facebook like

දරුවකු ලිංගික අපහරණයට ලක් කළැයි...මුස්ලිම් වෙළෙඳ සැලක් ගිනිබත් කෙරෙයි

අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතු වෙළෙඳ සැලක් ගිනිබත් කරන ලද බව වෙළඳසැල් හිමියා පවසයි.

වෙළඳසැල් හිමියාගේ සහෝදරයකු විසින් දරුවකු ලිංගික අපහරණයට ලක් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතින අතරවාරයේයි, ගිනි තැබීම සිදු කර තිබෙන්නේ.

මෙය තමාට එරෙහි කුමන්ත්‍රණයක් බවයි, ගිනිබත් කෙරුණ වෙළෙඳ
සැලේ හිමිකරු වන මොහමඩ් නයීම් ඛාන් bbc ට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.


වෙළෙඳ සැල තුල සියලු දර්ශන ඇතුළත් වීඩියෝ පටය උසාවියට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ළමා අපහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තම සහෝදරයා ඇප මත මුදා හරින ලද බවත් මොහමඩ් නයීම් ඛාන් සංදේශයට කියා සිටියේය.

"පන්සලේ එකතු වී මට විරුද්ධව දවස් කීපයක්ම කතා කරලා තිබුණා. මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්නට යන බව මම පොලිසියට දැනුම් දී ආරක්ෂාව ඉල්ලුවා. සිද්ධියක් වුනොත් අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා," යයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

පසුගිය අට වෙනි දින සවස පහට උද්ඝෝෂණය ආරම්භ කිරීමට යන බවට තොරතුරු ලැබුනත් එදින උදේ එය ආරම්භ කෙරුණ බවයි, මුස්ලිම් ව්‍යාපාරිකයා පවසන්නේ.

"භික්‍ෂූන් තුන් නමක් සහ තවත් දෙසිය පනහක, තුන්සීයක පමණ කණ්ඩායමක් පාර දිගේ කෑ ගසමින් ආවා. මගේ කඩේට ගිනි තබන බවටයි ඔවුන් කෑ ගැසුවේ," යනුවෙන්ද ව්‍යාපාරික මොහමඩ් නයීම් ඛාන් පවසයි.

පොලිසියේ ප්‍රතිචාරය
අලුත්ගම මුස්ලිම් වෙළෙඳ සැලට ගිනි තබනු ලැබීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ, අපරාධය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන බවයි.

වෙළෙඳ සැලේ අයිතිකරු ඔහුට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙරෙමින් ඇති බවට තොරතුරු අලුත්ගම පොලිසියට දැනුම් දී තිබියදීත් අවශ්‍ය ආරක්ෂාව නොසැපයීම සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්න කළ විට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණ නතර කිරීමට පොලිසියට නොහැකි බවයි.

තවදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ ගිනි තැබීම සිදු කර ඇත්තේ විරෝධතා ව්‍යාපාරයෙන් පසු රාත්‍රී කාලයේ බවයි කියා සිටියේ.

කෙසේ වුවත් එවැනි අපරාධ කිරීමට කිසිවකුට අයිතියක් නැතැයි කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් කළේය.

වෙළෙඳ සැලේ හිමිකරු වන මොහමඩ් නයීම් කාන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම ක්‍රියාව තමාට එරෙහි කුමන්ත්‍රණයක් වන බවයි.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive