facebook like

හෙද වර්ජනය ගැන වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සංවාදය උණුසුම් වෙයි (Video)

හෙද කාර්ය වර්ජනය පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන්නැයි, වෘත්තීය සමිති නියෝජිතයින්ට නිව්ස්ෆස්ට් අද ඇරයුම් කළේය.

ඒ අනුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ලේකම් අශෝකා අබේනායක මහත්මිය සහ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය
සංවාදයට සහභාගි වූහ.හෙද වෘත්තීය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙතෙක් අවසන් කර නොමැති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් සහ නේවාසික රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව අද දෙරණ වාර්තාකරුවන් ප්‍රකාශ කළේය.
හෙද නිලධාරීන්ට සුතිකා පුහුණුව ලබාදීමේ ගැටළුවක් සම්බන්ධ‍යෙන් ප්‍රධාන හෙද වෘත්තීය සමිති 02ක් වර්ජනයට එක්ව සිටියි.
කෙසේ වුවද වර්ජනයට එක්ව සිටින රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ වර්ජනයක නිරත වීමට තරම් ගැටළුවක් පැනනැගී නොමැති බවයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද ඕනෑම මොහොතක සේවයට වාර්තා කිරීමට සුදානම් බව ඊයේ ප්‍රකාශ කර තිබුණි‍.
හෙද නිලධාරීන්ට සුතිකා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ පවුල් ‍සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි.
කෙසේ වුවද සාකච්ජා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට වෘත්තීය සමිති යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive