එදා හොඳින් ඉර පායා තිබුණු දිනයකි. බුදු මැඳුරේ නිම වෙමින් තිබූ වැඩ කටයුතු කරමින් සිටි සුමනේ වැඩ කරන දෙසට මම හෙමින් පියනැඟුවෙමි. ඔහු බුදුමැඳුරේ බුදුරුව ඔප දමමින් සිටියි. ටිකක් වැඩ කොට මඳක් පසුපසට ගොස් යළිත් ඒ දෙස බලා නැවැත ඉදිරියට ගොස් අඩුපාඩු සකස් කරයි. නෙළා ඇති පිළිමයේ අඩුපාඩු ඔහුම හිතින් නිශ්චය කොට තවත් සකස් විය යුතු තැන් තීරණය කළේ ඔහුමය. සුදු සරම හැඳ ලොම් ඇඳුමකින් උඩුකය වසාගෙන බුලත් විටක් සපමින් ඔහු සමාධියට
සමවැදුණා මෙන් පිළිමය දෙස බලා සිට මඳක් පස්සට ගොස් යළිත් පිළිමයේ අඩුවක් සකස් කර කපරාදු කරයි.
"සුමනේ තේ එකක් බීලා එමුද?"
"දැන්ම එපා. මම ඕන වෙනකොට ගුරු නිවාසෙට එන්නම්."
ඔහු යළිත් බුදුපිළිමයේ වැඩ කටයුතු කතාවකින් තොරව කරගෙන යයි. මම ඒ ළඟ බිත්තියට හේත්තු වී ඉබාගාතේ හිත යැවුවෙමි.
සුමන බණ්ඩාර නාගහවත්ත මා විදුහල්පති ලෙස සේවය කළ හරන්ගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු උපතින්ම විවිධ හැකියා ඇති අන් අයගෙන් කැපී පෙනුණු අයෙක් විය. මා අසා ඇති පරිදි පාසලේ ඉගෙනුම ලබද්දී ඔහු වඩාත් දස්කම් පෙන්නුම් කළේ චිත්‍ර කලාවටය. ධර්මානුකූල ජීවිතයක් ගත කළ ඔහුට තරුණ විය ඉක්ම වීමට පෙර දේව බැල්ම හා ආශීර්වාදය ලැබී ඇත. රාත්‍රි සිහිනෙන් අද්භූත බලවේගයක් දුන් උපදෙස් අනුව කතරගම බලා ගිය ඔහුට කතරගම කපු මහතා දහසක් සෙනඟ මැද ඔහු ඉදිරියට කැඳවා ත්‍රිශූලයක් ලබාදී තිබිණි. ඔහුගේ ඉදිරි ජීවිතයට පාර වැටුණේ එයිනි. ඔහු දෙතුන් වරක් තමා ගුප්ත ජීවිතයට වැටුණු අයුරු මා වෙත විස්තර කොට ඇත.
"සුමාන දෙක තුනකට සැරයක් සුදු ඇඳගෙන රැවුල වවාගත්තු තාපස කෙනෙක් හීනෙන් මට කතා කරලා ආශීර්වාද කරනවා. උඹේ ඉදිරි ජීවිතයේ පාර කැපිලයි තියෙන්නේ. උඹ පින්වන්තයෙක්. පෙර ආත්මයේ පින් කළ කෙනෙක්. උඹට උදව් වෙන්නයි මේ ආවේ. අපි දෙන උපදෙස් පිළිපැද්දම දියුණුව ලැබෙයි. කතරගම ගියහම සෙනඟ මැද්දෙන් දරුවා ඉදිරියට කැඳවලා ත්‍රිශූලයක් ලැබුණ නේද? තව ටික දවසකින් දරුවට මල්ලන්ද හින්දු කෝවිලේ වැඩ කරන්න පුළුවන්. දේව ආශීර්වාදය ලැබෙනවා. ටික කාලයක් ගියාම උඹට තමන්ගෙම දේවාලයක් හදාගන්න පුළුවන්. එතකන් මේ ලැබුණු දායාද සාධාරණව මැදිහත්ව මුදල් ගැන හොයන්නේ නැතිව පාවිච්චි කරන්න ඕනෑ." ඔහු තම අතීත කතාවේ බොහෝ ගුප්ත තැන් මා සමඟ හෙළි කරයි. ටිකෙන් ටික ඔහුගේ කීර්තිය පැතිර යයි. දිනකට මහත් පිරිසක් ඔහු සොයා ඇදී එති. ඒ අතර චාම් ගැමියකු ලෙස නිහඬව ගමේ ජීවත් වෙයි. පාසලේ බුදු මැඳුරේ වැඩ නිමවා දෙන පොරොන්දුවකි.
ගුරු නිවෙසට එන ඔහු තේ කෝප්පය තොලගාමින් කතාවට වැටෙයි.
"අද මම සර්ට ලස්සන කතාවක් කියන්නම්. ගිය සතියේ මම පුත්තලම පැත්තේ අෑත ගමනක් ගියා කෝවිලට ආපු කීපදෙනකුගේ ඉල්ලීමට. තරමක් ධනවත් පවුලක්. ඒ පවුලේ හිටියා උප දිසාපතිවරයෙක්. එයාගේ නංගි බැඳලා හිටියේ පාසල් ගුරුවරයෙක්. අලුත් ගෙදර මේ අය බොහොම සන්තෝෂයෙන් ජීවත් වුණේ. ඒත් ඒ අයගේ තාත්තා නිතරම ලෙඩ ඇඳේ. අවුරුදු ගාණක් බේත්හේත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරනවා. කිසිම හොඳක් නෑ. මම එහාට ගියේ ඒ අයගේ ඉල්ලීමට. මේ අයගේ ලෙඩේ සනීප වෙන්න නැත්තෙ ඇයි කියල දැනගන්ට. හවස ඇඟපත හෝදගෙන ඉන්න ඕනෑ. පුද පූජා ද්‍රව්‍ය ලෑස්ති කරගෙන දේවාරූඪය ගත්තා. ගෙදර අය මගෙන් ප්‍රශ්න කරලා තොරතුරු දැන ගත්තා.
පස්සේ හොඳ සිහිය ආවම ඒ අය කිව්වේ ලේ නෑයෙක් දේපළ ආසාවට නපුරු කොඩිවිනයක් කරලා වත්තේ වතුර බොන ගැඹුරු ළිඳ පතුලේ පණ තියෙන ඉබ්බෙක් අල්ලලා ජීවම් කරලා ළිං පතුලේට බැඳදාලා ඉන්නවා කියල. ඉතින් පහුවදා බොහොම රහසිගතව ඒ බන්ධනය ඉවත් කිරීමට අවශ්‍ය දේ ඒ අය සූදානම් කළා. මේ අය පදිංචි වෙලා හිටපු ඉඩම අද්දරම ඒ අයගේ බාප්පා හිටියා. ඒ කියන්නේ ලෙඩාගේ බාල සහෝදරයා. එයා නිතරම මේ ගෙදරට යනවා එනවා. හොඳට හිතවත්. ගෙදරින් කනවා. බොනවා. පොඩි පොඩි වැඩට උදව් වෙනවා. ලෙඩාට සාත්තු කරනවා. ලෙඩා කිව්වේ එයාගෙම අයියා."
සුමනේ කතාව නවතා මා දෙස බලයි. ඔහු බුලත් විටක් සපමින් මිදුලට ගොස් කෙළ ගසයි.
"ඉතින් මොකද වුණේ?"
"මම බොහොම රහසේ අවශ්‍ය පුද පූජා ලෑස්ති කරලා රෑට කෑම කාලා බොහොම පිරිසුදුව දේව භක්තිය ඇතිව ඉතිරි වැඩ පටන් ගත්තා. රෑ පැය දෙක තුනක් යනකොට එළියේ ළිඳ පැත්තේ ලොකු සද්දයක් ආවා. ඒත් කලබලයක් වුණේ නෑ. මම දිගටම පූජා තිබ්බා. පාන්දර එළිය වැටෙන්න කිට්ටුයි. ළිඳ කැලැම්බිලා. මහා සද්දයක් පිට වුණා. අර ගෙදර අය ළිඳ ළඟට ගිහින් බලනකොට ළිඳ පතුලට දාලා අවුරුදු ගාණක් හිර කරලා බැඳලා හිටපු ඉබ්බා දම්වැලත් කඩාගෙන වතුරත් එක්ක උඩට මතුවෙලා. හොඳට සනීපෙට හිටපු ඉබ්බා කොරපොතු ගැලවිලා කට්ටයි හමයි විතරයි. හොඳටම දිරාපත්වෙලා. ඒත් පණ තියෙනවා. බැඳලා හිටිය දම්වැල කඩාගෙන උෟ අමුතු ජවයකින් පීනාගෙන ළිඳ ළඟ ළන්දට රිංගාගෙන ගියා. මට ලොකු සතුටක් දැනුණා. අවුරුදු ගාණක් වැහැරිලා ඇඳේම හිටපු ලෙඩා ඇඳෙන් නැඟිටලා මූණකට හෝදාගෙන ඇඳේ ඉඳගෙන හිනාවෙවී තේ බොනවා ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ වගේ. ටික වෙලාවකට පස්සේ පළාත දෙවනත් කරන විලාප හඬක් ඇහුණා. මං හිටිය ගෙදර අයත් එළියට පැනලා විපරම් කළා. අර ඉබ්බා ළිඳ පතුලට දාලා හූනියම් කරපු ඒ පවුලේ බාප්පා ගෙදරින් අතුරුදන් වෙලා ඉබාගාතේ ගිහින් රෑ ඒ ළිඳටම පැනලා ළිඳේ වතුර උඩට මිනිය මතුවෙලා. මම කතාවක් බහක් නැතිව කුස්සියට යනකොට ගෙදර අය මූණකට හෝදන්න වතුර උණු කරලා උදේ කෑම ලෑස්ති කරනවා. දේපළ තණ්හාවට පවුලේ තමන්ගේ සහෝදරයට කරපු හූනියම නිසා එයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණා. ඒක මගේ හපන්කමක්ම නෙවෙයි. වරද කරපු අයට මං මැදිහත්වෙලා ලබාදීපු දේව දඬුවමක්."
ඔහු කතාව නවතා මා දෙස බලයි.
"මං ළඟ තියෙනවා ඉන්දියාවෙන් ලැබුණු නියම වාලම්පුරි කිහිපයක්. දේවාලයට ආවාම මං ඒවා අතටම දෙන්නම් බලන්න. ඒ විතරක් නෙවෙයි සර් මෙහෙන් යන දවසට ගෙදර තියාගෙන හරියට පුද සත්කාර කරලා වැඳ පුදාගන්න. බුද්ධ ධාතු නමක් දෙන්නම්. මං ළඟ තියෙනවා වැඩිපුර එක ධාතු නමක්. ඒක මම ඔබතුමාට දෙන්නම්."
මම නිහඬව ඔහු දෙස බලා සිටියෙමි. ගලා එන අන්ධකාරය මැද තාපසයකු මෙන් ඔහු මට දිස්වෙයි. සුමන බණ්ඩාර කලකට පෙර මිය ගියේය.

0 comments:
Post a Comment