බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂුන් 4 දෙනෙකු හා ගිහියන් 2 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වන පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.
පසුගිය දිනෙක කොළඹ, නිපෝන් හෝටලයේ ජාතික බලසේනා සංවිධානය විසින් සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවකට අයුතු ලෙස
කඩාවැදී එහි සභාපති පූජ්‍ය වටරැක විජිතහිමියන් ඇතුළු පිරිසට තර්ජනය කිරීම හා කුරාණයට අපහාස කිරීම යන චෝදනා යටතේ මෙම පිරිසට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමි ඇතුළු සැකකරුවන්ට අද(05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙරාතුව ලබාදී තිබුණු දැනුම්දීමක් අනුව මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන් පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බොදුබල සේනා විසින් ජාතික බලසේනාවේ මාධ්‍ය හමුවට කඩාවදින ලද්දේ ඉකුත් අප්‍රේල් මස 09 දාය.

0 comments:
Post a Comment