තරමක ධනවතෙකු වූ බැනට් මුදලාලි පසුකාලයේ උන්මත්තකයෙකු
වූයෙන් එතැන් පටන් ඔහු බැනට් පිස්සා විය. එකල වැඩිහිටියන් කීවේ විභජ්ජාවාදියෙකු වී බුදුපිළිම කඩා දැමූ නිසා ඔහුට එසේ වූ බවයි.වරින් වර රතු, රෝස, කොළ, කළු ආදී පාටින් ඔහු දිස්වූයේ හිසේ පටන් වත්කර ගන්නා කුකුළු සායම් හා කළුතෙල් නිසාය.
දිනක් කඩවීදියේ සෙනග බහුල තැනක සිට නළලට අතක් ද තබාගෙන ඉතා ඕනෑකමින් කඩපියසි මතින් අහස විපරම් කරන බැනට් දුටු බොහෝ දෙනා තම කටයුතු නවතා අහස බලන්නට වූහ. මේ අතර අයෙක් කුමක් බලන්නේ දැයි බැනට්ගෙන් ඇසුවේය. “මොනවත් නැති හින්ද බැලුවේ” යැයි කී ඔහු ඉවත ගියද ඇතැමුන් තවදුරටත් අහස බැලූ අයුරු එකල එහි වැසියන්ට තවමත් මතක ඇත. ඉඳහිට නගරයට එන්නෙකු බැනට්ගෙන් ශාස්ත්‍ර අසනු දුටුවත් කිසිවකු ඊට බාධා කළ බවක් නොවිණි. ඒ එවන් දේ නගරයේ දුලබ නොවන නිසා විය හැකිය.
වසර ගණනකට පෙර මියගිය බැනට් යළි සිහිවූයේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ වාර්තාවක් දැකීමෙනි. පිස්සෙකුට වුවත් රැවටෙන අපේ අය ද හිඟ නැති නිසා ඒ කතාව පාඨක ඔබට ද කීමට අදහස් කළෙමි.
එය ඉන්දියාවේ ගුරු කෙනෙකු ලෙස ආශ්චර්යවත් දේ කරන්නෙකුගේ රහස් අනාවරණය කර සමාජය දැනුවත් කරන වැඩසටහනකි.
මේ ගුරුට මිනිස්සු මහපාරේ පවා දණ ගසා වඳිති. හේ පළමුව තමා වටා රැස්වූ පිරිසට ශුද්ධ වූ අළු බෙදා දී සිය මැජික් බලයෙන් නෝට්ටුවක් හිස් කොළයක් බවට පත් කරයි. අනතුරුව සෙම්බුවකින් වත්කරන ශුද්ධ වූ ජලය බැතිමත්තු පානය කරති. එහි ජලය අවසන් වන විට ඔහු බඳුන ඉහළට අල්ලා ජපකරත්ම බඳුනට යළි ජලය ලැබේ.
ඉන්පසු ආරූඪ වූ තරුණියක ගුරු ඉදිරියට පැමිණවේ. ගුරු අභිනයෙන් දක්වන්නේ ආතුරයා තුළ සිටින
දිෂ්ටිය එළියට ඇද පොල් ගෙඩියක් තුළට දමන බවකි. පුදුමයකි බිම තබන පොල් ගෙඩිය සෙලවී පෙරළී යයි. ඊළඟට ඔහුගේ ආවතේවකරුවෙකු දෙන වෙනත් පොල් ගෙඩියකට දිෂ්ටිය ඇතුළු කෙරේ. එහි පොල්මුඩ්ඩ මතට ශුද්ධ වූ ජලය දමත්ම දුම් දමමින් යක්ෂයා දැවී යයි. එම පොල් ගෙඩිය බින්ද විට එහි රුධිරය ඇති බව පෙනේ.
මේ සියල්ල පසෙකට වී බලා සිටින අයෙක් පිරිස මැදට කඩාපැන ආශ්චර්යයේ රහස් අනාවරණය කරයි. සෙලවුණ පොල් ගෙඩිය මීයෙකු ඇතුළු කර පැලූ බව නොපෙනෙන ලෙස ඇලවූවකි. දවෛනි පොලයේ මුඩ්ඩ තුළ සූක්ෂ්ම ලෙස සැඟවූ පොටෑසියම් කැබැල්ලකි. සක්‍රීය ලෝහයක් බැවින් පොටෑසියම්වලට ජලය එක්වූ විගස දහනය වන බව දහවන ශ්‍රේණියේ සිසුවෙකු වුවද දනී. සෙම්බුව තුළ කුඩා වා සිදුරක් සහිත ද්විතීක කුටීරයකි. සෙම්බුව ඉහළට හැරවූ පසු වාතය ඇතුළු වී නැවත ජලය පිටවීම සිදුවේ. රුධිරයද එවැනිම ප්‍රයෝගයකි.
මේ රැවටිල්ලට ගුරුගේ කහ පැහැති ඇඳුම්, උරහිසට දිගු බොරු කොණ්ඩය සහ රැවුල සමග එක්වූ රංගනය මනා පිටිවහලකි.
මෙය ජනතාවට වංචනිකයන් ගැන කියාදෙන වැඩසටහනකි. අප රටේත් වෛද්‍යවරුන්ගෙන් නොව මැජික්කරුවන්ගෙන් පිහිට සොයන්නන් හිඟ නොවන බැවින් ජනතාව දැනුවත් කිරීමේ මෙවන් වැඩසටහන් අවශ්‍ය බව සිතේ.
මෙහි මුලින් සිහිකළ බැනට් නැවතත් මට සිහිපත් වේ. එක් සන්ධ්‍යාවක ඔහු කුඩා කුම්බලා කරවල කූරියෙකු අත්ල මත තබාගෙන පන්සලේ ළිඳට ද එබෙමින් යම් මනෝ ලෝකයක සරණ අන්දම දහම් පාසල් සිසුන් වූ අප සමග පන්සලේ ලොකු හාමුදුරුවෝ තම කටයුතු සියල්ල නවතා බලා සිටියෝය. ඒ වගේ වගක් නොවූ බැනට් එක්වරම ‘ඉඳා පීනපං’ කියමින් කරවල කූරියා ළිඳට අත්හැරියේය. අවසානයේ ලොකු හාමුදුරුවන්ට සිදුවූයේ වතුර බොන ළිඳ ඉසීමට මිනිසුන් සෙවීමටය. පිස්සා දුටු මොහොතේ ඔහු එතැනින් ඉවත් කිරීමට උපක්‍රමයක් යෙදුවේ නම් ඒ කරදරය නොවන්නට තිබුණි.
මිනිසුන් මුලාකරන්නන්ට එරෙහි වීමට වඩා මුලා නොවෙනු පිණිස මිනිසුන් දැනුවත් කිරීම ඵලදායීය. එසේ නොවුණහොත් කපටින්ට හසුව බොහෝ දේ අහිමි කරගන්නන් සමාජයේ බහුල වනු ඇත.
( ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී)

0 comments:
Post a Comment