දශක ගණනාවක් පුරා රට පාලනය කළ රාජ්‍ය නායකයන් ඇතුළු මැති ඇමැතිවරුන් බොහෝ ගරුසරු දක්වන භික්ෂුවක් වේ නම් ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙස ප්‍රසිද්ධියට පත් ගලබොඩ ඥානිස්සර නාහිමිය. උන්වහන්සේගේ වචනයට පිටුපාන ප්‍රභූවරයකු රටේ නැති තරම්ය. සෘජුපටි ගුණයෙන් අගතැන් පොඩි හාමුදුරුවන් ප්‍රකට වී සිටින්නේ කිසිවෙකුට බිය නැති භික්ෂුවක් ලෙසය. පහත දැක්වෙන්නේ සිය ඇසුරේ හැදී වැඩුණු රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් පිළිබඳ උන්වහන්සේ හෙළිකරන තොරතුරු ඇතුළත් ලිපි පෙළක පළමු කොටසය.
ඔබ වහන්සේගේ ගම?
මාතර, ගලබොඩ
දැන් වයස?
අවුරුදු හැත්තෑවක් වෙනවා
උපන් දිනය?
එක්දහස් නවසිය හතළිස් තුනේ දෙසැම්බර් දාහතර වැනිදා
මහණ වන විට වයස කීයද?
අවුරුදු දහයයි
ඉස්කෝලේ ගියේ
කපුදූව ඉස්කෝලේ හතරවැනි පන්තිය දක්වා ඉගෙන ගත්තා. ඉස්කෝලෙන් අස්වෙලා ගියේ පැවිදි වෙන්න.
පැවිදි වෙලා ඉගෙන ගත්තේ කොහේද?
මම විදේයාදය විශ්වවිද්‍යාලයේ උපාධිය සමත් වුණා. ඒ කාලයේ මට ඕනෑ වුණේ ආචාර්ය උපාධි ගහගන්න නොවේ. ඇස් පේන්නේ නැති නායක හාමුදුරුවෝ රැක බලා ගන්නයි මම මහන්සි වුණේ.
මට පන්සල භාර වූයේ අඩු වයසේදී. එවැනි වයසකදී විශාල වගකීමක් ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. එහෙම ලැබුණත් හට්ටිය මුට්ටිය බිඳගන්නේ නැතිව බේරුනෙත් කලාතුරකින්. ඉතින් මම හට්ටිය මුට්ටිය බිඳ ගන්නේ නැතිව එදා වෙනකම් අද වෙනතුරා කම්කරුවා වගේ හැමදෙයක්ම කළා. දානේ නැතිනම් කුස්සියට ගිහින් ඉව්වා. වැසිකිළිය හේදුවා. අපට බුදු දහමේ කැසිකිළි වැසිකිළි වත් තියෙනවා. බුදුන් දේශනා කළ න්‍යාය අනුව අපි අපගේ ජීවිත පවත්වාගෙන ගියා.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය දරන්නේ ඔබවහන්සේ. දැන් ඔබ වහන්සේට වයස අවුරුදු හැත්තෑවක්. එනමුත් හැමදෙනාම ඔබ වහන්සේට පොඩි හාමුදුරුවෝ කියලා කතා කරන්නේ ඇයි ?
මගේ නායක හාමුදුරුවන්ගේ ඇස් නොපෙනී ගියේ එක්දහස් නවසිය හැට එකේදී. එතකොට මට වයස අවුරුදු දාසයයි. නායක හාමුදුරුවෝ ගිලන් වුණාම මම අවුරුදු දාසයේ සිට පන්සලේ පරිපාලන වගකීම භාර ගත්තා. ඒ විතරක් නොවේ පිරිත්, පිංකම්, දානමාන කටයුතු, සමාජ සේවා වැඩ කරන ගමන් මගේ අධ්‍යාපන කටයුතු කර ගන්නටත් මට සිද්ධවුණා. ඒ අතරතුරේදී ඇස් පේන්නේ නැති නායක හාමුරුවොත් රැක බලා ගත්තා. ඉතින් අපේ නායක හාමුදුරුවෝ ජීවතුන් අතර සිටියදී මම ගංගාරාමාධිපති කියලා හඳුන්වා ගන්න පුළුවන්ද? මට එහෙම කියා ගන්න අවශ්‍ය වුණේ නෑ. නායක හාමුරුවෝ සිටින නිසා මම පන්සලේ පොඩි හාමුදුරුවෝ වුණා.
නායක හාමුදුරුවෝ අපවත් වුණේ එක්දහස් නවසිය අසූ හතරේදී. ඊට පස්සේ තමයි මම විහාරාධිපති ධුරයට පත් වුණේ. නමුත් හැමදෙනාම මට පරණ විදියටම “පොඩි හාමුදුරුවෝ” කියලා කතා කළා. අද වුණත් බොහෝදෙනෙක් මගේ නම ගලබොඩ ඤාණිස්සර කියලා දන්නේ නෑ. හැබැයි පොඩි හාමුදුරුවෝ කීවානම් මුළු රටම දන්නවා.
podi-hamuduruwo1ඔබවහන්සේ වඩාත් ප්‍රිය කරන්නේ නමින් අමතනවාටද එසේ නැතිනම් පොඩි හාමුදුරුවෝ කියනවටද?
පොඩි හාමුදුරුවෝ කියන නමනේ මිනිස්සු දන්නේ. ඒ නම මට හොඳයි. කොහොමත් මට ලෙටර් හෙඩ් නෑ. ගංගාරාමාධිපති හෝ නායක තනතුරු කවදාවත් මා ලියන්නේ නෑ. කාට හරි ලියුමක් ලීවත් මම කරන්නේ ගංගාරාමයේ රබර් සීල් එක ගහලා. ලියන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ කියලා.
ඔබ වහන්සේ හික්කඩුවේ සුමංගල මාහිමියන්ගේ භික්ෂු පරම්පරාවට සම්බන්ධ වන්නේ කොහොමද?
හික්කඩුවේ නායක හාමුදුරුවෝ පැවැදි වූණේ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ වැඩසිටි තෙල්වත්තේ තොටගමුව රජමහා විහාරයේ. උන්වහන්සේ කොළඹට ඇවිත් තැන් තැන්වල ඉඳලා මාළිගාකන්දේ විදේයාදය පිරිවෙන ආරම්භ කළා. ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ පළමු ගෝලයා වන දෙවුන්දර සිරි ජිනරතන නායක හාමුදුරුවන්ට නියම කළා ගංගාරාමය ගොඩනගන්න. ජිනරතන හාමුරුවන්ගේ ගෝලයෝ තමයි දෙවුන්දර වාචිස්සර, දෙවුන්දර සිරි රතනජෝති, මහගොඩ ඤාණිස්සර, මොරුන්තුඩුවේ ධම්මානන්ද යන නාහිමිවරුන්. හික්කඩුවේ නායක හාමුදුරුවෝ සිරිපාදේ අධිපතිකම කළා. උන්වහන්සේගේ පරම්පරාවේ ගෝලයෙක් හැටියට මොරුන්තුඩුවේ ධම්මානන්ද හාමුදුරුවොත් සිරිපාදේ අධිපතිකම කළා. දෙවුන්දර සිරි වාචිස්සර හා දෙවුන්දර සිරිරතනජෝති හාමුදුරුවන්ගෙන් පස්සේ හික්කඩුවේ හාමුදුරුවන්ගේ පරම්පරාවේ ඉන්නේ මමයි. සුද්දෝ භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ලියාපදිංචි කරන වෙලාවේ අපේ නායක හාමුදුරුවන් වන දෙවුන්දර ජිනරතන නායක හාමුදුරුවන්ගේ නම තමයි මුලින්ම ලියාපදිංචි කළේ.
බේරේ වැවේ පිහිටි සීමා මාලකය අපූර්ව නිර්මාණයක්. කොහොමද එවැනි දෙයක් හැදුවේ?
ඉස්සර බේරේ වැව ගංගාරාමයේ තාප්පය ළඟට තෙක් තිබුණා. තවත් පැත්තකින් වැවේ සීමාව වුණේ එම්පයර් සිනමා ශාලාව පිහිටි ප්‍රදේශයයි. ජේ.ආර්.ජයවර්ධන හා රංජිත් විජයවර්ධනලාගේ ගෙවල් තිබුණොත් වැව කිට්ටුවෙන්.
හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්ට තමයි ඕනෑ වුණේ බේරේ වැවේ සීමා මාලකයක් හදන්න. උන්වහන්සේ භික්ෂූන්ගේ සමගිය අගය කළා. කුල භේදයෙන් තොරව නිකාය භේදයකින් තොරව භික්ෂූන්ට එක් රැස්වෙන්න තමයි සීමා මාලකය හැදුනේ.
මංගල සමරවීර ඔබ වහන්සේ සමග හැප්පුණේත් බේරේ වැවේ ප්‍රශ්නයකටද?
ඒ සිද්ධියට පෙර ඔහු මා සමග ප්‍රශ්නයක් ඇතිකරගත්තා. මම මාතර නූපේට යන විට එහි ගොඩනැගිල්‍ලේ රීප්පවලට බැඳලා තිබුණේ පොල් අතු . ඒවත් දිරලා ඉරටු විතරයි ඉතිරි වෙලා තිබුණේ. මම ප්‍රේමදාස ජනාධිපතිතුමාට කීවා මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න මම මේකේ කාර්මික පුහුණු ආයතනයක් අරඹනවා කියලා. එක සතියකට ළමයි හත් දහසක් බඳවාගෙන ලේකම් පුහුණු පාඨමාලාවක් ආරම්භ කළා. ඒ කාලේ භීෂණය, තුවක්කුවක්, පිස්තෝලයක්, හමුදාව, පොලීසිය නැතිව කවුරුවත් එළියට බහින්නේ නැති කාලයක්. නමුත් මම ළමුන් හත් දහසක් මේ වැඩේට බඳවා ගත්තා. ඒ ළමුන්ට අලුත්ම කම්පියුටර්, ෆොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, ඉලෙක්ටේරානික් ටයිප් රයිටර් දිලා තමයි මේක පටන් ගත්තේ. අපේ සමාජ සේවය මංගල සමරවීරට ඇල්ලුවේ නෑ. එකේ තරහට මෙයා අනූ හතරේදී බලයට ආවාම අපේ පාඨමාලාව වහන්න නියෝග කළා. හැබැයි මම එහේ තියන එක බඩුවක්වත් යළිත් ගෙනාවේ නෑ. මම මොකටද එහෙම කරන්නේ. ඒ සියලු භාණ්ඩ ඉසදීන් ටවුමේ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ගේ ගෝලයන්ට භාර දුන්නා. ඊට පස්සේ තමයි ඔය බේරේ වැවේ සිද්ධිය ආවේ.
එකල මංගල සමරවීර නාගරික සංවර්ධන ඇමැතිවරයා නේද?
ඔව් බේරේ වැව අයිනේ තමයි අපේ ජිනරතන කාර්මික විදුහල තිබුණේ. ඒකේ යූ.ඩි එකෙන් (නාගරික සංවර්ධන අධිකාරිය) ගත්තු එකක්. මෙයාලා මාව වට්ටන්න හිතාගෙන මට විරුද්ධව පිකටින් එකක් කළා. කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චි ඇතුළු චණ්ඩි සමග පවිත්‍රා වන්නිආරච්චිත් ඒ පිකටින් එකට ආවා. මම මේ සිද්ධිය මතක් කරන කොට පවිත්‍රා දැනුත් බයයි. ඒ පිරිස පිකටින් එක කරනකොට මම සද්ද නැතිව හිටියා. අපේ කාර්මික විද්‍යාලයේ කොල්ලොත් මොකක්ද වෙන්නේ කියලා බලාගෙන හිටියා. ටික වේලාවකින් මට කෙනෙක් කතා කරලා කීවා පොඩි හාමුදුරුවනේ් මේ අයගේ ප්ලෑන් එක මොකක්ද කියලා දන්නවාදැයි ඇසුවා. පොඩි හාමුදුරුවෝ දන්නවාද මේ අය ලෑස්ති වෙන්නේ රෑට මෙතැන පදිංචි වෙන්න . ඊට පස්සේ පොඩි හාමුදුරුවන්ටත් යන්න හම්බු වෙන්නේ නෑ කියලා ඔහු කීවා. ඒ කතාව ඇහුවාම මට හිතට වේදනාවක් ආවා. මොකද මම මේක හැදුවේ දරුවන්ට ඉගෙන ගන්න කියා.
ඊට පස්සේ මොකද වුණේ?
පිකටින් කරපු තැනට මම තනියෙන් ගියා. මම යනකොට අපේ කොල්ලෝ බලාගෙන හිටියේ . මම පිකටින් එක ළඟට ගිහින් එක සිග්නල් එකයි දුන්නේ. කොල්ලෝ ටික පිකටින් කාරයන් බලා ගත්තා. මේ කලබලය ආරංචි වෙලා අනුර බණ්ඩාරනායකත් ආවා. ඒ කාලේ ඔහු හිටියේ එජාපයේ. මහින්ද රාජපක්ෂ ඇමැතිතුමත් ආවා. ඒ විතරක් නොවේ. මර්වින් සිල්වත් පන්සලට ආවා. අන්තිමට මංගලලා මට නඩුවක් දැම්මා ඒ වේලාවේ මම ඥානවන්ත ක්‍රියාවක් කළා.
ඒ මොකක්ද?
පොලීසියෙන් ඇවිත් කට උත්තර ගන්න කොට මම ගුරුවරු පනස් දෙනෙක් ඉදිරිපත් කළා. එතකොට නඩුවට පනස් දෙනෙක් ඉන්නවා. අපිත් උසාවි ගියා. අපට විරුද්ධව පැමිණිල්ල දාපු දෙන්නා කොල්ලුපිටියේ දෙන්නෙක්. මම ඒ අය ගැනත් බලා ගත්තා. නඩුව දාට මම උසාවි යනවා. නමුත් පැමිණිල්ල නෑ. නඩුව හතර පස් වතාවක් තිබුණා. අන්තිමට පැමිණිල්ල නැති නිසා නඩුව වීසි වුණා.
ඔබ වහන්සේ ඉණේ පිස්තෝලයක් ගහන් ඉන්නවා කියලා. මංගල සමරවීර ඇමැතිවරයා බරපතළ චෝදනාවක් කළා නේද?
එයා ඒක කීවේ පාර්ලිමේන්තුවේදී. මම කීවා රයිට් පුතා.. මිනීමරු ඇතා මා ළඟට ඇවිල්ලා දණ ගහලා වඳින්නේ මගේ පිස්තෝලේ බයටද කියලා.
මොන ඇතාද ඔබ වහන්සේට වැන්දේ?
රත්නපුරයේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ ඇන්ටන් තෙන්නකෝන්ගේ ඇතා. ඌ මිනිස්සු පස් දෙනෙක් මරලාදාපු ඇතෙක්. මම තමයි ඌ මෙල්ල කළේ.
මංගල සමරවීර ඊට පස්සේ මොකද කළේ?
මට ගහන්න ඕන කමට අපි හැදූ සිඟිති උයන පවරා ගන්න හැදුවා. එකට ආවේ මංගලගේ ගෝලයා හැටියට හිටපු ෆර්ඩිනැන්ඩස් කියන නිලධාරියා.
මම ඔහුට කීවා සිඟිති උයන දෙන්නම් හැබැයි මගෙන් පවරා ගන්න ඉඩම්වලට ඉඩම් මෙන්ම කඩන දේපළ වෙනුවට වන්දිත් ඕනේ කියලා. හැබැයි ඒකට ලැබුණේ පොඩි ගාණයි. පොදු පෙරමුණු ආණ්ඩුව පැරදිලා රනිල් බලයට පත්වුණාම මගෙන් ඇහුවා ඉඩම ආපහු ඕනද කියලා. මම කීවා මට ඕනැ නෑ කියලා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් බලයට පත්වුණාම මගෙන් ඇහුවා ඉඩම ආපහු දෙන්නම් කියලා. ඒ වෙලාවෙත් මම කීවා මට එපා කියලා. මම සල්ලි හම්බු කරන දේවල් කරන්නේ නෑ. මට එපා නම් එපා. මම ව්‍යාපාර කරන්නේ නෑනේ. මට සද්ධාවන්ත දායකයෝ ඉන්නවා. මම කරපු වැඩ ගැන පැහැදුණු අය ඉන්නවා. එහෙම නැතිනම් කතරගම ගිහින් තුන් දහසකට නවතින්න කොට්ට පැදුරු එක්ක විශ්‍රාම ශාලාවක් හදන්න පුළුවන්ද. ඒ වැඩේ ට ඇත්තටම මුල්වූයේ සුමතිපාල පවුල. මිලිනා සුමතිපාලට, ජගත් සුමතිපාලට, තිලංග සුමතිපාලට තෑගි දෙන්න ඕනේ. නවලෝක මුදලාලි තමයි එකේ ඊළඟ නායකයා. අදත් අයකිරීමක් නැතිව අපි කතරගම නවාතැන් දෙනවා. ළඟදීත් ලක්ෂ අටක කොට්ට පැදුරු අර ගත්තා. කවුද එහෙම කරන්නේ අපේ පොදු සේවය නතර කරන්නේ නෑ.
මිහිරි ෆොන්සේකා

0 comments:
Post a Comment