“ඔය ළමයි හිතන්නේ අපි ජීවත් වෙන මේ පෘථිවිය සමතලා වස්තුවක් කියලද? එහෙම නැත්නම් ගෝලාකාර වස්තුවක් කියලද?”
පසුගිය දවසක නිෂාදි ටීචර් උගන්වන පන්තියේ දරුවන්ගේ දැනුම පරීක්ෂා කරන්න කලාප කාර්යාලයෙන් ආපු අධ්‍යාපන නිලධාරී තුමෙක් ඇහුවා.
“ගෝලාකාරයි.” ඒ ප්‍රශ්නයත් එක්කම දරුවෝ ඔක්කොම පුළුවන් තරම් සද්දේ දාලා කෑගැහුවා.
“හොඳයි; කවුද ඔය ළමයින්ට කිව්වේ පෘථිවිය ගෝලාකාරයි කියලා.” ඊළඟට අධ්‍යාපන නිලධාරී තුමත් දරුවන්ගෙන් ඇහුවා.
“අපේ ටීචර්” පුංචි උනුත් සද්දේ දාලාම කිව්වා.
“ඔව්; ඉස්සර මේ ලෝකේ මිනිස්සු හිතාගෙන හිටියේ මේ පෘථිවිය අපිට බැලූ බැල්මට පේන විදිහට සමතලා වස්තුවක් කියලා. ඒත් කොපර්නිකස්, ගැලිලියෝ වගේ විද්‍යාඥයන් ගේ සොයාගැනීම් හින්දා ක්‍රමයෙන් ඒ අදහස වෙනස් වුණා. ඒ කියන්නේ ඔයාලාගේ ටීචර් සීයට සීයක්ම හරි.” අධ්‍යාපන නිලධාරී තුමා ටීචර් දිහාත් ඇස් කොනින් බලලා කියන අතරේ පන්තියේ ළමයි ඒකට උනන්දුවෙන් කන් දුන්නා ඒත්, එක පුංචි එකෙක් විතරක් ඒ ගැන වගේ වගක් නැතුව කටත් උල් කරගෙන කටර් එකකින් පැන්සලක් උල් කරනවා.
“ඕයි“ එතකොටම එහෙම කියපු අධ්‍යාපන නිලධාරී තුමා ඒ පුංචි එකාගේ අවධානය තමන් වෙතට යොමු කරගත්තා.
“තමුසෙට ඇහුණද, දැන් මම කියපු දේ” ඒ එක්කම එතුමා කොලුවට පුංචි සත්තමක් දැම්මා.
“මට ඇහුණා සර්” කොලුවත් කිසිම ගාණක් නැතුව කිව්වා.
“ඉතින් බලනවා; මං කිව්වා ඉස්සර මිනිස්සු පෘථිවිය සමතලා වස්තුවක් කියලා හිතපු බවත්; පස්සේ විද්‍යාඥයන් පෘථිවිය ගෝලාකාරයි කියලා හොයාගත්තා කියලත්; ඉතින් තමුසෙට ඒ ගැන මුකුත් ප්‍රශ්නයක් අහන්න ඇත්තෙම නැද්ද?” කොලුවාගේ මේ දඩබ්බර
හැසිරීම හින්දා අධ්‍යාපන නිලධාරී තුමත් ටිකක් සැරෙන් ඇහුවා. එතකොටම කොලුවත් ‘දඩස්’ ගාලා හිටගත්තා.
“අනේ සර් ඉතින් ලෝකේ පැතලි වුණත් ගෝලාකාර වුණත් මට ඒකෙන් මුකුත් බලපෑමක් නැති හින්දා මට ප්‍රශ්නෙකුත් නෑ”

0 comments:
Post a Comment