facebook like

මට පහසුවෙන් ඡන්ද ලක්ෂ 3ක් ගන්න පුළුවන් – නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෞද්ගලිකව සහතික වන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.

ජයසූරිය මහතාගේ ආරක්ෂාව සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කිරිම සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඒ පිළිබඳව අධිකරණය සෑහීමකට පත්වන බව ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පසුපස සැකකටයුතු පිරිසක් පැමිණෙන බවත් ඉන් සිය ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුව ඇති බවත් දක්වමින් ගොනු කළ පැමිණිල්ල පිළිබඳ විභාගය අද යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවනු ලැබිණි.

පසුගිය සිකුරාදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් පරිදි අද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු පැහැදිලි කළේය

ඔහු අධිකරණයට දන්වා සිටියේ නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 27 දෙනෙකු යොදවා ඇති බව ය.
නමුත් පෞද්ගලික ආරක්ෂාවට දෙදෙනෙකු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා බව ඔහු පෙන්වා දුන්නේය.

විදේශගතව සිටින ලේකම්වරයා අද පැමිණීමට නියමිත බවත් ඔහු දැනුවත් කිරීමෙන් පසුව ඉදිරි පියවර ගන්නා බව ත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

අනුර සේනානායක මහතා පැවසුවේ, පසුගිය 31 වන දා උපුල් ජයසූරිය මහතා පසුපස පැමිණි බව කියන පිරිස ආවේෂණ රාජකාරී කළ බුද්ධි අංශ නිලධාරීන් බව ය.

නීතිඥ සංගමය ලබාදුන් ඡායාරූප පරීක්ෂා කිරීමෙන් පසුව එය තහවුරු කළ බව ඔහු දැනුම් දුන්නේය.

නමුත් ජුලි මස 15 වන දා කළ මූලික පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවලට අනූව ජයසුරිය මහතා පිටුපස යතුරු පැදියක් පැමිණ ඇති බව තහවුරු වන බව ද සේනානායක මහතා සඳහන් කරනු ලැබිණි.

ඔහු කියා සිටියේ තමා සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශ මත මෙම පරීක්ෂණ මෙහෙයවීමෙන් ඉවත්වූ බව ය.

මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා යටතේ පරීක්ෂණ සිදුවන බව අනුර සේනානායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, තමන්‍ පිළිබඳ මහජනතාව පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන බැවින් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ලක්ෂ 3ක ඡන්ද ප්‍රමාණයක් පහසුවෙන් ලබා ගත හැකි බව ය.

වැඩිදුර විභාගය මේ මස 25 වනදා දක්වා කල් තැබුණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive