාතීන් ඔවුන් අතර සිටින බව පැහැදිලිය. පිල් මාරුවට ප්‍රකට දේශපාලනඥයන් වන සරත් කෝන්ගහගේ ජර්මනියේ තානාපතිවරයා වන අතර ඉතාලියේ තානාපතිවරයා ලෙස ශ්‍රී ල. නි. ප. සංවිධායකවරයකුව සිටි හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බැනට් කුරේ කටයුතු කරයි. එ. ජා. ප.යේ සිට පිල් මාරු කළ එච්. ආර්. පියසිරි මියන්මාරයේ තානාපතිවරයාය.
ල. ස. ස. ප.යේ සිට ශ්‍රී ල. නි. ප.යට කරණමක් ගැසූ ඇමැති අතාවුද සෙනෙවිරත්නගේ පුතකු වන බුද්ධි අතාවුද නෙදර්ලන්තයේද, දේපොළ අලෙවි කිරීමේ නියුතු ව්‍යාපාරිකයකු වන ඒ. එස්. පී. ලියනගේ නයිජීරියාවේද තානාපතිවරු ලෙස කටයුතු කරති. පිල් මාරු කළ රවින්ද්‍ර රන්දෙණියගේ දියණිය උමයංගනා රන්දෙණිය සිංගප්පූරුවේ තානාපති සේවයට අනුයුක්ත කර තිබේ. සී. බී. රත්නායක හා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරුන්ගේ පුත්‍රයෝ පිළිවෙළින් රුසියාවේ හා නිව්යෝර්ක්හි සේවය කරති. මෙහි දැක්වූයේ ඒ දේශපාලන පත්වීම් 35 අතරින් කිහිපයක් පමණි.
විදේශ කටයුතු පිළිබඳ ප්‍රාමාණික දැනුමැති නිලධාරීන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයට ගාල් කර තබා විෂය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඥාති හිතමිත්‍රාදීන්ට මෙලෙස තනතුරු බෙදා දී ඇති බවට මන්ත්‍රි අනුර කුමාර දිසානායක නඟන චෝදනාව 'මඩ' කියා ඉවත දැමිය නොහැකිය. මෙරට විදේශ සේවාවේ සිටින නිලධාරීන් 156 දෙනකු අතුරින් 72ක් විදේශ අමාත්‍යංශයේ රඳවා තබා විදේශ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ගැනීම පිණිස පිටරට උපදේශන ආයතනවලට ලක්ෂ ගණනින් මුදල් ලබාදෙන බවට මන්ත්‍රිවරයා නඟන චෝදනාව සුළුකොට තැකිය යුතු නැත. තානාපති සේවයේ රාජකාරි කටයුතුවලදී නිල ලිපියක් සකස් කරගැනීමට හැකියාවක් නැති නිලධාරීන්ගෙන් තානාපති කාර්යාල පුරවා ජනතාවගේ බදු මුදල් උපදේශන සමාගම් පොහොසත් කිරීමට 'පොම්ප කිරීම' කිසිසේත් අනුමත කළ හැකි නොවේ.
රජයේ ප්‍රතිරූපය නංවා ගන්න පිටරට ප්‍රචාරක සමාගම්වලට ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනින් වැය කරන බවටද වරින් වර චෝදනා එල්ල විය. මේ සියලු කරුණු කාරණා එකින් එක ගෙන විමසා බලනවිට ඒවා හුදෙක් විපක්ෂයේ 'මඩ' හෝ 'බොරු' කියා අත පිසදා ගැනීමට කොහෙත්ම ඉඩක් නැත. විදේශ සේවය සමඟ සෙල්ලම් කිරීම යනු රටක් පරදුවට තැබීමක් බව නොකිවමනාය.
mawbima -

0 comments:
Post a Comment