6 වැනි ශ්‍රේණියේ සිසුවියකගේ කැමැත්ත නොමැතිව ඇගේ කොණ්ඩය කැපූ බවට චෝදනා ලැබු ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැරිණ.
මහනුවර විදුහලක ගුරුවරියන් දෙදෙනෙකු විසින් ඉකුත් 8 වැනි බ්‍රහස්පතින්දා එම විදුහලේ ම ඉගෙනුම ලබන මේ සිසුවියගේ කොණ්ඩය කපා තිබුණි.
සිද්ධියට මුහුණ දුන් සිසුවිය එය
මෙලෙස විස්තර කළා ය.
අනිත් මැඩම්ලා ඇදගෙන ගිහින් කොම්පියුටර් කාමරේ ඉදලා අනිත් මැඩම් කැපුවා. අනිත් ළමයි කෑ ගැහුවා. මමත් කෑ ගැහුවා. විසික් කරන්න කිව්වා කපපු කොණ්ඩ කෑලි ඒ ටික මම කොස් ගහක් ළඟට විසික් කරා. ඊට පස්සේ මිදුලේ තියලා ෆොටෝ ගත්තා ඒ මැඩම්ට එපා කියද්දි ඒ ඉස්කෝලේ ඉන්න මට බයයි
දියණියගේ කැමැත්තකින් තොරව ඇගේ කොණ්ඩය කැපීම සම්බන්ධයෙන් එදින පස්වරුවේම දෙමව්පියන් වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
පොලීසිය පැවසුවේ, ගුරුවරියන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරුණු බව ය.

මාර දේවල් තමයි වෙන්නෙ එක්කො ළමයිගෙ කොණ්ඩ කපයි නැත්නම් ළමයිට ලිංගිකව එක්වෙන්න ආරාදනා කරයි.මොනව වෙලාද මේ ගුරුවරුන්ට
ReplyDelete