හඳුනන කෙනකු මා හමුවීමට මගේ නිවෙසට පැමිණියේ දිවුරුම් පෙත්සමක අස්සනක් සහතික කරවා ගැනීමටය. ඔහු පැමිණි කටයුත්ත නිමා වූ පසු ටික වේලාවක් රැඳී සිට බොහොම විමර්ශනශීලීව ගෙය වටේ ඇවිද ඇවිත් මෙසේ කීය. ‘මේ ගෙදරට වසර ගණනාවකට පෙර බලගතු විනයක් කර තියෙනවා.’ ‘මොකද කරන්නේ’ යනුවෙන් මම විමසුවෙමි. තමා වැඩකරන්නේ ලුණුවිල ප්‍රදේශයේ දේවාලයක බවත් එහි බලගතු මෑණි
කෙනකු සිටින බවත් කී ඔහු යොදාගත් දිනයේ කපු මෑණි සමඟ මගේ නිවෙසට පැමිණියේය.
ඇයද ගෙය වටේ ඇවිද ඇවිත් මට කීවේ බොහොම බලගතු විනයක් වසර ගණනාවකට පෙර ගෙදරට කර ඇති බවයි. ඉදිරි කාලයේ එය බලවත් වන බවත් ඇයට ඒ සියල්ල ඉවත් කර පිරිසුදු කර දෙන්නට පුළුවන් බවත් කීවාය. යොදාගත් දිනයේ රාත්‍රි අටට පමණ කපු මෑණියෝ උදව්කරු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණියෝය. රාත්‍රි නවයට පමණ විදුලි පහන් සියල්ල නිවා දැමීමට අණ කළ ඇය නිවෙසේ යම් ස්ථානයක වළක් කපන ලෙසට මගේ පුත්‍රයාට නියම කළාය.
අඩියක් පමණ ගැඹුරට කොටද්දී කපු මෑණි වළට එබුණාය. අවට තිබූ දැඩි කළුවර නිසා කපු මෑණි වළට නැමුණු ආකාරය නොදත් පුත්‍රයා එකවරම උදැල්ල ඉහළට එසවීය.
නොසිතූ ලෙස ඉහළට එසවුණු උදැල්ල කපු මෑණිගේ නළලේ වැදී ලේ ගලන්නට විය. මගේ අම්මෝ කියාගෙන ක්ලාන්තව වැටුණු ඇගේ ඇඟිලි තුඩු අතරේ යමක් සිරකරගෙන සිටිනු මම දුටුවෙමි. එය එකිණෙහිම බිම වැටුණු නිසා එය ඇහිඳ සාක්කුවේ දමාගත් මම අනෙක් අයගේද උදවු ඇතිව කපු මෑණි රෝහලට ගෙනගොස් ප්‍රතිකාර ලබාදී නිවෙසට ඇරලුවෙමි.
නිවෙසට පැමිණි පසු කපු මෑණිගේ අතින් ගිලිහුණු වස්තුව කුමක්දැයි මම බැලුවෙමි. එය බ්‍රහ්මීය අක්‍ෂර සහිත තඹ තහඩුවකි. මට ඇගේ වංචාව වැටහිණි. පසුදින මම ඇය බැලීමට ඇගේ නිවෙසට ගියෙමි.
‘කපු නෝනා මෙන්න මේ තඹ තහඩුව එදා ඔළුව පැළුණ වෙලාවෙ ඔයාගෙ අතේ තිබිලා බිම වැටුණා. මෙන්න ඒක මම ගෙනාවා’ යැයි මා කියනවාත් සමඟම ඇයට කරකියා ගත හැකි දෙයක් නොමැතිව ලැජ්ජාවෙන් බිම බලාගත්තාය.

0 comments:
Post a Comment