සාමාන්‍ය පෙළ හදාරන සිසුවියක වුණු දිනූෂා අවුරුදු පහළොවක යුවතියක්.
පාසලේදී දිනූෂා වඩාත් දක්ෂතා පෙන්නුවෙ නැටුම් විෂයට. ගොඩක් ආශාවෙන් පාසල් ගිය දිනූෂාට හිටිගමන් උදේ පාසල් යන්නට සූදානම් වෙනකොට දෙපාවල අප්‍රාණික ගතියක් ඇතිවෙන්න පටන් ගත්තා. මේක කොයි තරම් තදින් ඇතිවුණාද කිව්වොත් දිනූෂා බිම වැටෙන්න ගිහින් බේරුණේ අනූනමයෙන්. ඒ වගේම ඒ වෙලාවට ඇස් දෙක නිලංකාර වීගෙන යන අන්දමේ ස්වභාවයකුත් දිනූෂාට දැනෙන්න වුණා. මෙයින් මහත්සේ බියටත් කලබලයටත්
පත් දිනූෂාගේ දෙමාපියන් දිනූෂාවත් ත්‍රිරෝද රථයක නංවාගෙන ළඟම තිබෙන රෝහලට රැගෙන ගියා.
එහිදී ඇය රෝහල් වාට්ටුවකට ඇතුළත් කෙරුණා. නමුත් වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි වුණේ ඇයට සැලකිය යුතු අන්දමේ රෝගාබාධයක් නොමැති බවයි. ඉන්පසු ඇගේ ටිකට් කපා තිබුණා.
රෝහලේ සිටි දින දෙක තුනක කාලයේ දිනුෂාගේ දෙපා අප්‍රාණික වීම, ක්ලාන්ත ගතිය වැනි ලක්ෂණ මතු වුණේ නෑ. රෝහලෙන් පැමිණ යළි පාසල් යාමට සූදානම් වූ පසු එම රෝග ලක්ෂණ යළිත් මතු වුණා.
මෙය රෝගයක් නොවන බව වෛද්‍යවරුන් කී නිසා කාගෙත් අදහස වුණේ කුමක් හෝ අමනුෂ්‍ය බැල්මක් විය හැකි බවයි. ඒ අනුව දිනුෂා ද කැටුව ඇගේ මව්පියන් සාස්තරයක් අසන්නට දේවාලයකට ගියා. එහිදී දිනූෂාට ආවේශයක් ඇති වුණා.
දිනුෂා වයස අවුරුදු තුනක දැරියකව සිටියදී ඇගේ මාමා, එනම් මවගේ බාල සොයුරා හදිසියේම මියගොස් තිබුණා. දැන් දිනුෂාගේ ශරීරයට ඇතුල් වී තිබෙන්නේ එම මිය ගිය මාමාගේ භූතාත්මය බව සාස්තරකාරිය ආවේශයෙන්ම පවසා සිටියා. ඔහු ප්‍රේතයකු වී ඉපදී සිටින බවත්, ඔහු කැමති කෑම වර්ග සහිතව ප්‍රේත ගොටුවක් ද තබා තොවිලයක් කළ යුතු බවයි සාස්තරයෙන් කියුවණේ.
ඊට පස්සෙ දිනුෂලාගේ ගෙදර ලොකු තොවිලයක් සූදානම් කෙරුණා. මේ දේවල් මෙසේ සිදුවෙද්දී දිනුෂාගෙ පාසල් ගමනත් ඉබේම නතර වුණා. එක් දිනෙක රැය පහන් වන තුරුම තොවිලය සිදු කෙරුණා. ප්‍රේතයාට ප්‍රේත තටුවක් ද තැබූ පසු දිනුෂාගේ ශරීරයෙන් ප්‍රේතයා පිටුවහල් කළ බව තොවිලය අවසානයේ කට්ටඩියා විසින් පවසනු ලැබුවා.
දැන් ඉතින් සියලු කරදර නිවාරණයි යනුවෙන් දිනුෂාගේ දෙමාපියන් සැනසුම් සුසුම් හෙලුවත් ඒ සැනසීම තිබුණේ දිනුෂා යළි පාසලට යාමට සූදානම් වනතුරු පමණයි. තොවිලයට දින දෙකකට පසු දිනුෂා පාසල් යාමට සූදානම් වුණා. සෑහෙන දවසක් ගෙදර නතරවී හිඳ, ඒ ඇය යළි පාසල් යාම ආරම්භ කළ දිනයයි. අවාසනාවකට වගේ යළිත් ඇගේ දෙපා අප්‍රාණිකවීමට පටන් ගත්තා. පෙර මෙන් ඇස් නිලංකාර වීගෙන එන ස්වභාවයක් සමග ක්ලාන්ත ගතියක් ඇති වුණා. දිනුෂාගේ මවට දැනුණේ කියාගන්න බැරි තරමේ දුකක් සහ බියක්.
‘මේතරම් වියදම් කරල තොවිලයක් කරලත් මේ දරුවගෙ ඇඟෙන් මේ පෙරේත ආත්මෙ අයින් වුණේ නැද්ද? දැන් ඉතින් කාට කියන්නද?’ දිනුෂාගේ මව විස්සෝප වුණා.
අන්තිමේ දිනුෂාව යළි ඇගේ මව රෝහලට එක්කරගෙන ගොස් සියලුම විස්තර වෛද්‍යවරයෙකු හමුවේ හෙළි කළා. එම වෛද්‍යවරයා තමයි දිනුෂාව රෝහලේ මනෝ වෛද්‍යවරයා වෙත යොමු කළේ.
මෙහිදී දිනුෂාගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා සියල්ල පරීක්ෂා කළ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ඇය සමග කතාබහ කරන්නට පටන් ගත්තේ මේ රෝගයට මානසික හේතුවක් තිබේද යන්න සොයා බලන්නටයි. ඒ සඳහා දිනුෂාත් ඇගේ මවත් වෙන වෙනම ගෙන කතාබහ කරන්නට වෛද්‍යවරයාට සිදු වුණා.
එහිදී හෙළි කරගත් තොරතුරුවලට අනුව දිනුෂාගේ රෝගයට හේතුව මානසික තත්ත්වයක් බව මනෝ වෛද්‍යවරයා අවබෝධ කරගත්තා.
දිනුෂා නැටුම් විෂයට ගොඩක් කැමතියි. පාසලේ නැටුම් විෂය බාර ගුරුතුමියත් දිනුෂා ගැන ලොකු පැහැදීමකින් හිටියෙ. පාසලේ විවිධ ප්‍රසංග, නැටුම් තරග මේ බොහෝ දේවල්වලට දිනුෂාව සහභාගි කර ගනු ලැබුවා. මේ අතරේ නැටුම් ගුරුවරිය තම නිවසේම පෞද්ගලික නැටුම් පන්තියක් ආරම්භ කළා. ඒ සඳහා පාසලේදී ඇගෙන් නැටුම් හදාරන සිසු සිසුවියන්ට සහභාගි වන ලෙස ඇය දන්වා තිබුණා. දිනුෂාටත් එය දන්වන්න ගුරුතුමිය අමතක කළේ නෑ. ඇය එම පන්තියට ඇතුළු වුවත් මාසයක පමණ කාලයක් තමයි දිනුෂාටය ඊට සහභාගිවීමට හැකි වුණේ. හේතුව ගුරුතුමිය නැටුම් ඉගැන්වීම සඳහා අය කළ මාසික ගාස්තුව තරමක ඉහළ අගයක් ගැනීමයි. දිනුෂා සාමාන්‍ය පෙළ හදාරන නිසා තවත්
විෂයන් කිහිපයකටම ඇය අමතර පන්තිවලට සහභාගි වුණා. ඒ අනුව නැටුම් විෂයටත් තව අමතර මුදලක් දැරීමට ඇගේ දෙමාපියන්ට හැකියාව තිබුණෙ නෑ.
නමුත් දිනුෂා මේ පන්තියට සහභාගිවීම අතහැරීම පිළිබඳව නැටුම් ගුරුතුමිය කෝපයට පත් වුණා. ඇය ඉන්පසු දිනුෂාගේ සුළු වරදකට පවා ඇයට අනිකුත් සිසු සිසුවියන් ඉදිරියේ දැඩිව දෝෂාරෝපණය කළ අතර ඇය කිසිදු තරගයකට සහභාගිකර ගැනීමෙන් පවා වැළකී සිටියා. මේ අතර සමස්ත ලංකා නැටුම් තරගයකට මේ පාසලෙන් සිසු සිසුවියන් ඉදිරිපත්කිරීම සඳහා සිසු සිසුවියන් තෝරා ගැනීම සිදුවුණා. කලින් පාසල් මට්ටමින් සේම දිස්ත්‍රික් මට්ටමින් පවා ජයග්‍රහණ ලබා තිබූ දිනූෂාව අතහැර ඇයට වඩා දක්ෂතාවලින් අඩු සිසු සිසුවියන් පවා නැටුම් ගුරුතුමිය මේ සඳහා තෝරා ගනු ලැබුවේ ගුරු වෘත්තියට පවා නොගැළපෙන අන්දමිනුයි. මෙහිදී ඇය තමාගේ පෞද්ගලික පන්තියට සහභාගි වන සිසු සිසුවියන්ට තමයි ප්‍රමුඛතාවය ලබා දුන්නෙ.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට පැමිණිලි කරන්නට දිනුෂාටවත් ඇගේ දෙමාපියන්ටවත් හැකියාව තිබුණෙ නෑ. එවැනි දෙයක් සිදුවුණොත් දිනුෂාට කරනු ලබන කෙනෙහිලිකම් තවත් වැඩි වන නිසා ඔවුන් ඊට පසු බෑවා. නමුත් ඉන්පසු දිනුෂාට පාසල මතක් වන විටත් දැනුණෙ දැඩි මානසික පීඩනයක්. එම පීඩනයෙන් ඇය මුදවාලීම සඳහා ඇගේම යටි සිත යොදන ලද ප්‍රයෝගයක් ලෙසින් දිනුෂාට උදේට පාසල් යාමට සූදානම් වන විට දෙපා අප්‍රාණිකවීම හා ක්ලාන්ත ස්වභාවය ඇති වුණා. මෙය විඝටනාබාධය නමින් හඳුන්වන මානසික ආබාධයයි. එයට මනෝ චිකිත්සක හා ඖෂධ ප්‍රතිකාර ලබාදීමෙන් පසු දිනුෂා සුවපත් වුණා. ඇගේ තත්ත්වය පිළිබඳව විදුහල්පතිවරයාව සහ නැටුම් ගුරුවරියවත් දැනුවත් කිරීමට මනෝ වෛද්‍යවරයා පියවර ගත්තා. දිනුෂාට සුවය ලබන්නට එයත් උපකාර වුණා.

0 comments:
Post a Comment