facebook like

මර්වින් සිල්වාට හිතවත් පෑලියගොඩ නාගරික මන්ත්‍රී වෙඩි තබා මරයි

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රබල ආධාරකරුවකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පෑලියගොඩ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී චාමිල සඳරුවන් මහතාට, අවිගත් පිරිසක් විසින් ඔහුගේ මෝටර් රථය තුළ ඔහු සිටියදීම වෙඩි තබා ඝාතනය කර තිබේ

 ශ්‍යාමන් සඳරුවන් මහතාට නව  නුවර පාරේ කැලණිය ටයර් හන්දියේදී ඊයේ (12)  දහවල් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පුද්ගලික ආරවුලක්
දුරදිගයාමකින්ද නැතිනම් දේශපාලන ගැටුමක ප්‍රතිඵලයක් නිසාදැයි සොයා ‍පොලීසිය පරීක්ෂණ  ආරම්භ කර තිබේ.
ශ්‍යාමන් සඳරුවන් මන්ත්‍රීවරයා ඉකුත් පළාත් සභා මැතිවරණයේදී තම සහය  පළකර ඇත්තේ ප්‍රබල අපේක්ෂකයකුටය. ඒ සම්බන්ධයෙන් වෙනත් පිරිසක්  ඔහු සමග උරණ වී සිට ඇති බවට තොරතුරු ‍පොලීසියට ලැබි තිබේ. එම පිරිස වෙනත් අපේක්ෂකයෙකුට සහය පළකර ඇති බවත් එම අපේක්ෂකයාද ප්‍රබල අපේක්ෂකයෙකි. පළාත් සභාවට තේරී පත්ව   සිටින එම අපේක්ෂකයා සමග මෑතකදී ශ්‍යමන් සඳරුවන් බහින් බස් වීමක් ඇති වී තිබෙන බවද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ශ්‍යාමන් සඳරුවන්ගේ ඝාතනය හා එම දේශපාලන ගැටුම අතර යම් සම්බන්ධයක් තිබේදැයි මේ වන විටත් සොයාබලමින් ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
පෑලියගොඩ පදිංචි අමිල නැමැති තරුණයෙක්ව සුදු වෑන් රථ කණ්ඩායම විසින් පසුගිය කාලයේ පැහැරගෙන ගොස් අතුරුදන් කළේය. ඊට ශ්‍යාමන් සඳරුවන්  මන්ත්‍රීවරයාගේ සම්බන්ධයක්  ඇති බවට කටකථාවක් ඇති බවත් එම කටකථාව  ඔහුගේ ඝාතනයට මුල් වූවාදැයි සොයා බලන බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක්  ලක්බිම කළ විමසුමකදී සඳහන් කළේය.
තරුණයෙකුට  මඩේ දමා පහරදීමක් සම්බන්ධයෙන් නඩුවක් මහර අධිකරණයේ ශ්‍යාමන් සඳරුවන් මන්ත්‍රීවරයාට එරෙහිව විභාග වන බවත් ඔහු ඊයේ එම නඩුවට සහභාගි වී මිතුරෙක් සමග මෝටර් රථයේ නැගී ගමන් කරමින් සිටියදී ටයර් හන්දියේදී ඔහුට වෙඩි තබා ඇති බව ‍පොලීසිය    සඳහන් කරයි.  ඒ අවස්ථාවේ  මෝටර් රථය පදවමින් සිට ඇත්තේ මන්ත්‍රීවරයාය. මෝටර් රථය තුළම ඔහු මිය ගොස් සිටි බව ‍පොලීසිය  සඳහන් කරයි. මන්ත්‍රීවරයා සමග මෝටර් රථයේ තවත් අයෙක් ගමන් කර ඇති බවත් ඔහුටද වෙඩි වැදී කොළඹ ජාතික  රෝහලට ඇතුළත් කර තිබෙන බවත් ‍පොලීසිය සඳහන් කරයි.
මිලි මීටර් 9 වර්ගයේ  අවියක් මෙම වෙඩි තැබිමට යොදාගෙන ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.   මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය පසු  පස වෙඩික්කරු යතුරු පැදියකින් හඹාවිත්  වෙඩි තබා ඇති බව ‍පොලීසිය සඳහන් කරයි. එම යතුරු පැදියේ වෙඩික්කරුට අමතරව තවත් අයෙක් සිට ඇති බවට තොරතුරු ‍පොලීසියට ලැබි තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු බස්නාහිර උතුරු දිසා අපරාධ  කොට්ඨාසය සහ පෑලියගොඩ මූලස්ථාන   ‍පොලීසිය  එක්ව පවත්වයි.



0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive