facebook like

17 හැවිරිදි ආදරවන්තයා සමග එක්ව සැමියා ඝාතනය කළ ‍කාන්තාව

සිය ආදරවන්තයා සමග එක්ව 40 හැවිරිදි ‍සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ 28 හැවිරිදි අදාළ කාන්තාව 17 හැවිරිදි සිය ආදරවන්තයා  සමග එක්ව සිය සැමියා ඝාතනය කර ඇති බව හෙළි වී ඇති බව ය.

ඝාතනයට ලක් වූ සැමියා ගුවන් හමුදා නිලධාරියෙකු වන අතර දිල්ලිහි ඔවුන්
පදිංචිව සිටි නිවස තුළදී පසුගිය  අප්‍රේල් 10 වැනි දා මෙම ඝාතනය
සිදුව ඇත.


ඝාතනයට සම්බන්ධ බව කියන තරුණයා ඔවුන්ගේ අසල්වැසියෙකු වන අතර ඔහු තව ත් ගුවන් හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයෙකු වන බව ද වාර්තා වේ.

සිද්ධිය වාර්තා වූ දිනයේ සිය සැමියාට හෘදයාබාධයක් වැළඳී ඇති බව පවසමින් අදාළ කාන්තාව ඔහු යුද හමුදා රෝහලට යොමු කිරීමට ක්‍රියා කර තිබේ.

ඔහු රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් සිටීම හේතුවෙන් වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් මූලික මරණ සහතිකයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පසුගිය මැයි 1 වන දා ඉදිරිපත්ව ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ, අදාළ මරණය ගෙල සිර කිරීමෙන් සිදු වූ මරණයක් බව ය .

පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කරීම්වලදී තමන් පෙම්වතා සමග එක්ව සිය සැමියා ඝාතනය කළ බව ඇය පිළිගෙන තිබේ.

ඝාතනයට සම්බන්ධ 17 හැවිරිදි පුද්ගලයා පරිවාස භාරයට යොමු කර තිබේ.

සිය නිවසට නිතර ආ ගිය අදාළ තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් බවත් ඒ පිළිබඳව දැන ගත් සැමියා නිතර තමන් සමග දබර කර ගත් බව ත් ඔහු දැඩි ලෙස මත් පැන් පානය කිරීමට පෙළඹුණ බවත් ඇය පොලීසියට පවසා ඇත.

අවසානයේ නිවස තුළ ඇති වූ ප්‍රශ්න උග්‍ර වූ කළ සිය සැමියා ඝාතනය කිරීමට තීරණය කළ බව  ඇය පොලිසියට පවසා තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive