අසත්‍ය චෝදනා එල්ල කරමින් තමන්ගේ කීර්ති නාමයට හා චරිතයට හානිවන ප්‍රකාශ කළේ යෑයි පවසමින් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා රුපියල් කෝටි සියයක වන්දි මුදලක් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත එන්තර වාසියක් යවා ඇත.
එන්තරවාසිය ලැබී සති දෙකක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට ඥානසාර හිමියන් අපොහොසත් වන්නේ නම් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර උන්වහන්සේගෙන් මෙම වන්දි මුදල සහ අනෙකුත් නීතිමය සහන ලබා ගැනීමට කටයුතු කරන බවද එන්තරවාසියේ සඳහන් වේ.
නීතිඥ සනත් වීරරත්න මහතා මගින් ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම එන්තරවාසිය ඊයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත යවා ඇත.
මෙම එන්තරවාසිය ලැබී සති දෙකක් ඇතුළත රුපියල් කෝටි සියයක වන්දි මුදල ලබාදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපොහොසත් වුවහොත් උන්වහන්සේට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා එම වන්දි මුදල සහ අනෙකුත් සහන ලබා ගැනීමට කටයුතු කරන බවද රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් නීතිඥ සනත් වීරරත්න මහතා ප්‍රකාශ කර ඇත.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් රැසක් හමුවේ පසුගිය 5 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සිය සේවාදායක ඇමැති රාජිත සේනාරත්න මහතාගේ කීර්ති නාමයට හා චරිතයට සෘජුව හා වක්‍රව හානිවන ප්‍රකාශ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ප්‍රකාශකර ඇතැයි ද නීතිඥ සනත් වීරරත්න මහතා එන්තරවාසියේ සඳහන් කර ඇත.
රාජිත සේනාරත්න මහතා විසින් එවූ එන්තරවාසිය ලැබුණාදැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් "දිවයින" කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ කීහ.
"තවම එහෙම එන්තරවාසියක් ලැබිලා නෑ. එන්තරවාසි එකට දහයක් එවන්න කියන්න. කෝටි සීයක් තියා සත පහක්වත් දෙන්නෙ නෑ.
රුපියල් කෝටි සියය නොදුන්නොත් අධිකරණය ඉදිරියේ නඩු දමා අයකර ගන්නා බව ඇමැතිවරයාගේ එන්තරවාසියේ සඳහන් යෑයි "දිවයින" යළි උන්වහන්සේගෙන් විමසද්දී උන්වහන්සේ මෙසේ කීහ.
"අධිකරණය හමුවට යන්න ලෑස්තියි. ලංකාවේ නොවේ ජිනීවා ගිහින් නඩු දැම්මත්, ජාත්‍යන්තර අධිකරණය හමුවට යන්න වුණත් මම ලෑස්තියි. අපි ඕවා ගණන් ගන්නේ නැහැ. එයාට තව දඟලන්න කියන්න. එතකොට අපි තව තව දේවල් හෙළිදරව් කරන්නම් යෑයි උන්වහන්සේ කීහ.

0 comments:
Post a Comment