facebook like

මව්-බිම සදාචාර විරෝධී මාධ්‍ය භාවිතාවක !................මඩ පත්තරයක් නොවන බව ඔප්පු කිරීම මවුබිමේ වැඩක්

දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන චතුර අල්විස් නම් මාධ්‍යවේදීයා සම්බන්ධයෙන් අද (02) දින මව්-බිම පුවත් පත පළ කර ඇති වාර්තාවෙන් වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව පළ කර ඇති කරුණු වලට සිය විරෝධය පලකරන බව වෘත්තීය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමය කියා සිටී.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා සිටී.
වෘත්තීය වෙබ් මාධ්‍යකරුවනේගේ
සංගමය වෙනුවෙන් ෆ්‍රෙඩීගමගේ මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ මව්බ්බිම පුවත් පත දිගින් දිගටම වෙබ් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිචාරයක් දැක්වීම සිය
නිරීක්ෂණයට හසුව ඇති බවද දැක්වේ
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයක් ස්ථාපිත කර එමගින් ආචාරධර්මික වෙබ් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණයකිරීමටත්  වෙබ් ජනමාධ්‍යවේදීන් උත්සුක වුයේද මේ එල්ල වන අපවාදයන්ගෙන් මාධ්‍ය කරුවා ගලවා ගැනීමටය.
මේ වන විට පුවත්පත් කතෘ සංසදයේ මාධ්‍ය ආචාර ධර්ම  පිළිබඳ ලියැවිල්ල පිළිගැනීමට අප වෙබ් සංගමය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව ඒ පිළි ගන්නා වෙබ් අඩවි හා වෙබ් මාධ්‍යකරුවන් එම මාධ්‍ය ආචාරධර්ම අනුව සිය වෘත්තීය කටයුතු සිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඉහත සිදුවීමට පාදකවූ කරුණ ලෙස දැන ගැනීමට ඇත්තේ අප සංගම්මයේ මූලාරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩ්වියේ පළ කල පුවත දෙරණ රූපවාහිනියේ අදාල නිවෙදකයා විසින් සිදු කරනු ලබන වැඩ සටහනකදී ඉදිරිපත් කිරීමය.
මිරර් වෙබ් අඩවියේ පළවූ පුවත අසත්‍යක් නම් ඊට පිළිතුරු දීමේ අයිතිය මව්බිම කතෘවරයා සතුව තිබේ. එහෙත් ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ අන් ආකාරයකිනි. ඒ අපගේ වෘත්තීය ක්ෂේත්‍රයට සෘජුවම බලපානු ලබන්නේය.
ඊට අනුව වෙබ් අඩවි සම්බන්ධයෙන්  ඔවුන් විසින් හෙළි කරණු ලැබූවාය හෝ හෙළි කරණු  ලබන්නේ යැයි කියනු ලබන වෙබ් මා‍ෆියාවට අදාල පුද්ගලයන්  නිශ්චිතව හෙළි කිරීමට හෝ එම සිදුවීම් වලට අදාල සාක්ෂි හෙළි කිරීමේ වගකීම මව්බිම කතෘවරයා මඟ හැර ඇති බව පෙනේ. මෙයට පෙර අවස්ථා ගනනකදීම මෙවැනි පුවත් මව්බිම පුවත්පතේ පළවූ නමුත් ඒ සම්බන්ධයෙන් ඒ පුවතින් ඔබ්බට යමක් සිදුවූයේ නැත.
මේ අනුව වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එල්ලවන මෙම චෝදනා  ක්ෂේත්‍රයටම අභියෝගයකි.
එමෙන්ම වෙබ් මාධ්‍ය කරුවා කප්පම්කරුවකු, ද්වේශ සහගත පුවත් මවන්නකු,මඩ ගසන්නකු, පාතාල ලෝක සාමාජිකයකු ත්‍රස්තවදියකු ලෙස හඳුන්වමින්ද වත්මන් පාලක පක්ෂයේ ඇතැමුන් ගෙන යමින් තිබෙන ප්‍රචාරයන් හා මව්බිම පුවත්ප්තේ චෝදනාවන්ද සමගාමී වීම අපට මව්බ්බිම පුවත්පත සම්බන්ධයෙන් සැකයක් ඇති වීම තවදුරටත් වැලැක්විය හැකි නොවේ.
කෙසේ නමුත් මේ තත්වයන් මත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන්  කරන බරපතල  තර්ජනයක් මතුව ඇති බවද අවධාරණය කරමු.
මඩ පත්තරයක් නොවන බව ඔප්පු කිරීම මවුබිමේ වැඩක්
මව්බිම පෙන්වාදී ඇති ආකාරයේ වෙබ් මාෆියාවක් ඇත්නම් එය වහා රටට හෙලිකරණ ලෙසද අපි ඉල්ලා සිටිමු.
එය අපටද වැදගත් කරුණකි.
එසේ නොවන්නේ නම් මෙසේ යම් යම් කරුණු මවුබිම තුළින් දක්වා නිහඞ වන්නේ අදාල පාර්ශවයන් බිය ගැන්වීමේ මුණින්ද යන සැකයද මතුවේ.
කෙසේවුවද මව්බිම කැලෑපත්තරයක් යැයි සමාජ ගත කාරනා බිඳින්නට හැකියාව ඇත්තේද එසේ අදාල කරුණු හෙළි කිරීමෙන් පමනක් යැයිද මවුබිමට අපි පසක් කරන්නෙමු. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive