දේශපාලන කරළිය උණුසුම් වන හැම මොහොතකම වාගේ සිදුවන්නේ නොවිය යුතු දේය. ඒ සිදුවීම් කිසිවක අවස්ථා සම්බන්ධය ගැළපිය නොහැකිය. කාගේ හෝ වුවමනාවකින් තොරව වුව නොවිය යුතු දේ වෙයි. දැන් මේවා ත්‍රස්ත ක්‍රියා සේ සලකා ලඝුකොට දැක්විය නොහැකිය. කඩාකප්පල්කාරී ක්‍රියා සේ සලකා නැති පාර්ශ්ව වැරැදිකරුවන් බවට පත්කළ නොහැකිය. රාජ්‍ය මර්දනයේ වෙනස් මුහුණුවරක් සේ සලකා රජයට ඇඟිල්ල දිගු කළ නොහැකිය. සිදුවීම් එතරම්ම අහඹුය. පෞද්ගලිකය. නමුදු කාලයත් අවස්ථාවත් සැලකිල්ලට ගත් විට ඒවායේ කිසියම් අවිනිශ්චිත බවක් නැත්තේම නොවේ.
මේ දවස්වල දේශපාලන කරළියට අවශ්‍ය උණුසුම් මතවාද සපයන්නේ උෟව පළාත් සභා මැතිවරණ සටනත් ජනාධිපතිවරණ සටනත්ය. එළැඹෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම විපක්ෂයේ දැවෙන ප්රශ්නයයි. උෟව පළාත් සභා සටනින් ජයගත හැකි ආකර්ෂණීය අපේක්ෂකයන් නම් කිරීම පක්ෂ විපක්ෂ සියල්ලන් ඉදිරියේම ඇති අභියෝගයයි. පොදු අපේක්ෂකයකු නම් කිරීමේ අර්බුදයේදී කියවෙන නම් අතර කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නම ඉදිරියෙන්ම කියවේ. ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණය කවදා පැවැත් වුණත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සෑම සටනකම තීරණාත්මක සාධකයක් වේ. ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණට අලුත් ජවයක් ලබාදෙමින් ගමින් ගමට කරළියේ කතාබහ අරගෙන යන අතිශය ප්‍රබල සන්නිවේදකයෙකි. පුද්ගල වටිනාකම් කාලයට සාපේක්ෂව එලෙස ගොඩනැඟෙද්දී පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක ගමන් ගත් කැබ් රථය අනතුරට පත්වීම බොහෝ දෙනාගේ කලබලයට හේතුවක් විය. දේශපාලන කරළියේ උණුසුම්ම පුවත් මවන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නිල රථයද අනතුරට පත්වූයේ ඊට සමීප දිනකය. මේ අනතුරු දෙකෙන්ම ජීවිත හානි කිසිවක් වාර්තා නොවූවත් අනුර කුමාර දිසානායක මහතා සුළු තුවාල ලබා අනූනවයෙන් බේරිණි. කරළියේ උණුසුම් කතා මවන ජනප්‍රිය දේශපාලන චරිත වටා මෙලෙස අවාසනාවන්ත සිදුවීම් පෙළ ගැසෙන්නේ කෙසේද යන්න ගැටලුවක් වුවත් එහි අක්මුල් සෙවීම දේශපාලනය තරමට සංකීර්ණය. නමුදු ඒ අහඹු සිදුවීම් පිළිබඳ නොසිතාම බැරිය.
පසුගිය 28 වැනිදා දහවල් රත්නපුර - හොරණ මාර්ගයේ හොලිපිටියේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. අනතුරින් තුවාල ලැබූ අනුර කුමාර මන්ත්‍රිවරයා රත්නපුර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් මාරුකර යවා දැන් සුවය ලබමින් සිටියි. අනතුරේ ස්වභාවය සැලකිල්ලට ගත් විට වැටහී යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ජීවිතය අනූනවයෙන් බේරී ඇති බවයි. රත්නපුර ප්‍රදේශයේ පැවැත්වූ ජනහමු කීපයක් ඇමතීම සඳහා ගමන් කරමින් සිටියදී අනුර කුමාර දිසානායක මහතා මේ අනතුරට මුහුණ පා ඇත. වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක අනුර කුමාර මහතා ගමන් ගත් කැබ්රථය ගැටී තිබුණු අතර කැබ්රථයේ ඉදිරිපසට දැඩි හානි සිදුවී තිබිණි. මේ අනතුරින් අනූනවයෙන් ජීවිතය බේරාගත් අනුර කුමාර මහතා විශේෂ වෛද්‍ය කණ්ඩායමක පරීක්ෂණ යටතේ ප්‍රතිකාර සඳහා භාජන කරනු දක්නට ලැබිණි. මේ සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සමඟ ඒ අවස්ථාවේ කැබ්රථයේ ගමන් ගත් රියැදුරුව අත්අඩංගුවට ගැනුණු අතර රුපියල් 50,000ක ශරීර ඇප මත ඔහුව නිදහස් කරනු ලැබීය. මේ සම්බන්ධව වැඩිදුර නඩු විභාගය රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අගෝස්තු 04 වැනිදාට පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අනතුරට පත් වන්නේ ඊට දින කීපයකට ඉහතදී (23දා) සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ද එවැනිම අනතුරකට මුහුණ පා සිටියදීය. අනතුරේ ස්වභාවය එතරම්ම බරපතළ නොවූවත් සෝභිත හාමුදුරුවන් ගමන් ගත් මෝටර් රථය ඉදිරියෙන් නවතා තිබූ වාහනයේ හැපී ඉන් නොනැවතී පසුපසින් පැමිණි වාහනයක් සමඟද ගැටීමට ලක්විය. මේ අනතුර නිසා වාහන තුනකට අලාභහානි සිදුවිය. අනතුරින් සෝභිත හාමුදුරුවන්ට හෝ කිසිදු පුද්ගලයකුට තුවාල සිදුනොවීම වාසනාවට කරුණක් විය.
දේශපාලන කරළියේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිත වටා මෙවැනි අතිශය අහඹු හදිසි තත්ත්වයක් නිර්මාණය වීම ඉතිහාසයේ පටන්ම සිදුවන්නකි. ත්‍රස්තවාදය පැවැති සමයේ දකුණේ හෝ උතුරේ ස්ථාවර වන ඹ්.ඊ.ඊ.ඡ්. පාක්ෂික නොවන සෑම නායකයෙක්ම මෙවැනි හදිසි අනතුරුවලට මුහුණපානු ලැබීය. ත්රස්තවාදයට අභියෝගයක් විය හැකි යැයි සිතෙන සියලුම දේශපාලන චරිත වටා ත්රස්තවාදයේ ඇල්ම බැල්ම වැටී තිබිණි. පවතින දේශපාලනයේ කෝන්තරද ත්රස්තවාදයේ නාමයෙන් හුවමාරු වූ අවස්ථාද මේ අතර නැතුවා නොවේ. හිටිගමන් මුහුණ පාන්නට සිදුවන මෙවැනි හදිසි තත්ත්වයන් ඇතැම් විට දේශපාලනයේ මත ගැටුමක ප්‍රතිඵලයක් විය හැකිය. මේ කිසිවක් නොවී දේශපාලන කරළියේ ජනප්‍රිය චරිත වටා ගොඩනැඟෙන අහඹු අවාසනාවක්ද විය හැකිය.
මෙය නම් දරුවන්ට මහා අපල කාලයකි. එක දිගට දරුවන් සම්බන්ධ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වෙද්දී අපි එසේ සිතුවෙමු. මෙය නම් ක්‍රීඩකයන්ට මහා අපල කාලයකි. දිගින් දිගටම ක්‍රීඩාවේ අලකලංචි සිදුවෙද්දී අපි එසේ සිතුවෙමු. එනයින් බලන කල මේ දේශපාලනයේ ජනප්‍රිය චරිතවලට අපල කලදසාවක්ද...? මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ විරුද්ධ පක්ෂ බොහොමයක කැමැත්ත දිනාගත හැකි පොදු අපේක්ෂක නම් ලැයිස්තුවේ පෙරමුණ ගත් හිමි නමකි. ජනාධිපතිවරණ සටනේදී තීරණාත්මක විපක්ෂය පෙළගැසෙන්නේ උන්වහන්සේ වටා විය හැකිය. බොහෝ පාර්ශ්ව එකඟ කරගැනීමේ මධ්‍යස්ථ ස්වභාවයක් සෝභිත හිමියන් සතුය. මේ නිසා අතිශය ස්වාභාවික අතිශය සරල හදිසි අනතුරක් වුවත් උන්වහන්සේගේ වටිනාකම දැනෙන මේ යුගයේ ඒ අහඹුව කොහොමටවත් සුළුකොට තැකීමට නොහැකිය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ට මීට ඉහතදීද රිය අනතුරකට මුහුණ දෙන්නට සිදුවිය. එම අනතුර මෙතරම්ම සරල ස්වාභාවික එකක් නොවීය. 2010 වර්ෂයේදී සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මහා සංඝ සම්මේලනයට සහභාගි වීමට වැඩම කිරීමේදී මේ අනතුරට උන්වහන්සේ මුහුණ දුන්හ. නුවර පැවැත්වූ සංඝ සමුළුවට උන්වහන්සේගේ පැමිණීම නැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කඩාකප්පල්කාරී පිරිසක් මේ අනතුර කර තිබිණි. පිටකෝට්ටේ ප්‍රදේශයේදී සෝභිත හිමියන් ගමන්ගත් වාහනය සැහැල්ලු ලොරි රථයක ගැටිණි. ඊට සමාන ලොරි රථයක් එදිනම උදෑසන උන්වහන්සේගේ නාගවිහාරය අසල නවතා තිබී ඇත. 2014දී සෝභිත හිමියන් මුහුණ දුන් අනතුර අතිශය ස්වාභාවික එකක් වුවත් 2010දී එය සංවිධානාත්මකව සිදුවූවක් බවට සැක පහළ කළ හැකි සිදුවීමක් විය.
අනතුරු ස්වාභාවිකය. දේශපාලන කරළියේ සිදුවන අනතුරු ඇතැම් විට අස්වාභාවිකය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුහුණ දුන්නේ ස්වාභාවික ගණයේ ලා සැලකිය හැකි අනතුරකට වුවත් මේ මොහොතේ එය බොහෝදෙනාගේ කම්පනයට හේතු විය. දේශපාලන කරළියට අනුර කුමාරලා අවශ්‍යම යුගයක මෙවැනි මාරක රිය අනතුරු මුණ ගැසීම නොවිය යුතුය. කාගේවත් බලපෑමෙන් තොරව වුවද එම සිදුවීම් කම්පනය දනවන්නක් වූයේ එබැවිනි.
දේශපාලන කරළිය උණුසුම් වන තරමටම පුද්ගල චරිතද ඉස්මතු වේ. එම චරිතවල පැවැත්ම ඉන්පසු ඔවුන්ටත් වඩා ජනතාවට වටී. එක දිගට සිදුවන රිය අනතුරු නිසා මේ ඉස්මතු වන ප්‍රබල චරිත යටපත් වීම නොවිය යුතුය. නමුත් ස්වභාව ධර්මයට පුද්ගල චරිත තෝරා බේරා අනතුරු සිදුකිරීමේ පුරුද්දක් නැත.
වාසනා සුරංගිකා විතානගේ

0 comments:
Post a Comment