facebook like

එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ සාක්ෂිදීමට මංගල සැරසෙයි

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොමිසමට විදේශ උපදේශකයින් තිදෙනෙකු පත්කිරීමෙන් හමුදාව පාවාදීමේ සූදානමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ යුද්ධයේදී අණ දුන් ඉහළ නිලධාරීන් බේරාගැනීම සඳහා ආණ්ඩුව මෙලෙස කි‍්‍රයාකර ඇති බවයි.

අපිටත් සාධාරණ සැකයක් ඇති වෙනවා මෙම උපදේශකවරුන් තිදෙනා පත් කර තිබෙන්නේ ඉහළ අයගේ ඇඟ බේරලා හමුදාවේ පහළ අයට වරද පටවලා විශේෂයෙන්ම අණදීපු අය බේර ගන්නද කියලා. මේ අය මොන මොන විදිහට කෑ ගසුවත් ඔවුන් දන්නවා දැන් ජාත්‍යන්තර පරීක්ෂණය දැන් නවත්වන්න බැරි බව. නවත්ව ගන්න විදිහ අපි දිගින් දිගටම කිව්වත් එයට ඇහුම්කන් දුන්නේන නැහැ.


එල්.ටී.ටී.ඊය සතුව තිබූ මුදල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේදී තමන් සාක්ෂි දීමට සූදානම් බවද මංගල සමරවීර මහතා පැවසුවා.

මම විදේශ ඇමැතිවරයා වශයෙන් සිටියදී තමයි එල්.ටී.ටී.ඊ.ය වැඩියෙන් මුදල් හොයපු යුරෝපීය සංගමය තුළ තහනමක් ලබාගත්තේ. රටවල් 25ක එල්.ටී.ටී.ඊ. තහනම මම එදා විදේශ ඇමැතිවරයා ලෙස ලබාගත්තා. එම තොරතුරු තවමත් මා සතුව තිබෙනවා. එම නිසා මම තවත් පුළුල්ව සාකච්ඡා කරලා සමහර විට එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් සහ එල්.ටී.ටී.ඊයේ මුදල් සම්බන්ධයෙන් සාක්ෂිදීමට මම ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී විශේෂ හෙළිදරව්වක් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම හමුදාව පවා දෙන්නේ නැහැ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive