facebook like

ජනප්‍රිය නළුවන් කිහිප දෙනකුගේ පාතාල සම්බන්ධතා හෙළිවේ

මහවත්තේ ලෝකයා, පද්මේ, රම්බෝ, ඉඟුරුකඩේ හන්දියේ ගුණයා හෝකන්දර පැත්තේ තිප්පළක ඉන්නවා කියලා අපිට ආරංචියක් ලැබුණා. ගිනි ගහන මද්දහනේ හෝකන්දර තිප්පළ හොයාගෙන යන්න අපිට උදවු කළේ චරිත්.

චරිත්ගෙන් ලැබුණු මඟ පෙන්වීමත් එක්ක පද්මෙගේ තිප්පළට අපි ටිකින්
ටික ළංවුණා දෙගිඩියාවෙන්. වෙළිච්ච සිතුවිලිත් සමඟ රැඳුණු අපිව රැගත් වාහනයේ සුක්කානම පාළු වත්තකට හැරවුණා. පාළු වත්තේ තැනින් තැන පද්මෙගේ ගෝලයෝ. චණ්ඩිත් එක්ක ගනුදෙනු කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. එන්න කලින් හිතිච්ච දේ තිප්පළට ගියාම ඊට දෙගුණයකින් තෙගුණයකින් වැඩි නොවුණම නෙවෙයි.
හිත යට කැකෑරෙන බය හංගගෙන තිප්පළ ඇතුළට ඔළුව දාලා බැලින්නම් කැමරා ආම්පන්න තොගයක් තිප්පළ ඇතුළේ. එකම චණ්ඩියෙක්වත් පේන්න නොහිටියට හෙංචයියෝ ටික නම් තුවක්කු අමෝරාගෙන අපේ ඇස් මානේ හිටියා. පැත්තකට වෙලා වටපිට බැලින්නම් හුරුපුරුදු මූණු ටිකක් යාන්තමට වගේ තිප්පළ පැත්තකින් තියෙන කුටියකින් පේන්න ගත්තා. පාලිත සිල්වා, සෝමවීර ගමගේ, වින්සන්ට් කරුගේ මුහුණු තමයි අපිට හුරුපුරුදු. ටික වෙලාවක් යනකොට ශ්‍රියන්ත මෙන්ඩිසුත් හුරුපුරුදු මුහුණු අතරට එකතු වුණා. දැන් තමයි ටිකක් හරි තිබ්බ බය නැති වුණේ.

පාතාලයේ චණ්ඩි එකතු වෙන පද්මෙගේ තිප්පළේ අපිට හුරුපුරුදු රංගන ශිල්පීන් මොකද කරන්නේ කියලා ඔබට හිතෙනවා ඇති නේද? අපි මේ ඇවිත් තිබුණේ දෙරණ ටී.වී. නාළිකාවේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දිනවල රාත්‍රි 9.30ට විකාශය වෙන ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලි නාට්‍ය රූගත කෙරෙන දර්ශන තලයට.
හුරු පුරුදු රංගන ශිල්පීන් ක්‍ෂණයකින්ම ටෙලි නාට්‍යයේ චරිත බවට හැඩ වුණා. මොරිස් මයිනර් රථයකින් ආපු රම්බෝව (පාලිතව) පද්මෙගේ සගයෝ පද්මෙගේ (ශ්‍රියන්තගේ) තිප්පළ ඇතුළට වත්තන් කරගෙන ගියා. රම්බෝ සහ පද්මෙගේ වාචික ගනුදෙනුව තිප්පළ ඇතුළෙන් දෝංකාර දෙද්දී රූගත කෙරෙන දර්ශනයෙ අත්දැකීම විඳින්න අපිටත් අවස්ථාව ලැබුණා.

දර්ශනය රූගත කරලා ලැබුණු පුංචි නිදහසේදී මේ ටෙලි නිර්මාණයේ අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස්ව අපේ කතාබහට එකතු කර ගන්න අපිට පුළුවන් වුණා.
"මේ ටෙලි නාට්‍ය අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනිකෙළි කෘතිය ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙය පොදු ප්‍රේක්‍ෂකයාට නතුවන නාට්‍ය නිර්මාණයක් නිසා ඊට ගැළපෙන විදියට මෙහි පිටපත මම සකස් කළා. අපේ රටේ එක්තරා බිහිසුණු යුගයක සිද්ධ වුණ පාතාලයේ හා දේශපාලනයේ ගනුදෙනුව තමයි මේ නාට්‍යයේ තේමාව වෙලා තියෙන්නේ.
මේ කතාව තුළ වෙනස් රසයක් තියෙනවා. සමාජයේ කොන්වුණ මනුස්ස කොට්ඨාසයක් දේශපාලකයෝ විසින් ප්‍රයෝජනයට අරගෙන අත්හැරලා දැම්මේ කොහොමද කියන දේ මේ නිර්මාණයෙන් ප්‍රතිනිර්මාණය වෙනවා."

බුද්ධදාස විතානගේ, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, සෝමවීර ගමගේ, වින්සන්ට් කරු, සම්පත් ජයවීර, නිරෝෂන් විජේසිංහ, මිහිර සිරිතිලක, සහන් රන්වල වැනි ලංකාවේ විශිෂ්ට කලාකරුවන්ගෙන් මේ නිර්මාණයට ලැබෙන ශක්තිය ගැන මතක් කරන්නත් සාරංග අමතක කළේ නැහැ.
සාරංගගේ කතාබහ නිමවෙනකොටම පපුවේ පැත්තක තඩි ප්ලාස්ටරයක් ගහලා කකුලේ බැන්ඩේජ් පටි ඔතාගෙන හිටපු රම්බෝ (පාලිත) අපි සමීපයට සේන්දු වුණා. පෙනුමින් වෙනස් වුණාට ඒ අපිට හුරුපුරුදු පාලිතම තමයි. බාහිර හැඩරුව දැක්කම අපිටත් දහඩිය දැම්මට මොකද හිනාමුසු මුහුණින් පාලිත අපිව පිළිගත්තා. එක යුගයක හිටපු රම්බෝ, පද්මේ, ගුණේ, ලෝකයා වීරයන් කරන්නට නොව ඒ ජීවිතවල ගෙවුණු පසුබිම ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කරන්නට තමන් ඇතුළු ප්‍රවීණ සහ අලුත් පරම්පරාව මේ නිර්මාණය තුළ මුහුවී ඇති ආකාරය වගේම අධ්‍යක්‍ෂවරයාගේ දක්‍ෂතාව පාලිත අපි ඉදිරියේ නිහතමානීව අගය කළා.

පද්මේගේ තිප්පළේ පද්මේ රජ නොවී කොහොමද? පද්මේ (ශ්‍රියන්ත) තිප්පළේ හාන්සි පුටුවක ඉන්න ලීලාව දැක්කම ශ්‍රියන්ත එක්ක කතා නොකර ඉන්න අපිටත් බැරි වුණා. චරිතයට රළු පෙනුමක් ආවේශ කරගෙන හිටියත් ඒ ඇතුළාන්තයේ හිටපු ශ්‍රියන්ත වෙනදා වගේම අපට හිතෛෂී වුණා. පිටපත් රචකයෙක් වගේම අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සුබ ලකුණු පෙන්වන සාරංගගේ ගිනි අවි සහ ගිනිකෙළි ටෙලි නිර්මාණයෙන් ටෙලි නාට්‍ය කලාව වෙනස් මඟකට හරවමින් යන මේ ගමන සුබවාදීව දකින්නන් අගය කරන්නට ශ්‍රියන්තට පුළුවන් වුණා.
ශ්‍රියන්ත වගේම මේ නිර්මාණයේ ජීවය වුණ හැමෝම දකින මේ වෙනස් අත්දැකීමට මේ වෙන කොටත් බොහෝ ප්‍රේක්‍ෂක පිරිසක් එක්කාසු වී හමාරයි. අලුත් ටෙලි නාට්‍ය විකාශන කාලයක චණ්ඩින්ගේ වීරත්වය සිසාරා යන මානුෂීය අත්දැකීම විඳගැනීමේ අවස්ථාව ඔබට විවෘත කරමින් ගිනිඅවි සහ ගිනිකෙළි දර්ශන තලයට අපි සමුදුන්නා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive