කුමන පාර්ශ්වයක් මඟින් වැළැක්වීමට උත්සාහ කළද කෙසේ හෝ මැයි 18 වැනිදාට යෙදෙන වෙල්ලමුල්ලිවයික්කාල් දිනය සැමරීම කෙරෙනු ඇති බව එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා පවසා තිබේ. පසුගිය දිනෙක යාපනයේ
පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව අවධාරණය කර ඇත.
දෙමළ ජනතාව ඒ සඳහා යොමු කරනු ලබන්නේද වත්මන් ආණ්ඩුව බව කියන ඇමැති සිවාජිලිංගම් මහතා යාපනය විශ්වවිද්‍යාලය මේමස 16වැනිදා සිට 20 වැනිදා දක්වා වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කරන්නට ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් එම දිනය සමරනු ඇතැයි තිබුණු සැකය නිසා යැයිද පෙන්වා දී ඇත.
මියගිය තම ඥාතීන් සිහිපත් කිරීමේ අයිතිය දෙමළ ජනතාවටද තිබෙන බව පවසන සිවාජිලිංගම් මහතා තමන්ට හැකි අයුරින් තම ඥාතීන් සිහිපත් කොට ඔවුන්ට උපහාර දක්වන්නැයි ඉල්ලීමක්ද කරයි.

0 comments:
Post a Comment