facebook like

රනිල්ගේ ගල උඩ සටන

94 මහා මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් 17 අවුරුදු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පරද්දන්න ලොකුම ශක්තිය වුණේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ 93 දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය පැරැද්දීම කියලාය. 93දී එක්සත් ජාතික පක්‍ෂය පරද්දලා අමරසිරි ‍ෙදාඩංගොඩ මහ ඇමැති නොවුණා නම් 94 මහ මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ලේසියෙන් දිනන්න පොදුජන එක්සත් පෙරමුණටත්, චන්ද්‍රිකාටත් පුළුවන් වෙන්නේ නැත. හැබැයි 93 දකුණු පළාත් සභා මැතිවරණය දිනලා ගත්ත මොරාල් එක නිසා මහ මැතිවරණයත් දිනලා ජනාධිපතිවරණයත් උඩින්ම දිනන්න පොදුජන එක්සත් පෙරමුණටත්, චන්ද්‍රිකාටත් පුළුවන් වුණේය.

17 අවුරුදු එක්සත් ජාතික පක්‍ෂ පාලනයට තිත වැටුණේ අන්න ඒ විදියටය. ඇත්තම කිව්වොත් 93 දකුණු පළාත් සභා මැතිවරණය චන්ද්‍රිකාට ගල උඩ සටනක් විය. මොකද දකුණ පැරදුණා නම් චන්ද්‍රිකාට 94 මහ මැතිවරණය ගොඩදාගන්න ලැබෙන්නේ නැත. 94 මහ මැතිවරණය ගොඩදාගන්න ලැබුණේ නැත්නම් ජනාධිපති පුටුවට එන්න ලැබෙන්නේත් නැත.

හැබැයි 93 දකුණු පළාත් සභා මැතිවරණය දිනලා චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඇතිවෙලා තිබුණු 17 අවුරුදු නියඟය ඉවර කළාය.
එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 17 අවුරුදු නියඟයක් උදාවෙලා තිබුණා වාගේ අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටත් උදාවෙලා තියෙන්නේ 17 අවුරුදු නියඟයකි. මොකද පොදුජන එක්සත් පෙරමුණ බලයට ආවේ 1994දීය. මේ ගෙවෙන්නේ 2014ය. මේ කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යන්තම් බලයේ හිටියේ 2001 ඉඳන් 2004 වෙනකම් පමණි. අවුරුදු 20න් අවුරුදු 3ක් අඩු කරාම අවුරුදු 17කි. ඒ කියන්නේ අද වෙනකොට එක්සත් ජාතික පාක්‍ෂිකයන් අවුරුදු 17ක් විපක්‍ෂයේ ඉඳලා තිබේ. ඒක හරියට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් අවුරුදු 17ක් විපක්‍ෂයේ හිටියා වාගේය.


එදා 94 මහ මැතිවරණය හා ජනාධිපතිවරණය තියන්න කලින් දකුණු පළාත් සභා මැතිවරණය ආවා වාගේ මෙදා 2015 මහ මැතිවරණය හා ජනාධිපතිවරණය තියන්න කලින් උෟව පළාත් සභා මැතිවරණය ඇවිල්ලා තිබේ. ඉතින් එදා 1994දී 17 අවුරුදු යූ.ඇන්.පී. පාලනය පෙරළුණා වාගේ මෙදා 2014දී 17 අවුරුදු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධාන පාලනය පෙරළෙයිද?


ඒකට උත්තරය තියෙන්නේ වෙන කොහේවත් නොව උෟව පළාත් සභා ප්‍රතිඵලයේය. 94දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බිඳ වැටෙන බව 93 දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් හොඳටම පැහැදිලි විය. ඉතින් ඒ වාගේ ප්‍රතිඵලයක් උෟවෙන් පෙන්නන්න නම් යූ.ඇන්.පී. එක උෟව පළාතෙන් 40%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න ඕනෑය. එහෙම 40%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න පුළුවන් වුණොත් මහ මැතිවරණයකදී හා ජනාධිපතිවරණයකදී පාවෙන ඡන්දවල සහ අනෙක් හිතවත් පක්‍ෂවල සහයෝගයෙන් 50% ගන්න පුළුවන්ය. 40%ට එක්සත් ජාතික පක්‍ෂයට එන්න බැරි වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ ඊළඟ මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී රනිල් ඉවරයි කියන එකය. උෟව පළාත් සභා මැතිවරණයේදී 40% සීමාව ඉක්මවා යන්න එක්සත් ජාතික පක්‍ෂයට බැරි වුණොත් මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී 51%ක් ගන්නවා කියන්නේ විහිළුවකි.


උෟව පළාත් සභා මැතිවරණය ගල උඩ සටනක් වෙන්නේ අන්න ඒ නිසාය. මේ ගල උඩ සටනෙන් දිනන්න රනිල්ට බැරි වුණොත් ගලෙන් පහළට වැටිලා රනිල්ගේ දේශපාලන පංචස්කන්ධය ඉවරෙටම ඉවර වෙලා යනවා නියතය. ඒ නිසා රනිල්ට කරන්න තියෙන හොඳම දේ මේ උෟව පළාත් සභා මැතිවරණයේදී එදා දකුණු පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කරපු දේ කරන එකය. ඒ කියන්නේ උෟව පළාත් සභාව ජයග්‍රහණය කරවන එකය.


රනිල්ට එහෙම කරන්න පුළුවන් වුණොත් ඊළඟ මහ මැතිවරණය හා ජනාධිපතිවරණය ගොඩදාගන්න පුළුවන්ය. හැබැයි රනිල්ට එහෙම බැරි වුණොත් රනිල් විතරක් නොව එක්සත් ජාතික පක්‍ෂයත් ඉවරය. හරීනුත් ඉවරය. මොකද හරීන් පාර්ලිමේන්තු මන්ත්‍රිකමෙන් අස්වෙලා උෟවට ඇවිල්ලා ඉන්නේ තමන් දයාසිරිට වඩා ලොකු වැඩකාරයකු බව පෙන්නන්නය. දයාසිරිගෙන් ගුටි කාපු එකේ ලැජ්ජාව වහ ගන්නය. ඉතින් උෟව පළාත් සභාව ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් යූ.ඇන්.පී. එකට 40%ක ඡන්ද ප්‍රතිශතයක්වත් අරන් දෙන්න බැරි වුණොත් රනිල්ටත් හරීන්ටත් දෙන්නාටම කන්න වෙන්නේ පස්ය. ඉතින් එහෙම බලනකොට මේක ගල උඩ සටනක් වෙන්නේ රනිල්ට විතරක් නොවේ. මේක හරීන්ටත් ගල උඩ සටනකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive