facebook like

ජනාධිපති මහින්ද ගැන තමිල්නාඩුවේ කටවුට් ගහලා.................අම්මේ.. මං විශාල වරදක් කළා.. මට සමාවෙන්න..

අම්මේ.. මං විශාල වරදක් කළා.. මට සමාවෙන්න..' යනුවෙන් දෙමළෙන් සඳහන් වදන සහිතව මහින්ද රාජපක්ෂ ජයලලිතාට වැඳගෙන සිටින පින්තූරයක් සහිත මෙහි සේයාරුවේ දැක්වෙන විශාල කටවුට් මේ දිනවල තමිල්නාඩු නගරවල ප්‍රදර්ශනය කෙරේ. 

මීට හේතු වූයේ  ආරක්ෂක අමාත්‍යාංශය නිල වෙබ් අඩවිය මගින් ජයලලිතාට අපහාස වන අන්දමින් ලිපියක් පළ කර පසුව ඉන්දියානු බලපෑම් නිසා කොන්දේසි විරහිතව ජයලලිතාගෙන් සමාව ඉල්ලීමයි.

''නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල ඇති වැදගත්කම කුමක්ද?'' යන අදහස් දෙන ඉංග්‍රීසි හෙඩිමක් සහිත ඉංග්‍රීසි ලිපියක් ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන ඩිෆෙන්ස් ඩොට් එල්කේ වේබ් අඩවියේ පළ කර තිබිණ. ඉන් ජයලලිතාටත් මෝදිටත් දෙදෙනාටම අපහාස කර තිබිණ.

ශ්‍රී ලංකා රජයේ නිල ආරක්ෂක වෙබ් අඩවියේ මෙම ලිපිය පලකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව සමාව ගත යුතු යැයි ජයලලිතා අගමැති නරේන්ද්‍ර මෝඩිට අගෝස්තු 01 දා ලිපියක් යවමින් ඉල්ලා සිටියා ය. නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෙන්වා, මධ්‍යම රජය ඔහුට අවවාද කරන ලෙසත්, ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය පිළිබඳ ගැටළුව හෑල්ලුවට ලක්කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් කළ ජනතා නායකයන්ගේ ඡායාරූප සමග පළ කළ මෙම ලිපිය සම්බන්ධයෙන් ඉන්දියාව සාධාරණව නොසිතිය යුතු බවත් ඇය අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියා ය. ඡායාරූප සමගින් ලිපි පලකිරීම ලේඛකයාගේ අරමුණ විය නොහැකි බවත්, ශ්‍රී ලංකා රජය විසින් එය සිදුකර ඇති බවත් එමගින් තම නමට අපකීර්තියක් ඇති කිරීමේ ක්‍රියාවක් ශ්‍රී ලංකා රජය සිදුකර ඇති බවත් ඇයගේ ලිපියේ සඳහන් කර තිබිණ.

ජයලලිතාගේ විරුද්ධ පාර්ශවය වන කරුණානිධිද පක්ෂ බේද අතහැර මෙහිදී රාජපක්ෂලාගේ නොහොබිනා ක්‍රියාවට විරෝධය දැක්වීය. ඔහුද මෝදිගෙන් ඉල්ලා සිටියේ නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෙන්වා, අවවාද කරන ලෙසයි. කරුණානිධිගේ නිවේදනයේ මෙසේ තිබිණ.

''ඩී.එම්.කේ.පක්ෂයේ නායිකාව සහ අප අතර කොපමණ මතභේද තිබුණත්, ඇය තමිල්නාඩු ධීවරයන්ගේ ගැටළුව විසඳුමක් දැකීමක් වශයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට යවන ලද ලිපි හෑල්ලුවට ලක්කරන තරමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරනවා නම්, ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව සියළු දෙනාට අවබෝධ කරගැනීමට හැකිය.

සාමන්‍යයෙන් මෙවැනි පහත් විවේචන ඩී.එම්.කේ.පක්ෂය කිසිවිටක අනුමත නොකරයි. එවැනි පහත් ක්‍රියාවන් හෙළාදකියි. මෙවැනි තත්වයක සිටින රාජපක්ෂ රජයට සහයෝගය දක්වා, ඉන්දීය රජය කටයුතු නොකළ යුතු බව, තමිල්නාඩුව වෙනුවෙන් මා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින්නෙමි. එම ලිපියෙන් හෑල්ලුවට ලක්කර තිඛෙන්නේ, තමිල්නාඩු මහ ඇමතිනිය පමණක් නොව, ඉන්දීය රජයේ අගමැති නරේන්ද්‍ර මෝඩිවත් හෑල්ලුවට ලක්කර ඇති බව සිතා, මෙම කරුණ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය කඩිනමින් මැදිහත් වී තම දැඩි විරෝධය ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කල යුතුය'' යි කරුණානිධි ද නිවේදනය කෙළේය.

මේ අනුව ඉන්දියාවෙන් ආ බලපෑම් හමුවේ ගෝඨාගේ ආරක්ෂක අමාත්‍යාංශය එකී අපහාසාත්මක ලිපිය ඉවත් කරමින් ජයලලිතාගෙන් සමාව ඉල්ලීය. ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය බීබීසියට කියා සිටියේ රාජකාරියේ නිරතව සිටි වෙබ් අඩවි ක්‍රියා කරවන්නෙකු විසින් කිසිසේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපිය ඡායාරූපයක් ද සහිත ව පළ කොට තිබූ බවත් දැනගත් වහාම එය වෙබ් අඩවියෙන් ඉවත් කොට ඉන්දියාවේ අගමැතිවරයාගෙන් සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් පළ කිරීමට කටයුතු කළ බවයි.

ඉන්පසුව අද වන විට තමිල්නාඩුවේ ඉහත සඳහන් කටවුට් ප්‍රදර්ශනය කර තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive