facebook like

අද ප්‍රේමදාස හෙට රාජපක්ෂ

"මේ 2014. තව අවුරුදු 20කින් ඒ කියන්නේ 2034 දී මේ රටේ මිනිස්සු මහින්ද ගැන මොනවා කතා කරාවිද...? මහින්ද ගැන මොනවා කියාවිද...?"
මේ පහුගිය දවසක කොළඹ තිබ්බ උත්සවයකදී ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු සහ එ.ජා.ප. තරුණ මන්ත්‍රිවරුන් දෙදෙනකු අතර සිද්ධ වුණු කෙටි කතාබහකදී ආණ්ඩුවේ ඇමැතිවරයා නිකමට ඇසූ ප්‍රශ්නයකි.
හැබැයි ඒකට විපක්ෂයේ තරුණ මන්ත්‍රිවරයා දුන්නේ ඇමැතිවරයා කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ උත්තරයක් නම් නොවේ. විපක්ෂ මන්ත්‍රිවරයා දුන්නේ ඇමැතිවරයාට තරු විසිවෙන තාලේ උත්තරයකි.


"නෑ... ඇමැතිතුමා අවුරුදු 20කට පස්සේ බලන්න කලින් අද මිනිස්සු මහින්ද ගැන කියන්නෙ මොනවද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕන. තවම යුද්දෙ ඉවර වෙලා අවුරුදු 5යි. බලන්න දැන්මම මිනිස්සු මහින්දට කොච්චර බනිනවද කියලා. මහින්ද රට විනාශ කළා කියනවා. මහින්දයි මහින්දගෙ පවුලයි එකතු වෙලා රට කෑවා කියනවා. හොරකම් කළා කියනවා..."
විපක්ෂයේ තරුණ මන්ත්‍රිවරයා මේ විදියට මහින්ද ගැන කියන්න කට ලෑස්ති කරද්දී අනෙක් යූ.එන්.පී. මන්ත්‍රිවරයාද නිකම් සිටියේ නැත. උඩින් පැන ඒ කතාවට ලුණු ඇඹුල් එකතු කිරීමට කටයුතු කෙළ්ය.


"අද මොනවද මහින්ද කරන්නේ. මිනිස්සුන්ට තුන්වේල කන්න විදියක් නෑ. අතේ සල්ලි නෑ. තරුණයන්ට රස්සා නෑ... රටේ නීතියක් නෑ. ඒවා ගැන මහින්දට වගේ වගක් නෑ. මහින්ද මොකද කරන්නේ. පාරවල් කාපට් කරනවා, පාලම් හදනවා, කොළඹ ලස්සන කරනවා, ආසියාවේ ලොකුම කුලුන හදනවා, වරායවල් හදනවා, ගුවන් තොටුපළවල් හදනවා, දැයට කිරුළ තියනවා. ඇමැතිවරු දෙතුන් දෙනෙක් ළංකරගෙන රට කරනවා. මෙව්වා කන්නද. ඉස්සෙල්ලාම කරන්න ඕනෑ මිනිසුන්ට කන්න බොන්න පුළුවන් ආර්ථියක් හදන එක. කාපට් පාරවල්, වරායවල්, ගුවන්තොටුපොළවල් කන්නද..."
විපක්ෂ මන්ත්‍රිවරයා මෙහෙම මහින්දට පහර ගහද්දී එතෙක් කට වහගෙන සිටි අනෙක් මන්ත්‍රිවරයාද කට ඇරියේය.


"අද පත්තරවල මහින්දට එරෙහිව වචනයක් ලියන්නෙ නෑ. ඒ වුණාට බලන්නකො වෙබ් සයිට්වල මහින්ද ගැන කියලා තියෙන දේවල්. සමහර වෙබ් සයිට් රට ඉඳන් මෙහේ අය කරන ඒවා, සමහර ඒවා මෙහේ ඉඳන්මයි කරන්නෙ. ඒ වෙබ්වල මහින්දව පතුරු යවලා ගහලා තියෙන්නේ. ඒ නිවුස් ටික කියෙව්වානම් මහින්ද ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්..."
"හරි ඔබතුමාලා ඔය කියන්නේ අද මහින්ද ගැන මිනිස්සු කියනවාය කියන දේවල්නෙ. මම ඇහුවෙ තව අවුරුදු 20කට පස්සේ මිනිස්සු මහින්ද ගැන මොනවා කියයිද කියලයි..."
විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ කතාව නවත්වන්න ඇමැතිවරයා මැද්දට පැන ඇසුවේ එහෙම ප්‍රශ්නයකි.
"මොනවා කියන්නද... මේ ටිකට අමතරව මහින්ද රට නැති කළා කියලා කියාවි..."
එජාප තරුණ මන්ත්‍රිවරයා කීවේ එහෙමය.


"හරි දැන් ප්‍රේමදාස මැරිලත් අවුරුදු 20ක් වෙනවානෙ. එතකොට අද ප්‍රේමදාස ගැන මිනිස්සු මොනවද කියන්නේ..."
ඇමැතිවරයා එහෙම අහද්දී එජාප මන්ත්‍රිවරයාගේ මුහුණ මල් පිපුණාක් මෙන් විය.
"බලන්න අවුරුදු 20ක් ගිහිල්ලත් රටේ මිනිස්සු කියන්නෙ අද ප්‍රේමදාස මහත්තයා හිටියානම් කියලනේ. අද හැමදෙනාම ඉල්ලන්නේ ප්‍රේමදාස මහත්තයාව. ඇයි එහෙම ඉල්ලන්නෙ. මොකද ප්‍රේමදාස මහත්තයා ගමෙන් ආපු කෙනෙක්. පොඩි මනුස්සයා ගැන හොයලා බැලුවා. නගරයේ සංවර්ධනය ගමට අරන් ගියා. ගමේ මනුස්සයාට සල්ලි එන විදියට ඇඟලුම් කම්හල් 200ක් ආරම්භ කළා. රට පුරා ගම් උදා තියලා ගමට සංවර්ධනය ගෙනාවා. ඉන්දීය සාම සාධක හමුදාව මේ රටෙන් යවන්න පුරෝගාමී වුණා. විදේශ බලපෑම්වලට යටත් වුණේ නෑ. මොනතරම් දේවල් ටිකක් ප්‍රේමදාස මේ රටේ මිනිස්සුන්ට කළාද? අද ඒකනෙ මිනිස්සු ප්‍රේමදාස වගේ කෙනෙක් ඕනෙ කියලා ඉල්ලන්නේ...."
එජාප මන්ත්‍රිවරයා ප්‍රේමදාසව වර්ණනා කරද්දී ඇමැතිවරයාට හොඳටම හිනාය.


"අන්න දැක්කද...? ප්‍රේමදාස මැරිලා අවුරුදු 20ක් ගියාම අද ඔයගොල්ලො ප්‍රේමදාසට ගරු කරනවා. හැබැයි ඔයගොල්ලන්ට මතකද මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා රටේ මිනිස්සු ප්‍රේමදාසට කියපු දේවල්. ප්‍රේමදාසගේ චරිතය විනාශ කළා ඔයගොල්ලන්ට මතකද? එතකොට ඔයගොල්ලො පුංචි අය. අපිත් පිළිගන්නවා ප්‍රේමදාස මේ රටේ පුංචි මිනිහට ගොඩක් උදවු කළා කියලා. අපිත් ප්‍රේමදාසගේ දේශපාලනය පිළිගන්නවා. හැබැයි විපක්‍ෂ දේශපාලන කරද්දි අපිට ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. අපි ඒකයි ඒ දවස්වල ප්‍රේමදාසට නැතිවෙන්න ගැහුවේ. ඇත්තම කියනවා නම් අද මහින්ද කරන්නෙ එදා ප්‍රේමදාස කරපු දේවල්ම තමයි. ප්‍රේමදාස වගේම මහින්දත් ගමෙන් ආපු පුංචි මිනිහෙක්. ප්‍රේමදාස ගමට ඇඟලුම් කම්හල් ගෙනියපු එක කොච්චර හොඳ දෙයක් වුණත් අපි ඒකට ගැහුවේ ප්‍රේමදාස ගමේ කොල්ලො කෙල්ලො ලවා සුද්දන්ට ජංගි මස්සනවා කියලයි. දැන් බලන්න ඔයගොල්ලො මහින්ද දැයට කිරුළ තියද්දි බනිනවා කානිවල් තියනවා කියලා. හැබැයි ඒකෙන් ගම සංවර්ධනය වෙනවා. පාර හැදෙනවා, ලයිට් දෙනවා.


ප්‍රේ්‍රමදාස ගම්උදාව හදාගෙන රට වටේ ගිහින් ගම් සංවර්ධනය කරද්දි අපිත් ඒ විදියටම ප්‍රේමදාසට ගැහුවා ගම්වල සැණකෙළි තිය තියා රටේ සල්ලි විනාශ කරනවා කියලා.


එදා අපිත් විදේශ බලපෑම්වලට විරුද්ධයි. හැබැයි ප්‍රේමදාස ඉන්දීය සාමසාධක හමුදාව එළවනකොට අපි ප්‍රේමදාසට ගැහුව ඒක කරන්න එපා කියලා. ඒ වගේම අපි දන්නවා ප්‍රේමදාස කීයටවත් රන්ජන්ව - ලලිත්ව - කොබ්බෑකඩුවව මැරුවෙ නෑ කියලා. ඒත් අපි ඒ වේලාවේ කිව්වා රන්ජන්ව - ලලිත්ව - කොබ්බෑකඩුවව මැරුවෙ ප්‍රේමදාස කියලා. අද ඔයගොල්ලොත් බොරුවට මහින්දට ගහන්නේ මහින්ද මාධ්‍යවේදීන්ව මැරුවා. මිනිසුන්ව අතුරුදන් කළා කියලා. හැබැයි ඔයගොල්ලොත් දන්නවා මහින්ද ඒවා කළේ නෑ කියලා. හැබැයි ගහනවා.


අද ඔයගොල්ලො මහින්දට ගහනවානෙ අයියලා මල්ලිලා ටිකකුයි ළඟම ඇමැතිවරුන් කීපදෙනකුයි තියාගෙන ආණ්ඩුව කරනවා කියලා. අපිත් ඒ විදියටම එදා ප්‍රේමදාසට ගැහුවා පාස්කරලිංගම්වයි, සිරිසේන කුරේවයි ළඟින් තියාගෙන රට කනවා කියලා. ඇමැතිවරුන්ට වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. හැබැයි අද මහින්ද යටතේ අපිත් හොඳට වැඩ කරනවා වගේම එදා ප්‍රේමදාස යටතේ ලලිත්ලා - රන්ජන්ලා - ගාමිණීලාත් හොඳට වැඩ කළා.


වැඩි දෙයක් ඕන නැහැ. එදා ප්‍රේමදාසට අපි විකල්ප පත්තරවලින් කොච්චර මඩ ගැහුවද? අද ඔයගොල්ලො ඔය මඩ වෙබ්සයිට් අල්ලගෙන මහින්දටයි, මහින්දගේ සහෝදරයන්ටයි, පුතාලටයි බොරු වක්කරනවා වගේ එදා අපිත් විපක්‍ෂ පත්තර අල්ලගෙන බොරු දම දමා ප්‍රේමදාසව නැති කළා. ප්‍රේමදාස නිරුවත් කන්‍යාවියන් හත්දෙනකු මහ රෑ ළඟින් තියාගෙන කිරි කළ හතකින් නාවාගන්නවා කියලා ගැහුවා. අද ඔයගොල්ලෝ වෙබ්සයිට් අල්ලගෙන නාමල්ට, යෝෂිතලාට ගහනවා වගේ එදා අපිත් මේ විකල්ප පත්තර අල්ලගෙන සජිත්ට දුවන්න ගැහුවා. සජිත් ඇත්තටම කැලේ ගියේ අලින්ට ආදරේ හින්දා. සජිත්ට අලින්ගේ ෆොටෝ එකතු කරන පිස්සුවක් තියෙනවා කියලා එදා ඉඳන් අපි දන්නවා. හැබැයි අපි එදා සජිත්ට ගැහුවේ සජිත් නිදන් හාරන්න කැලේ රිංගනවා කියලයි...."
මේ විදියට ඇමැතිතුමා ඒ කාලේ ප්‍රේමදාසට ගහපු ගැහිලි ගැන කියද්දි එජාප මන්ත්‍රිවරු දෙදෙනා හිටියේ කටවල් ඇරගෙනය.
"ඉතින් ඒ කාලෙ ඒ විදියට ප්‍රේමදාසට ගැහුවත් දැන් අවුරුදු 20කට පස්සේ ඔබතුමාලත් ප්‍රේමදාසගේ හොඳනෙ කියන්නේ."
බැරිම තැන එජාප මන්ත්‍රිවරයා එහෙම කීවේය.


"ඒක තමයි විපක්‍ෂ දේශපාලනය කියන්නේ. විපක්‍ෂයේ ඉඳිද්දී කොච්චර හොඳ දේවල් කළත් අපි ඒක ගහන්නේ අනෙක් පැත්ත කරකවලයි. ඒකයි ප්‍රේමදාස කොච්චර හොඳ වුණත් අපි ප්‍රේමදාසව නැති කළේ. එහෙම නැත්නම් අපි අදටත් විපක්‍ෂයේ..."
ඇමැතිවරයා ප්‍රේමදාසට ගහපු එක සාධාරණීයකරණ කළේ එහෙමය.

"එතකොට තව අවුරුදු 20කින් මහින්ද ගැන රටේ මිනිස්සු මොනවා කියයිද?"
"අද මහින්දටයි, මහින්දගේ පවුලටයි කොච්චර බොරුවට මඩ ගැහුවත් තව අවුරුදු 20ක් යද්දි මේ රටේ මිනිස්සු මහින්දට මල් තියලා වඳින්න ගන්නවා මහින්ද තමයි මේ රට ප්‍රභාකරන්ගෙන් බේරගත්ත නායකයා කියා. මහින්ද තමයි ජාත්‍යන්තර බලපෑම්වලට නතු නොවුණු ලංකාවේ හිටපු එකම රාජ්‍ය නායකයා කියලා. මේ රටේ සංවර්ධනය ගමට අරන් ගිය එකම රාජ්‍ය නායකයා කියලා. රටේ විප්ලවීය වෙනසක් කරපු එකම රාජ්‍ය නායකයා කියලා. ඒ හින්දා ප්‍රේමදාස වගේ නෙවෙයි මහින්ද මේ වෙද්දි තවත් අවුරුදු 20ක් නෙවෙයි අවුරුදු 40ක් යනකම්ම එයා ගැන මේ රටේ මිනිසුන්ට කතා කරන්න මාතෘකා හදලා දීලයි තියෙන්නේ."
ඇමැතිවරයා මහින්ද ගැන කියමින් එහෙම කතාව ඉවර කරද්දී එජාප මන්ත්‍රිවරුන් දෙන්නා හිටියේ කටවල් ඇරගෙන ඇමැතිවරයාගේ කට දිහා බලාගෙනය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive