ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරු බව කියන වෙලේ සුදාගේ බිරිඳ, නැන්දනිය සහ ගෝලයන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ දෙහිවල පොලිසිය මගින් ඊයේ (01 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
වෙලේ සුදාගේ බිරිඳ සහ නැන්දම්මා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල පිහිටි නිවසේ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින්ය.
රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග වෙලේ සුදාගේ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කඩවත පාරේදීය.
වෙලේ සුදා විසින් සිදුකරන මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ සහ නැන්දම්මා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙහිදී වෙලේ සුදාගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමාගේ සැමියා කරන කියන දේ ඔහුගේ ව්‍යාපාර පිළිබඳ තමන්ට කිසිවක් පවසන්නේ නැති බවය.
පහුගිය දිනවලදී පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගවලින් වැඩි කොටසක් වෙලේ සුදා විසින් ශ්‍රී ලංකාවට එවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
වෙලේසුදා ඇතුළු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේද සහාය ලබා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
මේ අතර දෙහිවල පොලිසිය කළ වැටලීමකදී වෙලේ සුදාගේ ගෝලබාලයන් දෙදෙනකු රුපියල් පහළොස් ලක්ෂයක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.
මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තාවක් විසින් මෙහෙයවන කුඩු ජාවාරමේ ප්‍රධානීන් දෙදෙනකු වන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල කඩවත පාරේ යමින් සිටියදීය.
මරණ දඬුවම නියම වී සිටි කාන්තාව වෙලේ සුදාගේ සමීපතම ජාවාරම්කාරියක බවද පොලිසිය පවසයි.
මොවුන් වෙත හෙරොයින් තොග පිටින් ලැබෙන්නේ පාකිස්තානයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන වෙලේසුදාගෙන් බවද අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්aපති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍රÊකරවිට යන මහත්වරුන්ගේ උපදෙස් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අබේනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

0 comments:
Post a Comment