රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු, බදුල්ල බන්ධනාගාරයේදී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කන්දකැටිය පොලිසියේ නිලධාරීන් 07 දෙනා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඔවුන් අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ 16 වැනි දින හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ය.
මීගහකිවුල, කැටවත්ත රක්ෂිතයේ
නිදන් හෑරූ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු පසුගිය 7 වන දා අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව, රක්ෂිත බන්ධනාගාරගත කළ එම සැකකරුවන් අතර සිටි 18 හැවිරිදි සදුන් මාලිංග අසනීප තත්ත්වයක් හේතුවෙන් බදුල්ල රෝහලට ඇතුලත් කළේය.
අනතුරුව ඔහු පසුගිය 9 වන දා මිය ගියේය.
එම මරණ පරීක්ෂණය කළ, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවේ සඳහන් කරුණු පොලීසිය අද මාධ්‍යයට ඉදිරිපත් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා
මේ මරණයට හේතුව වෛද්‍යවරයාගේ වාර්තාවේ සදහන් වෙලා තියෙන්නේ පහරදීමක් නිසා ශරීර අභ්‍යන්තර අවයව වලට ඇතිවෙච්ච යම් තුවාල බවටයි වාර්තා වෙන්නේ.
තමන්ට පොලීසියෙන් පහරදුන් බවට කට උත්තරයක්, අදාළ සැකකරු මියයාමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට දී ඇතැයි, බන්ධනාගර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
මියගිය සැකකරුගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර ඥාතීන් පවසන්නේ, පොලීසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී බව ය.

මේ වැටලීම සදහා සහභාගි වෙච්ච උප පොලිස් පරීක්ෂක වරයා පොලිස් කොස්තාපල්වරුන් 4 දෙනා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයා සහා පොලිස් ආරක්ෂක සහයකයා කියන 7 දෙනා අත්අඩංගුවට ගත්තා. කිසිම අවස්ථාවක පොලිසිය උනත් වැරදි කලොත් ඒ වැරදි වහන්න අපි කටයුතු කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

0 comments:
Post a Comment