මම අරුණි, අපි පදිංචිවෙලා හිටියේ ලංකාවේ කොළඹට කිට්ටු නගරයක. මගේ ලොකුම අයියා ගැන තමා මම මේ කියන්න යන්නේ. එයා හරිම පුදුම චරිතයක්. අපි පොඩි කාලේ ඉඳලම අයියා ගොඩක් වෙනස් කෙනෙක්. සමහර වෙලාවට අපි හතර දෙනාට මොනවා හරි කන්න හම්බ වුණාම අයියා එයාගේ කොටසත් අපිට දීලා එයා බඩගින්නේ හිටපු වෙලාවල් තිබ්බා. එයා හැම වෙලේම හිතුවේ අනිත් අයගේ සතුට ගැන. අපි සල්ලි බාගේ තිබ්බ අය නෙමෙයි. ජීවත් වුණේ ගොඩාක් අගහිඟකම් මැද්දේ.
අපේ තාත්තා නැති වුණේ අපි පොඩි කාලේමයි. ඊට පස්සේ අපේ පවුලෙ තාත්තා වුණේ අපේ අයියා. අපි ඉස්කෝලේ යනකොටත් අයියා ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා, රස්සාවක් කළා පුද්ගලික ආයතනයක. අයියා හොඳ පෙනුමක් තිබ්බ කෙනෙක්. ඒ දවස්වලත් අයියට ගෑනු ළමයින්ගේ කැමැත්ත ගොඩක් තිබ්බ හැටි මට මතකයි. හැබැයි අයියා කවදාවත් ඒවා ගැන සැලකිලිමත් වුණේ නෑ.... එයා හිතුවෙම අපේ දියුණුව ගැන, අපේ අනාගතය සාර්ථක කරන හැටි තමයි.
අපේ පවුලේ ළමයි හතර දෙනයි, නංගියි, මායි, අයියයි මල්ලියි. මල්ලි නම් ටිකක් දඟයි. ඒත්, අයියට ගරු කරනවා. අයියා ගැන අපි හිතුවෙත් අපේ තාත්තා කියලා තමයි. අපි ලොකු වෙනකොට අයියගේ රැකියාවෙන් විතරක් අපිව ජීවත් කරවන්න අමාරු වුණා. අමාරුකම් වැඩි වෙනකොට අයියත් හිටියේ ලොකු කනස්සල්ලකින්.
මේ අතරේ තමයි අයියගේ යාළුවකුගේ මාර්ගයෙන් අයියට ඉතාලියට යන්න ඉඩ ලැබුණේ. ඒකට ඕනෙ කරන සල්ලි හොයා ගත්තේ අපි ඉන්න ගේ උකස් කරලා. අයියා ඉතාලියට ගියාට පස්සේ යාළුවාගේ උදව්වෙන් හොඳ රැකියාවකුත් ලැබිලා ටික කාලෙකින් අපේ ගෙදර උකසත් නිදහස් කරගත්තා. ඒ අතරේ අයියා මහන්සි වුණේම අපේ දියුණුව සලස්වන්න තමයි.
අයියා ටික කාලෙකින් මල්ලිවත් ඉතාලියට ගෙන්න ගෙන එයාටත් හොඳ රැකියාවක් හොයලා දුන්නා. ඉතාලියේම පදිංචි අයියා දන්න කියන යාළුවකුට මාව විවාහ කරලා දුන්නා. එහෙම අපි වෙනුවෙන්ම එයා වෙහෙසෙද්දී අම්මාත් අපිත් අයියාට නිතරම බල කළා දැන් අපි ගැන බැලුවා ඇති. ඔයාගේ අනාගතේ ගැන හිතන්න කියලා. ඒ වෙනකොට එයාගෙ විවාහ වෙන වයසත් පහුවෙමිනුයි තිබ්බේ.
අන්තිමේ අපේ ඕනේ කමටම එයා ගෑනු ළමයෙකුට කැමති වුණා. ඒ ගෑනු ළමයා අයියට වඩා ටිකක් බාලයි. ගොඩක් දුප්පත් පවුලක. අයියා එයාට කැමති වුණෙත් අසරණ ළමයෙක් කියලා. අයියා විවාහ වුණාට පස්සේ එයාවත් ඉතාලි එක්කන් ආවා. ඉතින් කාලයක් එයාල හොඳින් හිටියා. අයියා ඒ ගෑනු ළමයට දෙන්න ඕනේ හැම සැප පහසුකමක්ම දුන්නා. ආව අලුත පුරුදු වෙනකන් ගෙදර වැඩ පවා කළේ අයියා. ටික කාලයක් ගත වුණා. එයාලට දුවෙක් හම්බ වුණා.
දුවට අවුරුදු අටක් විතර වෙනකන් එයාලා හොඳින් හිටියා. හැබැයි අයියගේ බිරිඳ ගොඩක් වෙනස් වුණා. එයා වයසටත් වඩා තරුණ විදියට හැසිරෙන්න ගත්තා. එයාට අමතක වුණා එයා කලින් හිටිය තත්ත්වේ. හැම දේටම අයියට කරදර කරන්නයි සල්ලි නාස්ති කරන්නයි ගත්තේ උප්පත්තියේ ඉඳන් ලොකු සල්ලිකාරියෙක් වගේ. ඒත් අයියා එයාව පුළුවන් විදියට සතුටින් තිබ්බා. ඒක නිසාම අයියා ගොඩක් රෑ වෙනකන් වැඩ කළා. ගෙදර ආවේ මහ රෑ.... අපේ අම්මත් ඒ කාලේ නැති වුණා. මේ කාළේ වෙනකොට අයියා වැඩ කරේ හෝටලේක.
ඔය අතරේ එයාට දවසක් හම්බ වුණා ලංකාවේ දුප්පත් තරුණයෙක්. යන්න එන්න තැනක් නෑ කියලා අඬද්දී අයියා ඒ තරුණයාව ගෙදර එක්කන් ඇවිත් ඉඳුම් හිටුම් දීලා, පස්සේ පොඩි රස්සාවකුත් හොයලා දුන්නත් ඔහු ගොඩක් ළාබාල කෙනෙක් නිසා දිගටම එහේ හිටියා.
මේ දේවල් මෙහෙම වෙද්දී අයියට එයාගේ බිරිඳගේ හැසිරීමේ වෙනසක් තේරිලා තියෙනවා. අයියගේ බිරිඳ ඕනෑවට වඩා අර තරුණයා ගැන උනන්දුයි කියලා අයියට ටිකෙන් ටික තේරිලා. හැබැයි ඒ තරුණයා අයියගේ බිරිඳට වඩා අවුරුදු දහයක් විතර බාල නිසා එහෙම සැකයක් ඇති කරගෙනත් නෑ..... ඒත් ටිකක් ල්පනාවෙන් ඉඳලා දවසක් අයියා හදිසියේම වගේ දවල් වරුවක ගෙදර එද්දී අර තරුණයයි අයියගේ බිරිඳයි අතරේ තියෙන සම්බන්ධය අතටම අහුවෙලා.
ඒ වේලේ අයියා කිසිම දෙයක් කියලා නෑ.... අර තරුණයා අයියගේ කකුල් දෙක අල්ලලා ඇඬුවලු සමාවෙන්න කියලා. බිරිඳත් අඬ අඬා පැත්තකට වෙලා ඉඳලා තියෙනවා. අයියා ඒ වෙලේම එළියට බැහැලා අපේ ගෙදර ආවා.
පස්සේ අයියා ගෙදර ගියා. ඒත් එයින් පස්සේ එයාගේ බිරිඳ එක්ක සම්බන්ධයක් තිබිලා නෑ.... ඊට ටික කාලෙකට පස්සේ අයියා අර දෙන්නවම එක්කන් ලංකාවට ගිහින් තිබ්බා. ඒ ගිහින් බිරිඳගෙන් දික්කසාද වෙලා අර තරුණයාට විවාහ කරලා දීලා. දුවව අයියාගේ බාරේ තියාගත්තා. දුවත් එයාගේ අම්මට වඩා කිට්ටු අයියට. අර දෙන්නව විවාහ කරලා දීලා අයියා නැවත ඒ දෙන්නව එක්කන් ඇවිත් අර තරුණයාට ගෙයකුත් රස්සාවකුත් හොයලා දීලා.
අපි මේක දැනගන්නකොට මේ හැමදේම ඉවර වෙලා. හොඳම දේ කියන්නේ අයියගේ බිරිඳට අර තරුණයාගෙන් දරුවෙක් ලැබුණම අයියා බලන්නත් ගිහින්. ඒ කාලේ ඒ තරුණයා ආයෙත් රස්සාව නැති කරගත්තම අයියා සල්ලිත් දීලා රස්සාවකුත් හොයලා දීලා තියෙනවා. අපි අයියට හොඳටම දොස් කීවා අයියා ඔයා මෙහෙම වැඩ කරන්නේ මිනිස්සු හිනාවෙයි නේද? ඔහොම කළාම කියලා. එතකොට මොකද දන්නවද අයියා කීවේ..?
"නංගි පළිගැනීම ඉරිසියා කිරීම හැමෝටම කරන්න පුළුවන්. ඒත් පරිත්‍යාගය ඉවසීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නමෛයි..." කියලා.
මම ඊට වඩා අයියට අවවාද කරන්න ගියේ නෑ.... මොකද අයියා එහෙම මෝඩ නිවට කෙනෙක් නෙමෙයි කියලා එයාව දන්න අය හැමෝම දන්න නිසා. දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු දොළහකටත් වැඩියි.
අයියගේ දූ දැන් ලන්ඩන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. අයියා ආයෙත් කවදාවත් විවාහ වුණේ නෑ.... මට නම් දුකයි අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන් මහන්සි උණ අයියා හුදකලා වෙලා ඉන්න කොට.
ඒත් අයියා නම් ඒ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ..... එයා ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවිතේට මූණ දෙනවා. ඒක නම් අපිටත් සතුටුයි.
අනිත් කාරණය තමයි අයියටත් බොරු කරලා සම්බන්ධ වෙලා ආදරෙන් අන්ධ වුණ අයියගේ කලින් බිරිඳයි අර තරුණයයි දැන් වෙන්වෙලා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තරුණයා අයියා හම්බ වුණාම කිය කියා අඬනවලු....
"අයියේ ඔයා වගේ බෝධිසත්වයෙක්ට කරපු අපරාදෙ මට මේ ආත්මෙම ඵල දුන්නා..." කියලා. ඒ තරුණයා ඉන්නෙම බිමතින්. කිසිම රස්සාවක් එක දිගට කරන්නේ නෑ.... අර ගෑනු කෙනත් එසේ මෙසේ දුකක් නෙමෙයි ඔහු නිසා විඳින්නේ. දෙන්නා නිතරම රණ්ඩු සරුවල් ප්‍රශ්නත් එක්ක විඳවනවා. ඒ හැමදේම කියන්නෙත් අපේ අයියත් එක්ක. අයියා එයාට පුළුවන් විදියට එයාලට උදව් පදව් පවා කරනවා. මට නම් ඒකට තරහත් යනවා.
ඒත් අපේ අයියා වගේ අය මේ ලෝකේ හරිම හිඟයි. එහෙම කැපකිරීම් ඉවසීම් කරන්න පුළුවන් කෙනෙක් ගොඩක් උතුම් කෙනෙක් කියලයි මම නම් හිතන්නේ. ඒත් මිනිස්සු අයියා ගැන මොනා හිතනවද කියලා මට වෙලාවකට දුක හිතෙනවා.
-Lakmini Weddamulla-Italy-
අපේ තාත්තා නැති වුණේ අපි පොඩි කාලේමයි. ඊට පස්සේ අපේ පවුලෙ තාත්තා වුණේ අපේ අයියා. අපි ඉස්කෝලේ යනකොටත් අයියා ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා, රස්සාවක් කළා පුද්ගලික ආයතනයක. අයියා හොඳ පෙනුමක් තිබ්බ කෙනෙක්. ඒ දවස්වලත් අයියට ගෑනු ළමයින්ගේ කැමැත්ත ගොඩක් තිබ්බ හැටි මට මතකයි. හැබැයි අයියා කවදාවත් ඒවා ගැන සැලකිලිමත් වුණේ නෑ.... එයා හිතුවෙම අපේ දියුණුව ගැන, අපේ අනාගතය සාර්ථක කරන හැටි තමයි.
අපේ පවුලේ ළමයි හතර දෙනයි, නංගියි, මායි, අයියයි මල්ලියි. මල්ලි නම් ටිකක් දඟයි. ඒත්, අයියට ගරු කරනවා. අයියා ගැන අපි හිතුවෙත් අපේ තාත්තා කියලා තමයි. අපි ලොකු වෙනකොට අයියගේ රැකියාවෙන් විතරක් අපිව ජීවත් කරවන්න අමාරු වුණා. අමාරුකම් වැඩි වෙනකොට අයියත් හිටියේ ලොකු කනස්සල්ලකින්.
අයියා ටික කාලෙකින් මල්ලිවත් ඉතාලියට ගෙන්න ගෙන එයාටත් හොඳ රැකියාවක් හොයලා දුන්නා. ඉතාලියේම පදිංචි අයියා දන්න කියන යාළුවකුට මාව විවාහ කරලා දුන්නා. එහෙම අපි වෙනුවෙන්ම එයා වෙහෙසෙද්දී අම්මාත් අපිත් අයියාට නිතරම බල කළා දැන් අපි ගැන බැලුවා ඇති. ඔයාගේ අනාගතේ ගැන හිතන්න කියලා. ඒ වෙනකොට එයාගෙ විවාහ වෙන වයසත් පහුවෙමිනුයි තිබ්බේ.
අන්තිමේ අපේ ඕනේ කමටම එයා ගෑනු ළමයෙකුට කැමති වුණා. ඒ ගෑනු ළමයා අයියට වඩා ටිකක් බාලයි. ගොඩක් දුප්පත් පවුලක. අයියා එයාට කැමති වුණෙත් අසරණ ළමයෙක් කියලා. අයියා විවාහ වුණාට පස්සේ එයාවත් ඉතාලි එක්කන් ආවා. ඉතින් කාලයක් එයාල හොඳින් හිටියා. අයියා ඒ ගෑනු ළමයට දෙන්න ඕනේ හැම සැප පහසුකමක්ම දුන්නා. ආව අලුත පුරුදු වෙනකන් ගෙදර වැඩ පවා කළේ අයියා. ටික කාලයක් ගත වුණා. එයාලට දුවෙක් හම්බ වුණා.
දුවට අවුරුදු අටක් විතර වෙනකන් එයාලා හොඳින් හිටියා. හැබැයි අයියගේ බිරිඳ ගොඩක් වෙනස් වුණා. එයා වයසටත් වඩා තරුණ විදියට හැසිරෙන්න ගත්තා. එයාට අමතක වුණා එයා කලින් හිටිය තත්ත්වේ. හැම දේටම අයියට කරදර කරන්නයි සල්ලි නාස්ති කරන්නයි ගත්තේ උප්පත්තියේ ඉඳන් ලොකු සල්ලිකාරියෙක් වගේ. ඒත් අයියා එයාව පුළුවන් විදියට සතුටින් තිබ්බා. ඒක නිසාම අයියා ගොඩක් රෑ වෙනකන් වැඩ කළා. ගෙදර ආවේ මහ රෑ.... අපේ අම්මත් ඒ කාලේ නැති වුණා. මේ කාළේ වෙනකොට අයියා වැඩ කරේ හෝටලේක.
මේ දේවල් මෙහෙම වෙද්දී අයියට එයාගේ බිරිඳගේ හැසිරීමේ වෙනසක් තේරිලා තියෙනවා. අයියගේ බිරිඳ ඕනෑවට වඩා අර තරුණයා ගැන උනන්දුයි කියලා අයියට ටිකෙන් ටික තේරිලා. හැබැයි ඒ තරුණයා අයියගේ බිරිඳට වඩා අවුරුදු දහයක් විතර බාල නිසා එහෙම සැකයක් ඇති කරගෙනත් නෑ..... ඒත් ටිකක් ල්පනාවෙන් ඉඳලා දවසක් අයියා හදිසියේම වගේ දවල් වරුවක ගෙදර එද්දී අර තරුණයයි අයියගේ බිරිඳයි අතරේ තියෙන සම්බන්ධය අතටම අහුවෙලා.
ඒ වේලේ අයියා කිසිම දෙයක් කියලා නෑ.... අර තරුණයා අයියගේ කකුල් දෙක අල්ලලා ඇඬුවලු සමාවෙන්න කියලා. බිරිඳත් අඬ අඬා පැත්තකට වෙලා ඉඳලා තියෙනවා. අයියා ඒ වෙලේම එළියට බැහැලා අපේ ගෙදර ආවා.
පස්සේ අයියා ගෙදර ගියා. ඒත් එයින් පස්සේ එයාගේ බිරිඳ එක්ක සම්බන්ධයක් තිබිලා නෑ.... ඊට ටික කාලෙකට පස්සේ අයියා අර දෙන්නවම එක්කන් ලංකාවට ගිහින් තිබ්බා. ඒ ගිහින් බිරිඳගෙන් දික්කසාද වෙලා අර තරුණයාට විවාහ කරලා දීලා. දුවව අයියාගේ බාරේ තියාගත්තා. දුවත් එයාගේ අම්මට වඩා කිට්ටු අයියට. අර දෙන්නව විවාහ කරලා දීලා අයියා නැවත ඒ දෙන්නව එක්කන් ඇවිත් අර තරුණයාට ගෙයකුත් රස්සාවකුත් හොයලා දීලා.
"නංගි පළිගැනීම ඉරිසියා කිරීම හැමෝටම කරන්න පුළුවන්. ඒත් පරිත්‍යාගය ඉවසීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නමෛයි..." කියලා.
මම ඊට වඩා අයියට අවවාද කරන්න ගියේ නෑ.... මොකද අයියා එහෙම මෝඩ නිවට කෙනෙක් නෙමෙයි කියලා එයාව දන්න අය හැමෝම දන්න නිසා. දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු දොළහකටත් වැඩියි.
අයියගේ දූ දැන් ලන්ඩන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. අයියා ආයෙත් කවදාවත් විවාහ වුණේ නෑ.... මට නම් දුකයි අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන් මහන්සි උණ අයියා හුදකලා වෙලා ඉන්න කොට.
ඒත් අයියා නම් ඒ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ..... එයා ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවිතේට මූණ දෙනවා. ඒක නම් අපිටත් සතුටුයි.
අනිත් කාරණය තමයි අයියටත් බොරු කරලා සම්බන්ධ වෙලා ආදරෙන් අන්ධ වුණ අයියගේ කලින් බිරිඳයි අර තරුණයයි දැන් වෙන්වෙලා වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තරුණයා අයියා හම්බ වුණාම කිය කියා අඬනවලු....
"අයියේ ඔයා වගේ බෝධිසත්වයෙක්ට කරපු අපරාදෙ මට මේ ආත්මෙම ඵල දුන්නා..." කියලා. ඒ තරුණයා ඉන්නෙම බිමතින්. කිසිම රස්සාවක් එක දිගට කරන්නේ නෑ.... අර ගෑනු කෙනත් එසේ මෙසේ දුකක් නෙමෙයි ඔහු නිසා විඳින්නේ. දෙන්නා නිතරම රණ්ඩු සරුවල් ප්‍රශ්නත් එක්ක විඳවනවා. ඒ හැමදේම කියන්නෙත් අපේ අයියත් එක්ක. අයියා එයාට පුළුවන් විදියට එයාලට උදව් පදව් පවා කරනවා. මට නම් ඒකට තරහත් යනවා.
ඒත් අපේ අයියා වගේ අය මේ ලෝකේ හරිම හිඟයි. එහෙම කැපකිරීම් ඉවසීම් කරන්න පුළුවන් කෙනෙක් ගොඩක් උතුම් කෙනෙක් කියලයි මම නම් හිතන්නේ. ඒත් මිනිස්සු අයියා ගැන මොනා හිතනවද කියලා මට වෙලාවකට දුක හිතෙනවා.
-Lakmini Weddamulla-Italy-
0 comments:
Post a Comment