ප්රබල ඇමැතිවරු පිරිසක් සහ ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකක නායකයන් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ රහස් සාකච්ඡාවක නිරතව ඇත.
මෙම අයගෙන් පිරිසක් පසුගිය 31 දා (බ්රහස්පතින්දා) රාත්රියේ ද විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම පිළිබඳවද විපක්ෂ නායකවරයා සහ ආණ්ඩුවේ කණ්ඩායම අතර සාකච්ඡා වී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී Rජුවම එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට මෙම පක්ෂ නායකයන් සහ ඇමැතිවරු එකඟත්වය පළකර නැත. එහෙත් ඇතැමුන් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායම් ලෙසද තවත් පිරිසක් ආණ්ඩුව සමග හිඳිමින් ද රනිල් වික්රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරී ඇත.
ඉදිරි දිනවලදී නැවත වතාවක් මෙසේ රහස් සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟ වී ඇතැයි ද එම අවස්ථාවේදී තවත් කිහිප දෙනකු ද ඊට සහභාගි කරවීමටත් ආණ්ඩුවේ පාර්ශවය රනිල් වික්රමසිංහ මහතාට පොරොන්දු වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
දිවයින

0 comments:
Post a Comment