facebook like

විමල් වීරවංශ කිරිපිටි මිල අඩු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලයි....මෙච්චර දවසක් බිව්වෙ පුන්නකුද කොහෙදෝ.....?

වහාම ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල පහත වැටීමේ වාසිය දේශීය පාරිභෝගිකයාට සහ කිරි ගොවියාට ලබා දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය 06 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් 5200කට පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 3873 දක්වා පහත වැටී ඇති බවයි. පසුගිය කාලයේදී ලෝක
වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළගොස් ඇති බව කියමින් මෙරට සමාගම් කිරිපිටි මිල වැඩි කිරීමට රජයෙන් අවසර ගත් ආකාරයටම කිරිපිටි මිල පහත වැටී ඇති මෙම අවස්ථාවේ එහි වාසිය ජනතාවට ලබාදීමට ක්‍රියාකළ යුතු බව හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් නිකුත් කළ එකී මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉතා විශාල ලෙස පහත වැටී ඇතැයි දෙස් විදෙස් මාධ්‍ය මගින් වාර්තා කොට ඇත. ඒ අනුව පසුගිය 06 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලර් 5200කට පැවති කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 3873 දක්වා පහත වැටී තිබේ.

2014 පෙබරවාරි 02 වැනිදා ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ ගියේ යැයි ව්‍යාජ ඝෝෂාවක් නගමින් මෙරටට කිරිපිටි ගෙන්වන බහුජාතික කිරිපිටි සමාගම් කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට රජය පෙළඹවීය. නමුත් එම ඉහළ ගියේ යැයි සමාගම් ඉදිරිපත් කළ මිල මීට වසරකට පෙර ලෝක වෙළඳපොළෙහි තිබූ මිල බව ඔවුන් ප‍්‍රකාශ කළේ නැත. එම සමාගම්වල ඉල්ලීමට යටත් වූ රජය කිරිපිටි කිලෝවක මිල රුපියල් 152කින් වැඩි කිරීමට ඉඩ ලබා දීමටත් ඒ වන විට එම සමාගම්වලින් කිරිපිටි කිලෝවක් සඳහා අය කළ බද්ද රුපියල් 57කින් අඩුකිරීමටත් එකඟ විය.

ඒ අනුව එම බහුජාතික කිරිපිටි සමාගම්වලට, මහජනයාගෙන් වසරකට රුපියල් මිලියන 15,000ක් ගසා කෑමටත් රජයට අය විය යුතුව තිබූ බදු මුදල් වසරකට රුපියල් මිලියන 5000ක් ගසා කෑමටත් අවස්ථාව ලැබිණි. රජය කිරිපිටි කිලෝවක මිල වැඩි කිරීමට පමණක් අවසර ලබා දී බදු සහනය ලබා නොදුන්නා නම් ඉහත රුපියල් මිලියන 5000 කිරි ගොවියාට සහන ලබාදීම සඳහා යෙදවීමට හැකියාව තිබිණි.

ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල අංශු මාත‍්‍රයකින් හෝ ඉහළ යන විට ව්‍යාජ ඝෝෂාවක් නගමින් දේශීය වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලා සිටින බහුජාතික කිරිපිටි සමාගම් ඉතා විශාල ලෙස ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල පහත වැටී ඇති මේ මොහොතේ එම වාසිය පාරිභෝගිකයාට ලබා දීමට සූදානම් නැත.

එබැවින් අප මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ ලෝක වෙළඳපොළෙහි කිරිපිටි මිල පහත වැටීමේ වාසිය දේශීය පාරිභෝගිකයාට ලබා දීමට කඩිනමින් මැදිහත් වන ලෙසය. එසේම එකී සමාගම්වලට ලබා දුන් බදු සහනය ඉවත්කොට එම අරමුදල් කිරි ගොවියාට සහන ලබාදීමට යොදවන ලෙසය. තවද කිරිපිටි ආනයනය සීමාකොට දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ‘බහුජාතික කිරිපිටි සමාගම් වෙනුවෙන් ආනයනය කළ හැකි කිරිපිටි ප‍්‍රමාණය නිශ්චිතව සඳහන් වන ආනයන බලපත‍්‍ර ක‍්‍රමයක්’ හඳුන්වා දෙන ලෙසය. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive