කැසිනෝ ව්‍යාපෘති තුනක් ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ ඒ සඳහා සහභාගී නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළද අවසානයේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිසා එම අදහස අත්හැර දමා ඇති බව වාර්තා වේ.
එම ගැසට් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කළ අප්‍රේල් 24 සහ 25 දින දෙකේ සියලු මන්ත්‍රීවරුන් විදේශ ගමන් සහ අනෙකුත් බාහිර කටයුතු අවලංගු කර පාර්ලිමේන්තුවට සහභාගී විය යුතු යැයි දන්වා ජනාධිපතිවරයා විසින් අති විශේෂ නියෝගයක් නිකුත් කර තිබුනද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමග ෆයිව් නේෂන් රගර් තරඟාවලිය සඳහා කොරියාව බලා පිටත්ව ගොස් තිබුණි.
මෙම ගැසට් නිවේදන තුනට ඡන්දය ලබාදීම සඳහා ආණ්ඩුපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ නොසිටි අතර එම පිරිසේ නම් ජනාධිපතිවරයාට ලබා දෙන බවත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කර තිබුනද එම නම් ලබාදුන් පසු විනය ක්‍රියාමාර්ගයකට යාම අත් හල බව සුසිල් ප්‍රේමජන්ත මහතා මාධ්‍ය වෙක ප්‍රකාශ කර තිබේ.

0 comments:
Post a Comment