facebook like

වාස්ගේ පුතා හිරේ ඉඳන් ඇමැති පුතාට කෝල් දීලා

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින රවිඳු වාස් ගුණවර්ධන බන්ධනාගාරයේ සිටියදී නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකතනයක් භාවිත කරමින් වයඹ පළාත් සභා මන්ත්‍රි පියුමාල් හේරත් මහතා ඇතුළු කිහිපදෙනකුට ඇමතුම් ලබාගෙන තිබෙන බව රහස් පොලිසිය සිදු කළ විශේෂ පරීක්ෂණයකදී හෙළිදරව් වූයේ යැයි නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත ඊයේ (04දා) දන්වා සිටියේය.
ඊට අමතරව රවිඳු වාස් ගුණවර්ධන නමැති සැකකරු අදාළ ජංගම දුරකතනය භාවිත කරමින් බන්ධනාගාරයේ සිට ඔහුගේ මව වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු පිරිසකටද ඇමතුම් ලබාගෙන තිබෙන බව රහස් පොලිසිය හෙළි කරගෙන ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත දන්වා සිටියාය.


විත්තිකාර රවිඳු වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයට පත් කර ලබන 07 වැනිදාට වසරක් ගතවන හෙයින් ඔහුව තවදුරටත් මාස තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලමින් අයේෂා ජිනසේන මහත්මිය එම කරුණු දැක්වීම කළාය.
විත්තිකරු රිමාන්ඩ් භාරයේ තබන ඉල්ලීමට සහ ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණුවලට දැඩි ලෙස විරෝධය පළ කළ විත්තිකරුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
රවිඳු වාස් ගුණවර්ධන ඇප මත මුදා හරිනවාද, නැද්ද යන්න තීන්දුව ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.


මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණී වල්ගම (සභාපති විනිසුරු) ලලිත් ජයසූරිය, ලියොන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, රවිඳු වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන 25 වැනිදා කැඳවීමටද විනිසුරු මඬුල්ල තීරණය කළහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive