facebook like

ඥානසාර හිමි ගැන කීමට ඇමතිවරු මහනාහිමිවරුන් හමුවෙති

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේකි‍්‍රයාකලාපය හා හැසිරීම භික්ෂූන් වහන්සේ නමකට සුදුසු නොවන බවටමහනා හිමිවරුන් දැනුවත් කිරීම සඳහා රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු 13 පෙරවරුවේ මහනුවරට පැමිණියා.

ජනක බණ්ඩාර තෙන්නකෝන්, මර්වින් සිල්වා, රාජිතසේනාරත්න, සාලින්ද දිසානායක යන අමාත්‍යවරුන් මෙන්ම මධ්‍යම පළාත් සභාවේඅමාත්‍යවරයෙකු සහ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු ඊට එක්ව සිටියා. මෙම පිරිසප‍්‍රථමයෙන්ම අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශවයේ මහනායකඅතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත නාහිමියන් සමඟ සාකච්ඡ කරනු ලැබුවා.

සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස හමුව ආවරණය කිරීමටපැමිණි මාධ්‍යවේදීන්ගෙන් අමාත්‍ය මර්වින් සිල්වා ඉල්ලීමක්ද කළා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වු රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ බොදුබල සේනාසංවිධානයේ මහ ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් ගත් තීරණයද මහනාහිමියන් අනුමත කළ බවයි.

අනතුරුව අමාත්‍ය මර්වින් සිල්වාද මාධ්‍යවෙත අදහස් දක්වා සිටියා. අමාත්‍යවරයා කියා සිටියේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිදුකරන ඇතැම් ප‍්‍රකාශ භික්ෂූන්වහන්සේ නමකට සුදුසු නොවන බවයි. මේ නිසා තමන් උන්වහන්සේගේ ක‍්‍රියාකලාපයටවිරෝධය පළ කරන බවද සඳහන් කළා.

මීට දින කිහිපයකට පෙර අවස්ථාවකදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මල්වතු මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේ සිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමේ අරමුණිනි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive