facebook like

එස්.බී.ගේ වලව්වට බාල්දියක් පෙරළෙයි...........වලව්ව කඩලා නම් පියවරක් ගන්නවා.......එත්.....පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ එස්.බී. ගේ ඥාතියෙක්

දෙවැනි රාජසිංහ රජුට අයත් භාණ්ඩාගාරයක් තිබූ බව කියන හඟුරන්කෙත පිහිටි පාරම්පරික වලව්ව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා විසින් විනාශ

කරනු ලැබ ඇත්නම් ඊට එරෙහිව ගත යුතු ඉදිරි පියවර පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා 'මව්බිම'ට කීය.
එස්.බී. දිසානායක ඇමැතිවරයාට දැන් අයත්ව තිබෙන මෙම 'වලව්ව' පිළිබඳ ඉකුත් සෙනසුරාදා (26දා) 'මව්බිම' පුවත්පතින් තොරතුරු අනාවරණය කෙරිණි. මෙම වලව්ව සියවස් ගණනාවකට පෙර ඉදිකරනු ලැබූවක් බව ඉතිහාසඥයෝ කියති.


පුරාවිද්‍යා නීතිය අනුව වසර සියයක් පැරැණි ගොඩනැඟිල්ලක් ජාතික උරුමයක් වන අතර ඒවා විනාශ කිරීම පුරාවිද්‍යා ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.
මේ පිළිබඳ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගෙන් 'මබ්බිම' කළ විමසීමකදී හෙතෙම මෙසේ පැවැසීය.


'මම හිතන හැටියට නුවර හඟුරන්කෙත වලව්ව, පුරාවිද්‍යා බිමක් ලෙස තවම ප්‍රකාශයට පත් කරල නෑ. ඒ නිසා අපට තරමක ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වලව්ව මේ වන විට විනාශ කරල තිබුණත් එය සියවස් ගණනක් පැරැණි ස්ථානයක් වුණත් පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර නැති නිසා අපට ගත හැකි ක්‍රියාමාර්ගයක් නෑ. නමුත් මෙය රජ කාලෙ සිට පැවැත එන ජාතික උරුමයක් නිසා මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරගෙන වලව්ව විනාශ කිරීමට එරෙහිව ගත යුතු පියවර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරනවා.


පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ ඥාතියෙක්. ඥාතිත්වය පිළිබඳ නොතකා අපි මේ පිළිබඳ නිරවුල්ව සාකච්ඡා කරනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive