ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවූ පුවතක් නිසා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට අපහාස වූ බව පවසමින් දකුණු ඉන්දීය නළු නිළියෝ පිරිසක් ඊයේ (04දා) විරෝධතාවක නිරතව සිටියහ. චෙන්නායිහි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ නළු නිළියන් පිරිසක් මේ විරෝධතාවට එක්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවලට අනුව විරෝධතාව සඳහා ඉන්දීය ද්‍රවිඩ සිනමාවේ ප්‍රකට නළුවන් වන විජේ, සූරියන්ද එක්ව සිට ඇති අතර චිත්‍රපට නිෂ්පාදකයන්, අධ්‍යක්‍ෂවරුන් ද ඒ සඳහා එක්ව තිබේ.
ධීවර ගැටලුව ගැන ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට නිරන්තර ලිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවියක පළවූ පුවතකින් ජයලලිතා ජයරාම්ට අපහාස වී ඇතැයි දකුණු ඉන්දීය කලාකරුවන් එහිදී පෙන්වා දී ඇත.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශාඛා කාර්යාලයකට සෙනසුරාදා සිදුකළ පහරදීමෙන් පසු එයට පොලිස් ආරක්‍ෂාව ලබා දෙන්නට තමිල්නාඩු නාගරික පොලිසිය පියවර ගෙන තිබේ.

0 comments:
Post a Comment