දරුවන්ගේ කතන්දරවල සතුන් හා සම්බන්ධ සිද්ධීන් තිබේ. ඒවාට සවන්දීමේදී, “සත්තු කථා කළේ කොහොමද?” යන්න දරුවන් වැඩිහිටියන්ගෙන් නිතර දෙවේලේ අසන පැනයකි. එවැනි අවස්ථාවලදී බොහෝ වැඩිහිටියෝ නිරුත්තර වෙති. ඉන්පසු දරුවන්ට ලැබෙන පිළිතුර වන්නේ ඔවුන්ගෙන් ඒ කාලේ කොහොම හරි සත්තුත් කථා කළා” යන්නය. මෙය දරුවන්ගේ පැනයට ලබා දිය හැකි පහසුම පිළිතුර බව ඇත්තකි. එහෙත් මෙහි යම් සත්‍යතාවයක් තිබෙන බව ඔබ නිකමටවත් සිතුවාද?
මිනිසා ඇතුලු දියුණු මනැස් සහිත සෑම සත්ව විශේෂයක් තුළම ඔවුනොවුන් අතරේ සිදුවන අදහස් හුවමාරුවක් හෙවත් අන්තර් සන්නිවේදනයක් තිබේ. එහෙත්, මිනිසුන්ට මෙන් සතුන්ට බුද්ධි පරිණාමයක් නැත. මානව වර්ගයාගේ භාෂා ඥානය දියුණුවීමට පෙර මිනිස්සු අනේයාන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා ශබ්ද යොදා ගත්හ. අතීතයේදී අප ජන සමාජයේ පවා කෙනෙකුට උපකාරයක් අවශ්‍ය වූ විට ඒ බව ඈත සිටින අයට දැනුම් දීමට ‘හූ’ ශබ්දය නැඟූ බව අපි දනිමු. ගොයම් කපන, ගොයම් සිටුවන අවස්ථා (ගොයම් කයිය) නිවෙස්වල වහළයට පොල් අතු සෙවිලි කරන අවස්ථාව (පොල් අතු කයිය) ඊට උදාහරණ වේ. අතීත මානවයාගේ භාෂා ඥානය දියුණු වීමට පෙර ඔවුන් ළඟ සිටින නැතහොත් ඇසට පෙනෙන ලෙස සිටින අය සමග අදහස් හුවමාරු කර ගන්නේ වාචික නොවූ අංග චලන සන්නිවේදන මගිනි. ප්‍රාථමික සමාජයක දී එය බොහෝ විට සමකාලීන අවශ්‍යතාවක් විය. අතීතයේදී දඩයමේ යන වැදි පිරිස සතුන් පැමිණෙන තෙක් සැඟවී සිටියේ සතුන්ට නොපෙනෙන නොදැනෙන සේය. එවිට ඔවුන්ට ඉලක්කය ලුහුබැඳ යාමට සුදුසු අවස්ථාව නායකයා දැනුම් දුන්නේ අංග චලනයකිනි. මෙය ආංගික සන්නිවේදනය යනුවෙන් හැඳින්වේ. අප ද ආංගික සන්නිවේදනය ද භාවිතා කරන අවස්ථා නැතුවා නෙවේ. පිරිසක්් සමග සිටින විට අන් අයට නොදැනෙන සේ දෙදෙනකුට අදහස් හුමාරු කර ගැනීමට අවශ්‍ය වූ විට එවැනි ක්‍රම යොදා ගැනේ. වචන පිට කිරීමට අපහසු ස්ථානවලදී ද අදහස් හුවමාරු කරගැනීමට අංග චලන උපයෝගී කර ගැනේ. අතීතයේ තත්ත්වය මෙසේ වන අතර වර්තමානයේ ද ප්‍රාථමික භාෂා ව්‍යවහාර කරන ගෝත්‍රික පිරිස් ලෝකයේ නොසිටින්නේම යැයි පැවැසිය හැකි නොවේ. එහෙත් දැනට සිදුවී ඇති පර්යේෂණ අනුව අතීත මානවයා තුළ මේ ආංගික සන්නිවේදනය අතිශය දියුණු තත්ත්වයක තිබි ඇත.
ප්‍රංශ ජාතික ලෙවී-ස්ට්‍රවුස් පෝලන්ත ජාතික බොනිස්වා මැලිනොවුස්කි ආදී සමාජ විද්‍යාඥයෝ රාශියක්ම මේ පිළිබඳව ගෝත්‍රික පිරිස් සමග වසර ගණන් එක්ව ජීවත්වීමෙන් පර්යේෂණ කළහ. වරක් මානව විද්‍යාඥ ලෙවී ස්ටුස්ට්‍රත් එවැනි පර්යේෂණයන් සඳහා අප්‍රිකානු ගෝත්‍රික ප්‍රාථමික සමාජ තෝරා ගන්නා ලදී. වචන පිට කිරීමකින් තොරව සියුම් ලෙස අංග චලන මගින් ඔවුනොවුන් හුවමාරු කර ගත් අදහස් හෙවත් ආංගික භාෂාව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට තමන්ට වසර විස්සක් ගතවූ බව පසුව ඔහු අනාවරණය කළේය. එම නිසා මෙම ආංගික අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමය ද ඉතා ප්‍රබල වැදගත් සන්නිවේදන ක්‍රමයක් බව පැහැදිලි වේ.
සතුන්ගේ ද අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රම තිබේ. කෑමක් දකින කපුටා නාද කරමින් ඒ බව තම පිරිසට දැනුම් දෙන බව අපි දැක ඇත්තෙමු. නිවෙස්වල ඇති කරන සුනඛයන් තම ස්වාමියා පැමිණෙන විට වල්ගය වනමින් ඉදිරියට එන්නේ ආංගික සන්නිවේදනයක් සතුට ප්‍රකාශ කිරීමටය. එය ඔහුගේ වාචික නොවූ සන්නිවේදනයකි. එමෙන්ම සතුන් අතර පවතින එවන් සන්නිවේදන රටා අප සිතනවාට වඩා බෙහෙවින් දියුණු තත්වයක පවතින බව සත්ව සහ පරිසර විද්‍යාඥයෝ අවධාරණය කරති. භාෂාව භාවිතයක් නොමැති කාලයේ මානව වර්ගයා අතර ද ව්‍යාප්තව තිබුණේ ආංගික සන්නිවේදනය බැවින් සතුන්ගේ සන්නිවේදන ක්‍රම හා ඒවා අතර යම් සම්බන්ධතාවයක් තිබුණි. ඒ ආකාරයෙන්ම අතීතයේ මිනිසුන් හා සතුන් අතර අතට වඩා මනා සබඳතාවක් ගොඩනැඟිණ. ඒ අනුව වාග් ව්‍යවහාරය ප්‍රබල නොවීම මිනිසුන් හා සතුන් අතර අදහස් හුවමාරුව අදට වඩා දියුණු තත්ත්වයක පැවැති බව බොහෝ මානව විද්‍යාඥයෝ පිළිගනිති. අද අපට එලෙස සතුන් ගේ කතා කිරීම පිළිබඳව අසන්නට ලැබෙනුයේ ළමා කතාවලින් පමණි.
අප පාසල් යන අවදියේ යම් යම් සොයා ගැනීම්, නිපදවීම්, රට රටවල අග නගර ආදිය මතකයේ තබා ගැනීමට අපි උත්සාහ කළෙමු.
නමුත් අද දරුවන්ට අන්තර්ජාලය හරහා ඒ පිළිබඳව සැනෙකින් සොයා ගත හැකිය. ඒ අනුව ඔවුන්ට ඒවා කටපාඩම් කර ගන්නා ලෙස වැඩිහිටියෝ බල නොකරති. එමෙන්ම එකල දුරකථන අංක පවා බොහෝ දෙනකුගේ මතකයේ රැඳිණි. නමුත් අද ඒ සියල්ල දුරකථනයෙහි සටහන්ව ඇති නිසා තම සමීපතයන්ගේ පවා දුරකථන අංක මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නැත. මිනිසාගේ මොළයේ මතක ගබඩාව භාවිතයෙන් තොර වීම නිසා එය ශීඝ්‍රයෙන් අකර්මණ්‍ය වෙමින් පවතී.
ඒ ආකාරයට එදා මිනිසා සහ සොබා දහම අතර පැවැති සෘජු සබඳතාවය සතුන්ගේ ආංගික සන්නිවේදනය පිළිබඳ මිනිසා දැනුවත් වීමට බොහෝ ඉවහල් වූ බව පැහැදිලි වේ. සතුන්ගේ හැඟීම් පිළිබඳවද එකල මිනිසුන් අදට වඩා දැනුවත්ව සිටියහ. බුද්ධි පරිණාමයත් සමග මිනිසාගේ භාෂා ඥානය දියුණු වූ පසු දියුණු වූ පසු එය පහසු මෙවලමක් වූ බැවින් ආංගික සන්නිවේදනය ඉබේම යටපත් විය.
නවීන තාක්ෂණික මෙවලම් භාවිතයට හුරු වූ ගෘහණියට පැරණි ක්‍රම භාවිතය අපහසු වීම, වාහනවලින් ගමන් බිමන් යාමට හුරු වූ විට පයින් ගමන් කිරීම අපහසු වීම ආදී සෙසු මානව චර්යාවන් වෙනස් වූයේ ද මේ අයුරින්මය. මේ ආකාරයට වර්තමාන මිනිසාට අතීත මිනිසාට මෙන් සතුන්ගේ භාෂාව දැන ගැනීමට සහ ඔවුන් හා කතා කිරීමේ නොහැකි වීමේ ඛිෙදවාචකය අප කවුරුත් විසිනුදු පිළිගත යුතුය.
ජලදිනී සේනානායක
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ වෛද්‍ය සුගත් විජේවර්ධන අවධාරණය කරයි

0 comments:
Post a Comment