facebook like

මගේ රූපෙන් හොඳට ප්‍රයෝජන ගත්තා..


‘පුංචි කාලේ ඉඳන්ම ඒ හැඩකාර රුවැත්තියට විශේෂ තැනක් ලැබුණා. ඒ හැඩකාරිය කොළඹ පුරවරයේ වගේම මුළු ලංකාවෙම හැඩකාර රුවැත්තියන් අතර පෙරමුණට ආවේ සුන්දරත්වයේ අගය වැඩි නිසාමයි’
තරුණියක් ලෙස ඇය තුළ රැඳි සුන්දරත්වය කාලය ගත වුණත් ඇය ළඟ සුරක්ෂිතයි.
තාමත් හැඩ ඒ රුව හිමි ඇය වෙන කවුරුත් නෙවෙයි නයනා කුමාරි.
  • ඔබේ ලස්සනට අනෙක් අයගේ අවධානය යොමු වෙනවා කියලා දැනුණේ?
මම අවුරුදු පහළොවේ දහසයේ ඉඳන්ම අවුරුදු කුමාරි තරගවලට ඉදිරිපත් වුණා. මම ඒ වකවානුවේදිම කොළඹ දිස්ත්‍රික්කයෙන් පංච කල්‍යාණි වගේම ලංකාවේ පංච කල්‍යාණිය බවටත්
පත්වෙන්න පුළුවන් වුණා. ඒ දේවල් ලැබුණේ ලස්සනක් තිබුණ නිසානේ. ඒ කාලේ ඒ ගැන ගොඩාක් අය කතා කළා.
  • ඔබටත් ඔබේ ලස්සන ගැන විශ්වාසයක් ඇති වුණේ ඒ කාලෙදිමද?
ඔව්. ඉදිරිපත් වුණ හැම තරගයකින්ම ජයග්‍රහණය කරනකොට මටත් මගේ ලස්සන ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා. කොහොමත් දන්න කියන කාලේ ඉඳන් මගේ රූපයට අවශ්‍ය දේවල් මට අඩුවක් නැතිව තිබ්බා.
  • ලස්සන කෙල්ලෙක් පරෙස්සම් කරන්න අම්මා මහන්සි වෙන්න ඇතිනේද?
අනේ නැහැ. මම රඟපාපු කාලේ ඉඳන් මාව බන්දලා දෙනකල් අවුරුදු දහයක් විතර අම්මා මං ළඟ හිටියා. ඒත් එහෙම පරිස්සම් කරන්න නෙවෙයි. කියන දේවල් අහලා හිටපු නිසා මාව පරිස්සම් කරන්න ඕන වුණේ නැහැ.
  • ඔබේ ලස්සන ගැන ගොඩාක් අය කතා කරනකොට ආඩම්බර වෙන්න ඇති?
අද වගේ බොරු ආඩම්බරකම් පාන්න ඕන වුණේ නැහැ. කාන්තාවක් වුණාම ලස්සනට ඉන්න ඕනෙනේ. ඒ නිසා ලස්සන කියන දේ සාමාන්‍ය දෙයක් විදියටයි දැනුණේ.
  • ලස්සන රුවක් තියාගන්න ඒ කාලේ හරියට සැලකිලිමත් වෙන්න ඇති?
මම යම්කිසි සුන්දර රූපයක් අරන් ආපු කෙනෙක්. ඒ රූපය රැකගන්න මම උනන්දු වුණා. කොහොමත් මම පිරිසිදුව පිළිවෙළට ඉන්න කැමැතියි. ඒ කාලෙදි වුණත් රූපය වෙනුවෙන් ගෙදරදි කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. ආහාර පාලනයත් ඒ වගේ. ඒ නිසා මගේ ඇඟේ හැඩයත් එදා වගේම අදත් තියාගන්න පුළුවන් වුණා.
  • මිතුරියෝ අතරෙත් කැපිල පෙනෙන රූපයක්ද ඔබට තිබුණේ?
මගේ යාළුවෝ අතර මගේ රූපයට විශේෂයක් තිබුණා. නර්සරි යන කාලේ ඉඳන්ම මම තමයි හැමෝම අතරම ලොකු ළමයා. මගේ රූපය නිසා මට හැමදාම ඉස්සරහට එන්න ලැබුණා. අනේ මන්දා මට පුංචි කාලේ ඉඳන්ම ඒ තැන ලැබුණා කිව්වොත් හරි.
  • ඔබේ රූපයේ තරු ගුණය තිබ්බේ?
මම හිතන්නේ මගේ මුහුණේ තමයි ඒ තරු ගුණය තිබුණේ. ගොඩාක් අය මගේ මුහුණට කැමැතියි.
  • රංගනයට එන්නෙත් රූපයට පින් සිද්ධ වෙන්නද?
නෑ, මගේ හැකියාව නිසයි මට රඟපාන්න ලැබුණේ. මම කට්ට කාලා තමයි රංගනය ඉගෙන ගත්තේ. ඒ නිසා රූපයට වඩා හැකියාව එතැනදී මුල් වුණා. රංගනයේදී මගේ රූපේ පාවිච්චි කළේ වෙනස් කරලා. රූපේ කළු කරපු කැත කරපු චරිත තමයි මම වැඩි හරියක් කළේ.
  • රූපය නිර්මාණවලට වෙනස් කරනකොට දුකක් ඇතිවුණේ නැද්ද?
මගේ රූපය කොයි වගේද කියලා මිනිස්සු දන්නවා. මගේ පෙනුම චරිතවලට වැහුවට මට ස්වභාවයෙන් ලස්සන තියෙන නිසා දුක හිතුණේ නැහැ. ඒ නිසා රූපෙන් ඉස්මතු වෙනවට වඩා හොඳ චරිත කරන්නයි මට ඕන වුණේ.
    nayana-k2
  • ඔබෙ රූපේ තිරයෙන් ලස්සනට දැක්ක අවස්ථාවක් ඇත්තෙම නැද්ද?
චාතූර්යා නාට්‍යයේ නම් සැබෑ මාව මම දැක්කා. චාතුර්යා නාට්‍යයේ මට මේකඅප් පාවිච්චි කළේ නැති තරම්. එතැන ලොකු රඟපෑමක් කළෙත් නැහැ. මොකද ඒ නාට්‍යයේ හිටියේ මමමයි.
  • ලස්සන රූපෙට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අඩුවක් නැතිව ලැබෙන්න ඇති?
ගොඩාක් අය මගේ පෙනුමට කැමැත්තක් දැක්වූවා. සමහරු කිව්වා මම පුණ්‍යා හීන්දෙණිය වගේ කියලත්. සමහරු කිව්වා මම තරුණ කාලේ මාලනී ෆොන්සේකා වගේ කියලත්. හැබැයි මගේ රූපෙට වහ වැටිලා පිස්සුවෙන් මගේ පස්සෙන් කවුරුවත් ආවේ නම් නැහැ. මට හැම තැනදිම ලැබුණේ ගෞරවාන්විත පිළිගැනීමක්.
  • රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණේ ලස්සන වෙන්න තියෙන වුවමනාවටද?
මම මුලින්ම කරන්නේ මගේ ලස්සන රැකගන්න එක. අපි ලස්සනට ඉන්නේ නැතිව අපි කොහොමද අනෙක් අයට ලස්සනට ඉන්න කියන්නේ? මම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට ලස්සනට ඉඳලා අනෙක් අයටත් ලස්සනට ඉන්න කියලා දෙනවා. ඒ ලබාදෙන උපදෙස්වලින් අනෙක් අය ප්‍රතිඵල ගත්තම ඇත්තටම සතුටුයි.
  • තරුණකම මොහොතින් මොහොත ගෙවිලා යනකොට මොකද හිතෙන්නේ?
මම කවදාවත් සුරංගනා ලෝකවල ජීවත් වුණේ නැහැ. යථාර්ථය තේරුම් අරන් මම පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. ගැහැනියක් විදියට නිසි වයසෙදි සුදුසු හැම දෙයක්ම ලැබුවා. සුදුසු කාලේ විවාහ වුණා. දරුවො ලැබුවා. මගේ තරුණකම ගෙවිලා යනකොට මට දුක නෑ. මොකද මගේ රූපෙන් මගේ වයසෙන් මම හොඳ ප්‍රයෝජන ගත්තා. අදටත් මගේ සුන්දරකම මං ළඟ තියෙනවා. ඒ නිසා ළඟ ඉන්න අය වයස ගැන මැසිවිලි නඟද්දී මට ඒ ගැන මැසිවිලි නඟන්න වුවමනා වෙලා නෑ.
  • ඇත්තටම නයනගේ සුන්දර පෙනුම තවම ඔබේ ළඟ සුරක්ෂිත වෙන රහස මොකක්ද?
මගේ හිත තමයි ඒ වෙනුවෙන් බලපෑවේ. මගේ හිතේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය නැහැ. තියෙන විදියට ලුණුයි බතුයි කාලා හරි මම ජීවත් වෙනවා. හිත හොඳ අයගේ සුන්දරකම පිටතට විද්‍යමාන වෙනවා. ඒ වගේම මම ආහාර ගැනත් සැලකිලිමත්. ඒ වගේම එදා වගේම පිරිසුදුකම, පිළිවෙළ මම අගය කරනවා. ගැළපෙන දේවල් අඳිනවා, පලඳිනවා. කොහොමත් මගේ සැලෝන් එක තියෙන නිසා මගේ රූපේ තවත් රැකගන්න පුළුවන්.
තිළිණි කෞෂල්‍යා විජේසිංහඡායා – අසන්ත ගමආරච්චි

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive