facebook like

බොදුබල සේනාවට කරන්න පුළුවන් ඉටිගෙඩියක්‌ නෑ ---- රාජිත සේනාරත්න

මේ රටේ සිංහල, දෙමළ හා මුස්‌ලිම් ජන වර්ග අතර ගැටුම් ඇතිකොට ආණ්‌ඩුවේ සුළු ජන ඡන්ද පදනම බිඳ දමා ආණ්‌ඩුවත් ජනාධිපතිවරයාත් විනාශ කිරීම සඳහා විශාල කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලි යෑයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සාකච්ඡාවකට එක්‌වෙමිනි.

එහිදී නගන ලද ප්‍රශ්නවලට රාජිත සේනාරත්න මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍ර - මොකක්‌ද මේ බොදුබල සේනාව සහ ඔබ අතර ඇතිවී තිබෙන ප්‍රශ්නය?

පි - මේක ඇත්තටම මතවාදී ප්‍රශ්නයක්‌. මගේ මතය හැමෝම දන්නවා. මා එක්‌තරා මතයක ඉන්නේ. මොන දේශපාලන පක්‍ෂයක හිටියත් මගේ මතය වෙනස්‌ කරන්නේ නැහැ. මේ රටේ හිටපු කීර්තිමත් දේශපාලන නායකයන් සමග මතවාදී අරගලයක ඉඳලා අද මේ රටට සිදුවී ඇති ෙ€දවාචකය අවබෝධ කරගෙන තමයි මා මේ මතයේ ඉන්නේ. මේ රට ගොඩනගන්න ඕන කියන මතයේ මා ඉන්නවා. මොන බලවේග ආවත් මගේ මතය වෙනස්‌ වෙන්නේ නැහැ.

ප්‍ර - මේ ගැටුමට ආසන්න හේතුව අළුත්ගම සිද්ධියද?

පි - ඒ සිද්ධියේදී මා ඕව කතා කරන්න ගියේ නැහැ. බෞද්ධ දර්ශනය පිළිබඳවයි මා කතා කළේ. බෞද්ධ දර්ශනය අනුව ජාති ආගම් භේද නැහැ. අපි එකම මනුෂ්‍ය ජාතියක්‌ කියලා තමයි මා කිව්වේ. කාලාම සූත්‍රයෙ බුදු හාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන්නෙත් මනුෂ්‍ය ජාතිය එකම ජාතියක්‌ කියලයි. බෞද්ධ දර්ශනය තමයි මගේ දර්ශනය. වෙන කාගේවත් ඒවා මා පිළිගන්නේ නැහැ. ඒ නිසා මේ රටේත් මේ ලෝකයේත් හැමෝම මනුෂ්‍ය ජාතියට අයත් අයයි.

ප්‍ර - බොදුබල සේනාව සමග ප්‍රශ්න ඇතිකර ගැනීමෙන් දේශපාලන වශයෙන් හානියක්‌ වෙනවා නේද?

පි - හාමුදුරුවොයි කිව්වාම සිල්වත් ධර්මධර විනයධර භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. බෞද්ධ දර්ශනය අනුව භික්‍ෂූන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම දෙආකාරයි. අමූලික සද්ධාව කියල කොටසක්‌ තියෙනවා. ඒ තමයි අනවබෝධයෙන් ඕනෑම දුශ්ශීලයකුට වන්දනාමාන කිරීම, අනික්‌ එක තමයි ආකාරවතී සද්ධාව. ඒ කියන්නේ හොඳට කරුණු කාරණා අවබෝධ කරගෙන විනයධර භික්‍ෂූන් ගැන අවබෝධ කරගෙන වන්දනාමාන කිරීම සහ සිව්පසින් පිදීම. ඒකෙ උදාහරණයකුත් බුදුහාමුදුරුවෝ පෙන්නල දීල තියෙනවා. චුල්ල සොත්ති ප්‍රේත කතා වස්‌තුව කියලා. ඒ ප්‍රේතයා ප්‍රේත ආත්මෙන් මිදෙන්නට පුළුවන් තරම් මහණුන්ට දන් දුන්නා. නමුත් මිදෙන්න බැරිවුණා. මොකද ඒ මහණුන් දුශ්ශීල නිසා. අවසානයේදී බුදු හාමුදුරුවන්ට දන්දීල තමයි පින් අනුමෝදන් කරල ප්‍රේත ආත්මෙන් මිදී දිව්‍ය ආත්මයක්‌ ලැබුවයි කියල කියන්නේ.

ප්‍ර - බොදුබල සේනාවට නෝර්වේවලින් ආධාර ලැබෙන බවට ඔබ චෝදනා කරනවා. ඒ චෝදනා කරන්නේ කරුණු ඇතිවද?

පි - ඉතින් මම ඒක ඔප්පු කරල පෙන්නුවානේ. මං ගාව අදාළ ලිපි ලේඛන තිබෙනවා. මං ඔය චෝදනාව කළාම ගියවර මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ ඒක පිළිගත්තනේ. ඒක පිළිගන්න සිද්ධ වුණා. උන්වහන්සේ මට අභියෝග කළා. ඒ අභියෝගයත් මුසාවාදයක්‌නේ. එතෙන්දී මම පෙන්නුවා සම්පූර්ණ ඩොකියුමන්ට්‌ ටික. මට ඒවා පුද්ගලයෙක්‌ විසින් ලබාදුන්නේ ඒවා සත්‍ය බවට දිවුරුම් ප්‍රකාශයකුත් එක්‌කයි. ඒ තොරතුරු අනුව මේ අය නෝර්වේ යන්න ටිකට්‌ ගත්හැටි, එහෙ ගිහින් හෝටල්වල නතර වී සිටිහැටි, දෙමළ ඩයස්‌පෝරාවේ හත් දෙනෙක්‌ එක්‌ක සාකච්ඡා පැවැත්වූ හැටි, විස්‌තර තිබෙනවා. ඒ විතරක්‌ නොවෙයි මොවුන්ට වෙබ් අඩවියක්‌ නිර්මාණය කිරීමටත් නෝර්වේවලින් මුදල් දීල තියෙනවා. ඒ වෙබ් අඩවිය මොවුන් නම් කළේ සී. ද මු" යනුවෙනි. සි.ද.මු. කියන්නේ සිංහල දමිළ මුස්‌ලිම්. මෙහි සම්බන්ධීකාරක ලෙස පත්කර ගත්තේ ඉස්‌ලාව් කියන මුස්‌ලිම් ජාතිකයෙක්‌.

ඊට පස්‌සෙ තමයි මොවුන් බොදුබල සේනා පිහිටුවා ගත්තේ. ඒ ගමනින් පස්‌සෙ නෝර්වේ තානාපති කාර්යාලයේ නිලධාරියෙක්‌ මගෙන් ඇවිත් ඇහුවා මේ භික්‍ෂුන් වහන්සේ හමුවෙන්න කැමතිද කියලා. මොකද අප අතර කලින් මතවාදී වෙනසක්‌ තිබූ නිසා. දෙමළ විරෝධය ගැන. මා කිව්වා මගේ ප්‍රශ්නයක්‌ නැහැ හමුවෙන්න මා කැමතියි කියලා. ඒ අනුව ඥනසාර හාමුදුරුවෝ ඇවිත් මා හමුවුණා. හමුවෙලා වාඩි වෙන ගමන්ම උන්වහන්සේ කීවේ "ඇමැතිතුමා අපි අතීත සිදුවීම් අමතක කරල දාමු. දැන් මම ඉන්නෙත් ඔබතුමාගේ මතයේ කියලයි." ඒ කියන්නේ සිංහල දෙමළ මුස්‌ලිම් සමගියක්‌. ඒ මගේ මතවාදයනේ. ඒ නිසා මා කීවා අතීතයේදී හාමුදුරුවන් අප අතර තිබුණේ මතවාදයක්‌ මිස පෞද්ගලික ප්‍රශ්නයක්‌ නොවෙයිනේ. මගේ මතවාදය පිළිගන්නවා නම් ප්‍රශ්නයක්‌ නැහැනේ කියලා මා කීවා.

ප්‍ර - ඔය කොයි කාලෙද ?

පි - දැන් අවුරුද්දකටත් කලින්. ඔය නෝර්වේ ගිහින් ආවට පස්‌සේ. මෙම සාකච්ඡාවේදී අප එකඟ වුණා ජාතික සමගිය පිළිබඳ සම්මේලනයක්‌ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ ශාලාවේ පැවැත්වීමට. ඒ සඳහා යන සම්පූර්ණ වියදම මං දෙන්නම්. මගේ හිතවත් භික්‍ෂූන් වහන්සේලාත් එයට සහභාගි කරවන්නම් කියලත් මා කියා සිටියා. ඒ එකඟතාවය ඇතිවයි උන්වහන්සේ පිටත් වී ගියේ.

ප්‍ර - ඉතින් ඒ සම්මේලනය පැවැත්වූවාද?

පි - නැහැ. මාසයක්‌ යනකොට උන්වහන්සේ හලාල් ප්‍රශ්නය අරගෙන මුස්‌ලිම් විරෝධී ස්‌ථාවරයකට ගියා. ඉතින් මා දන්නේ නැහැ එක එක වෙලාවට උන්වහන්සේලාගේ මේ වෙනස්‌ වීම. එක වෙලාවකට දෙමළ විරෝධය, තවත් වේලාවකට මුස්‌ලිම් විරෝධය. මාත් එක්‌ක ජාතික සමගිය ගැන කතාකරනවා. මේ අවුරුදු තුන හතරට උන්වහන්සේ ස්‌ථාවර ගණනාවක හිටියා. කලක්‌ හෙළ උරුමයේ සිටියා. ඉන් පසු යුද්ධය යන විට එක්‌සත් ජාතික පක්‍ෂයට ගිහින් යුද්ධයට විරුද්ධ ස්‌ථාවරයක සිටියා. ඊට පස්‌සේ සරත් ෙµdන්සේකාට වැඩකළා. යුද්ධය ජයග්‍රහණය කරන කොට උන් වහන්සේ කොහෙද හිටියේ? මේ විදියට එක්‌ එක්‌ අවස්‌ථාවල එක්‌ එක්‌ ස්‌ථාවර ගන්නවා. උන්වහන්සේගේ මේ වැඩ මට තේරෙන්නෙ නැහැ. අපි යුද්ධයට පක්‍ෂව රජයට එක්‌ වූ විට උන්වහන්සේයි යුද විරෝධී ස්‌ථාවරයකයි සිටියේ.

ප්‍ර - දැන් ඔබ ඥනසාර හිමියන්ගෙන් වන්දි ඉල්ලා එන්තර වාසියක්‌ යවා තිබෙනවා. ශත පහක්‌වත් දෙන්නේ නැහැ කියා උන්වහන්සේ කියා තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?

පි - ඒක තීන්දු කරන්නේ උන්වහන්සේ නොවෙයිනේ. ඒක තීන්දු කරන්නේ අධිකරණයයි. එයාට අධිකරණ බලතල නැහැනේ.

ප්‍ර - ඔබ ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්‌ පසුගිය බදාදා මහනුවරට ගොස්‌ මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් හමුවුණා. එහිදී මොකද වුණේ?

පි - හොඳ ප්‍රතිචාර ලැබුණා. දවල් 11 ට අස්‌ගිරියේ මහා නායක හාමුදුරුවෝ හමුවුණා. සවස 5 ට මල්වතු අනුනායක හාමුදුරුවො හමු වුණා. සවස 6 ට මල්වතු මහා නායක හාමුදුරුවො හමු වුණා. උන් වහන්සේලා මට සම්පූර්ණ ආශිර්වාදය ලබා දුන්නා. අප බලාපොරොත්තු වුණාට වඩා හොඳ ස්‌ථාවරයක උන්වහන්සේලා ඉන්නවා. භික්‍ෂූන් වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව ඉතා කනගාටුවෙන් තමයි උන්වහන්සේලා කතා කළේ. අවසානයේදී උන්වහන්සේලා කියා සිටියා ශාසනික පනතක්‌ ගේන්න ඕන කියලා. ඒක ක්‍රියාත්මක කළා නම් විනය පියවර ගැනීමට උන්වහන්සේලාට බලතල ලැබෙනවා. එහෙම බලතලයක්‌ නැති නිසා තමයි මේ සියලු ප්‍රශ්න. උන්වහන්සේලා යෝජනා කළා ගිහි පැවිදි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය සඳහා සංවිධානයක්‌ ගොඩනගන ලෙසට.

අපි කිව්වා සියලුම පක්‍ෂ අපි ඒකට සම්බන්ධ කරන්නම් කියා.

ප්‍ර - අළුත්ගම සිද්ධියේදී ඔබ මුස්‌ලිම් ඡන්ද බලාගෙන මුස්‌ලිම් අයට විශේෂයෙන් සැලකුව බවට සමහරු චෝදනා කරනවා.?

පි - කළුතර දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් ඡන්ද තියෙන්නේ 31% යි. සියයට 69% ක්‌ම සිංහල ඡන්දයි තියෙන්නේa. ඉතින් මම මෝඩයෙක්‌ නොවෙයි එහෙම කටයුතු කරන්න. මා අවුරුදු 40 ක සිට දේශපාලනය කරනවා. ඉල්ලූ හැම ඡන්දයක්‌ම දිනුවා. මා ඒක බලාගෙන කරානම් බලාගන්න පුළුවන්. මේ මස 16 දා තිබෙනවා බේරුවල ශ්‍රී ල.නි.ප. සම්මේලනය. එදාට පැමිණෙන ජනතාවගෙන් එය පෙනේවි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී කළුතර දිස්‌ත්‍රික්‌කයේ අනිකුත් ආසනවල වැඩි ඡන්ද ප්‍රමාණය අඩුවෙද්දී මගේ ආසනේ ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබුණා. එහෙම වුණේ මා ගොඩනඟාගෙන තිබෙන ජාතික සමගිය නිසයි. එතකොට මේ රජයට සුළුජන ඡන්ද ලැබුණේ බේරුවලින් විතරයි. මුස්‌ලිම් ඡන්ද සන්ධානයට ලැබුණු නිසා තමයි කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් මුස්‌ලිම් කොන්ග්‍රසයට මෙවර එක ආසනයක්‌වත් ජයගන්නට බැරිවුණේ.

මුස්‌ලිම් පක්‍ෂයට ඡන්දය නොදී ජාතික දේශපාලන පක්‍ෂයට බේරුවල ඡන්ද ලැබුණේ මගේ ජාතික සමගි ප්‍රතිපත්තිය නිසයි. මේක බුද්ධියක්‌ නැති අයට තේරෙන්නේ නැහැ. මම සියලු ජාතීන් වෙනුවෙන් කතා කරල තියෙනවා. ඒ කියන්නේ මගේ ස්‌ථාවරය එක එක වෙලාවට වෙනස්‌ වෙලා නැහැ. නෝර්වේ යන්න ඉස්‌සෙල්ල එක ස්‌ථාවරයයි. නෝර්වේ ගිහින් ආවාට පසු වෙනත් ස්‌ථාවරයයි. ඊට පස්‌සෙ තව කාව හරි හමුවුණාම තවත් ස්‌ථාවරයයි ඒ වගේ නැහැ. මගේ ස්‌ථාවරය කවදත් එකයි.

මම ශ්‍රී ලනිප කාන්තා සම්මේලනය කැඳෙව්වාම 4000 කට අධික කාන්තාවන් ආවා. ඔවුන් සිංහල අයයි. මෙය තමයි මෙතෙක්‌ තිබූ සාර්ථකම කාන්තා සම්මේලනය දැන් 16 දා තිබෙන සම්මේලනය. බලන්නකෝ කොපමණ භික්‍ෂූන් වහන්සේලා නායක හිමිවරු වඩිනවාද කියා.

ප්‍ර - බොදුබල සේනාව පසුගියදා ඔබේ ධීවර අමාත්‍යාංශයේ දූෂණ සිදුවී ඇති බවට චෝදනා කළා. ඒ ගැන මොනවද කියන්නේ?

පි - ඒවාට මා මාධ්‍ය සාකච්ඡාවක්‌ තියලා පිළිතුරු දුන්නා. දූෂණ, වංචා පිළිබඳ නඩු ගණනාවකට වරෙන්තු 4 ක්‌ කළුතර උසාවියෙන් නිකුත් කොට තිබෙන ලෝක හොරෙක්‌ ගෙන්වා මාධ්‍ය හමුවක්‌ පවත්වා තිබුණා. එයට ගෙන්නා සිටි මේ පුද්ගලයාට ස්‌විට්‌සර්ලන්තෙට මිනිසුන් යවනවා කියා ලක්‍ෂ 25 ක්‌ වංචා කළ නඩුවක්‌ තිබෙනවා. මේ පුද්ගලයා ධීවර සංස්‌ථාවෙන් 2011 දී මා විසින් ඉවත් කළේ පත්තරේ දැන්වීමකුත් දමලයි. ඒ පුද්ගලයාගේ කියුම් අනුව තමයි මේ චෝදනා එල්ල කරන්නේ. මේවාට මගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහුගේම ප්‍රකාශවලින් අරගෙන මා පිළිතුරු දුන්නා. මේ භික්‍ෂූන් වහන්සේ කුමාර කියන මේ පුද්ගලයා දෙවන වර මාධ්‍ය සාකච්ඡාවට ගෙනාවේ යෙහියා කියන මුස්‌ලිම් පුද්ගලයකු වශයෙනුයි. ඒ තවත් පුද්ගලයකු මට විරුද්ධයි කියා පෙන්වීමටයි. තව පුද්ගලයෙක්‌ ගෙනාවා. ඔහුට ජැකට්‌ ටෙන්ඩරය ලැබුණේ නැත කියා. මා සොයලා බැලුවාම ඔහුගේ මිල ගණන් අනුව අපි ජැකට්‌ ගත්තා නම් රජයට රුපියල් මිලියන 65 ක පාඩුවක්‌ සිදුවෙනවා. අපි අඩු මුදලට නිසි ප්‍රමිතියෙන් යුත් ජැකට්‌ රජයේ සීනෝර් ආයතනයෙන් මිලට ගත්තා. මේවා පුද්ගලික අංශයෙන් ඉවත් කොට රජයේ අංශයට දීපු නිසා තමයි සීනෝර් ආයතනයත් මේ සැරේ ලාභ ලැබුවේ. මට ගනුදෙනු කරන්න නම් රාජ්‍ය ආයතනයකට නොදී පෞද්ගලික ආයතනයකට දෙන්න තිබුණා.

ප්‍ර - මේ සැරේ කෝප් වාර්තාවේ සඳහන් වෙනවා වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ධීවර සංස්‌ථාවත් තිබෙන බව ඇයි ඒ?

පි - කෝප් වාර්තාව කියන්නේ සංඛ්‍යා ලේඛන ගැන විතරයි. සංස්‌ථාවල ප්‍රගතියක්‌ එහි සඳහන් කරන්නේ නැහැ. ධීවර සංස්‌ථාවේ කලින් පාඩුව රුපියල් මිලියන 123 යි. දැන් එය මිලියන 70 ට අඩු කරගෙන තිබෙනවා. භාගයකට අඩු කළේ කොහොමද ධීවර සංස්‌ථා වෙළෙඳසල් 134 ක්‌ දක්‌වා වැඩි කරලා. සතොස වෙළෙඳසල් 235 කට මාළු සපයමින්, සහ කෝප් සහ ආර්ථික මධ්‍යස්‌ථාන 61 කට මාළු සපයමින් වර්ධනයක්‌ ඇති කළා. ඒ අලුතින් අරින හැම වෙළෙඳ සලකටම රුපියල් මිලියන 1 1/2 ක පමණ මුදලක්‌ ආයෝජනය කරන්න ඕන. අධි ශීතකරණ ලබාදීමට. ඊට අමතරව සේවකයන් අලුතින් ගන්න ඕන. ඔවුන්ට පඩි ගෙවන්න ඕන. ඒ හා සමානව මිලදී ගන්න මාළු ප්‍රමාණය වැඩි කරන්න ඕන. මම එන විට මසකට මෙට්‌රික්‌ටොන් 900 ක්‌ වූ මාළු වෙළෙ¹ම දැන් මෙට්‌රික්‌ ටොන් 2000 දක්‌වා වැඩිවී තිබෙනවා. මේ අනුව 2012 - 2014 දක්‌වා අද වනතුරු මාළු මිල එකම මට්‌ටමක තිබෙන බව භාණ්‌ඩාගාරය පෙන්වා දී තිබෙනවා.

අපට ලාභ ලබන්න පුළුවන් මේ ලැබෙන මාළුටික තොග පිටින් විකුණලා දැම්මානම්. මීට කලින් සිටි අමාත්‍යවරයකුගේ කාලේ නැව්වලින් එන මාළු තොග පිටින් විකුණලා ලාභ පෙන්නුවා. නමුත් අපි සුළු ලාභයක්‌ තියාගෙන ඒ මාළු සාධාරණ මිලට බෙදාහරිනවා. ඒකෙන් තමයි මාළු මිල ස්‌ථාවර වෙලා තිබෙන්නේ.

මා එනවිට මේ රටේ එක්‌ පුද්ගලයකුගේ දෛනික මාළු පරිභෝජනය තිබුණේ ග්‍රෑම් 28 යි. අද වෙනකොට එය ග්‍රෑම් 43.1 කට වැඩිවී තිබෙනවා. මිනිස්‌සුන්ට මාළු වැඩියෙන් කන්න දීලා මාළු මිල ස්‌ථාවරව තබාගත හැකිවී තිබෙන්නේ ධීවර සංස්‌ථාව නිසයි. මේක සේවයක්‌. අපි ලාභය වගේම සේවයත් බලන්න ඕන. අනික ධීවර සංස්‌ථාවට රජයෙන් සතයක්‌වත් ලැබෙන්නේ නැහැ. මේකෙන් පාඩු වුණාය කියල රජයට කිසිම පාඩුවක්‌ සිදුවෙන්නේ නැහැ.

ප්‍ර - මේ රටේ ජාතික ප්‍රශ්නය ගැන 1980 ගණන්වල සිටම ඔබ එකම ස්‌ථාවරයක ඉන්නවා. ඒක වෙනස්‌ වෙලා නැහැ. නමුත් මේ ආණ්‌ඩුව ඇතුලේම ඉන්නවා ඒ මතවාදයට විරුද්ධ අය. ඔවුන්ගෙන් ඔබට කැබිනට්‌ මණ්‌ඩලය තුළ බලපෑම් එල්ල වෙන්නේ නැද්ද?

පි - නැහැ. ඒගොල්ලන්ගේ ස්‌ථාවරය ඒගොල්ලො දක්‌වනවා. මම මගේ ස්‌ථාවරය ප්‍රකාශ කරනවා. ආණ්‌ඩුව ඇතුලේ ඉන්න කට්‌ටිය බොහොම වැදගත් විදියට තමයි ඔවුන්ගේ මතවාදය ගෙන යන්නේ. ඔවුන් ඔවුන්ගේ මතවාදය ඉදිරිපත් කරනවා මිස මඩ ගසමින් චරිත ඝාතන කරන්නේ නැහැ. රතන හාමුදුරුවෝ බොහොම වැදගත් විදියට තමයි දේශපාලන න්‍යාය ඉදිරිපත් කරන්නේ. චම්පික ඇමැතිවරයාත් එසේමයි. ඔවුන් එක්‌ක මම ඕන තරම් වාද කරල තිබෙනවා. ඒ වාද බුද්ධිමත් වාද. ඔවුන් බුද්ධිමත්. ඒ නිසා ඒවා බුද්ධිමතුන් අතර වාද විතරයි.

ප්‍ර - මේ බොදුබල සේනා වැනි සංවිධාන නිසා ආණ්‌ඩුවේ සුළු ඡන්ද පදනමට හානි වෙනවානේද?

පි - සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. ද්‍රවිඩ ඡන්දත් යුද්දෙන් පස්‌සේ නැතිව ගියා. මොවුන් දැන් මුස්‌ලිම් ඡන්දත් නැති කරන්න තමයි හදන්නේ. ජනාධිපතිතුමා ළඟදී කැබිනට්‌ රැස්‌වීමේදී කිව්වා යුද්දෙ නිසා දෙමළ ඡන්ද නැති වුණා. මේ අය නිසා මුස්‌ලිම් ඡන්දත් නැතිවුණා. දැන් ඔබලා සිංහල ඡන්දත් නැති කරන්න හදන්න එපා කියලා එක්‌තරා ඇමැතිවරයකුට කිව්වා. මේ විදියට ගියොත් හෙට අනිද්දා කතෝලික ඡන්ද ටිකත් නැතිකර ගත්තොත් අන්තිමේ සිංහල බෞද්ධ ඡන්ද විතරයි ඉතිරි වෙන්නේ. එහෙම වුණොත් ජයග්‍රහණය කිරීමට සිංහල බෞද්ධ ඡන්දවලින් 72% ක්‌ ලබා ගැනීමට සිදුවෙනවා.

කොහොම උනත් රටේ ජාතික සමගිය තහවුරු කරලා, රටට වැඩක්‌ කළොත් ඔය බොදු බල සේනාවට කරන්න පුළුවන් ඉටිගෙඩියක්‌ නෑ කියල මං කියනවා. අපට වුවමනා එක්‌සත් ලංකාවක්‌.

මේක මහා විශාල කුමන්ත්‍රණයක්‌. මේ ජනාධිපතිතුමා විනාශ කරලා මේ රජයත් විනාශ කරන්නට හදන මේ අයට නොදැනුවත්ව හෝ කවුරු හරි උඩගෙඩි දෙනවා නම් ජනාධිපතිතුමත් රජයත් විනාශ වීමයි එයින් සිදුවන්නේ. මේක මේ ආණ්‌ඩුව විනාශ කිරීම සඳහා ගෙන යන ලොකු කුමන්ත්‍රණයක්‌.

අපි අපට හැකි පමණින් යුද්ධය ජයග්‍රහණය කර මේ රට බේරාගත් ජනාධිපතිතුමා ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරනවා. මා දන්නවා මේ ජනාධිපතිතුමාට දැඩි ස්‌ථාවර නැහැ. ඒ නිසා එතුමන් සමග මේ සියලු ස්‌ථාවර වෙනස්‌ කළ හැකියෑයි කියල මා තවමත් පිළිගන්නවා. මා හිතන්නේ වාමාංශික පක්‍ෂවල නායකයොත් ඒක පිළිගන්නවා. එනිසා මේ යුගයේ අපට කරන්න පුළුවන් කාර්යභාරය ඒ මතවාදය තුළ ඔහුව ශක්‌තිමත් කිරීමයි. ශක්‌තිමත් කර පුළුල් ජන මෙහෙවරකට එතුමා යොමුකරවීම තමයි මේ යුගයේ අපට පැවරී ඇති කාර්යභාරය.

සාකච්ඡා කළේ
දයා ලංකාපුර
divaina -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive