සිරස සුපර් ස්ටාර් හය වැනි අදියරේ අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කළේ, අවසන් තරගකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු තෝරාගැනීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබියදී ය.
සිරස සුපර් ස්ටාර් අවසන් වටයේ තරගකරුවන් 12 දෙනා අතුරින් මේ වන විට ජයග්‍රාහී මාවතට පිවිස ඇති ශිල්පීන් සංඛ්‍යාව 4කි.
උද්ඝෝෂකයින් පැවසුවේ පසුගියදා ඉවත් වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන් කෙසේ හෝ යළි තරගයට ඇතුළත් කරගන්නා ලෙස ය.
පසුව සිරස සුපර් ස්ටාර් බලධාරීන් උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කළහ.

0 comments:
Post a Comment