facebook like

ජනපතිගෙන් ටෙනිසන් කුරේට ඇමැතුමක්

කෙසේ වෙතත් බහරේන්හි 'රිට්ස් කාල්ටන්' හෝටලයේ නවාතැන් ගෙන සිටි ජනාධිපතිවරයා පසුගිය 28 වැනිදා බහරේන්හි සිරි නැරැඹීමටද අවස්ථාවක් උදා කරගත්තේය. මේ බහරේන් සිරි නැරඹීම ජනාධිපතිවරයාගේ හිතට කෙතරම් ඇල්ලුවේද කියතොත් සෞදි දේශ සීමාව ආසන්නය තෙක්ම ගමන් කළ ජනාධිපතිවරයා නැවැත සිය නවාතැන් ගෙන සිටි නවාතැන වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියත් ඉක්ම ගොස් තිබිණි.
තමන් කුමන රටක සංචාරය කරමින්
මොන තරම් වැඩ රාජකාරි මධ්‍යයේ සිටියද කවදාවත් කඩ නොකරන විශේෂ පුරුද්දක් ජනාධිපතිවරයා සතු විය. ඒ අන් කිසිවක් නොව ලංකාවේ තම හිතවතුන්ගේ උපන් දිනවලට උදෑසනින්ම සුබ පැතීමයි. ඒ අනුව ජනාධිපතිවරයා බහරේන් සංචාරයේ යෙදී සිටි අවසන් දිනයේදී කලා ක්ෂේත්‍රයේ එවැනි විශේෂ පුද්ගලයන් දෙපළකගේම උපන් දින යෙදී තිබිණි. ඒ නිළි රැජින මාලනී ෆොන්සේකාගේ හා විකට රජු ලෙස සැලකෙන ටෙනිසන් කුරේගේ උපන් දින එදිනට යෙදී තිබීමයි. ඒ අනුව ජනාධිපතිවරයාද 30 වැනිදා පාන්දරින්ම මේ දෙපළට දුරකතන ඇමතුමක් ගෙන සුබ පැතීමට අමතක නොකළේය. ජනාධිපතිවරයාගේ සුබපැතුම් පිළිගත් ටෙනිසන් කුරේ තවත් අපූරු කතාවක් ජනාධිපතිවරයාට කීවේ කිසියම් විනෝදාත්මක චෝදනාවක්ද ඉදිරිපත් කරමිනි.
"මම උදේ ඉඳන් බලාගෙන හිටියා ඔබතුමා කෝල් එකක් දෙයි කියලා. වෙනදට නම් උදේ පාන්දර 5.30 වෙනකොට ඔබතුමා කතා කරනවනෙ. මම ඒත් බැලුවා මේ සැරේ මොකද මෙච්චර පරක්කු කියලා." යැයි ටෙනිසන් කියද්දී ජනාධිපතිවරයා කීවේ "මම ඉන්නෙ බහරේන්වලනෙ ටෙනිසන්... මෙහෙයි ලංකාවයි අතර පැය දෙකහමාරක වෙනසක් තියෙනවා. ඉතින් මම උදේ පාන්දර නැඟිටපු ගමන්ම ඔයාට විෂ් කළාට මගේ කෝල් එක එද්දි ලංකාවෙ ඉන්න ඔයාලට ටිකක් දවල් වෙලා" කියාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive