facebook like

ෆොන්සේකාට විරුද්ධව මෙහෙයුම කළේ මම -- රාජිත සේනාරත්න

සරත් ෆෙන්සේකා මහතා අතීතයේදී හා වර්තමානයේදීත් කුළුපග මිතුරකු වුවත්, 2010 ජනාධිපතිවරණයේදී ධනුන තිලකරත්නගේ ළඟම මිතුරකු වූ උපුල් ඉලංගගේ ලවා ෆොන්සේකා මහතාට විරුද්ධ දේශපාලන මෙහෙයුම ක්‍රියාත්මක කළේ තමන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙළි කෙළේය.
සේනාරත්න මහතා එම සුවිශේෂී හෙළිදරව් කෙළේ පසුගියදා කොළඹ පදනම් ආයතනයේදී පැවැති ධීවර අමාත්‍යංශ නව වෙබ් අඩවිය විවෘත
කිරීමේ උත්සවයේදීය.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, අමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක හා වෙබ් අඩවිය නිර්මාතෘ උපුල් ඉලංගගේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති එම උත්සවයේදී සේනාරත්න මහතා පැවැසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපුල් ඉලංගගේ ලවා දේශපාලන මෙහෙයුම සිදුකිරීමට තමාට භාරදෙනු ලැබූ බවයි.

ඇමැති සේනාරත්න මහතා මෙසේද කීවේය.උපුල් ඉලංගගේ මගේ වගේම එදා සරත් ෆොන්සේකා මහතාගේත් ළඟම මිතුරෙක්. ඔහු ලංකාවට එනකොට සරත් ෆොන්සේකා මහතා විනෝද වෙන්න හමුදා කඳවුර වහනවා. ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නගේ මුදල් ගනුදෙනු පිළිබඳ වෙබ් අඩවියේ යතුර තිබුණේ ඉලංගගේ ළඟ.

2010 ජනාධිපතිවරණයේදී එදා ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත් වෙනකොට ධනුනගේ සියලු තොරතුරු රැගෙන උපුල් ඉලංගගේ ලංකාවට ආව ජනාධිපතිවරයාට සහාය වෙන්න.

ජනාධිපතිවරයා උපුල්ව මටයි භාරදුන්නේ. ඔහු ලවා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න. අපි දෙන්න ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් කැඳවලා ධනුනගේ සියලු තොරතුරු හෙළි කළා.

ඊට පස්සේ හමුදාවෙන් සියලු තොරතුරු අරගෙන ෆයිල් ටික හදාගෙන මමයි විමල් වීරවංශයි ජනාධිපතිවරයා හමුවෙලා රූපවාහිනි වැඩසටහනකට ගියා. එදා ඉඳලා උපුල් මගේ මිත්‍රයෙක් වුණා. ඔහු මේ වෙබ් අඩවිය හදන්න මගෙන් ඉල්ලුවේ වියදම් විතරක් දෙන්න කියලා. මගෙන් රු. 50,000ක් විතරයි ගත්තේ. මේක සමහරුන්ට මිලියනයක විතර වැඩක්.

සරත් ෆොන්සේකා මහතා නොහිටින්න උපුල් මගේ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. ඔහු වරක් මගේ උපන් දිනයට මගේ මුහුණ චිත්‍රයට නැඟූ කේක් ගෙඩියක් එවා තිබුණා. එදා හැමෝම මේ කේක් එක කපන්න පස්ස ගැහුවා. මම කිව්වා බෙල්ල ළඟින් කපන්න කියලා. දේශපාලනෙත් එහෙමයිනේ. කවුරුත් කේක් එක කපන්න ඉදිරිපත් නොවූ නිසා මම මගේ මූණ සහිත කේක් එක කපලා මූණ කෑලි කෑලි කෑවා. ඒ වගේ අලුත්ම දේවල් උපුල් කොම්පියුටරේ හරහා කළා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive