facebook like

තුන්වැනි බලවේගයකින් පොදු අපේක්ෂකයෙක් ........ජනපතිවරණයට තුන්කොන් සටනක්

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් තුන්වැනි බලවේගයක් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධයක් නැති වෙනත් පුද්ගලයකු ඒ සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.

විද්වත් වෘත්තිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු රටේ ජනප්‍රිය සහ
ජනතාවට තීරණාත්මක ලෙස බලපෑම් කළ හැකි පුද්ගලයන් පිරිසක් මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත. එහිදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නම් මේ සඳහා යෝජනා වී තිබේ.

පසුගිය වසරේ පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා කරට - කර තරගයක සිටියදී දෙවැනි වර ඡන්ද ගණන් කිරීමක් ඉල්ලා තුන්වැනි
අපේක්‍ෂකයා සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය.

අදාළ සාකච්ඡා පවත්වන පිරිස මාලදිවයිනේ සිදුවූ මේ ක්‍රියාව සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති අතර එවැනි ක්‍රියාවලියක් හරහා තුන්වැනි පාර්ශ්වයක් මඟින් ඉදිරිපත් කරන අපේක්‍ෂකයකු ජයග්‍රහණය කරවීම ඔවුන්ගේ සැලැසුම වී තිබේ.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා නායක හිමිවරුන් පිරිසක් සහ ආණ්ඩුවේ ඇමැතිවරුන් පිරිසක්ද සහයෝගය ලබාදීමට එකඟ වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මූලික තේමා පාඨය කරගනිමින් මේ අපේක්‍ෂකයාගේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට නියමිතය.
මේ පිරිස ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පැවැති මැයි රැලියේදී කුඩා පක්‍ෂවලට සහ අනෙකුත් වෘත්තීය සංගම්වලට තමන් සමඟ එකතු වන ලෙස කළ ඉල්ලීමත් සමඟ තමන්ගේ උත්සාහය සාර්ථක වේ යැයි අදාළ පිරිස විශ්වාසය පළ කර ඇත.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාද පසුගිය සතියේ 'ඉරිදා මව්බිම'ට පවසා තිබුණේ නිර්පාක්‍ෂික පොදු
අපේක්‍ෂකයකුට මීළඟ ජනාධිපතිවරණයේදී සහයෝගය දීමට තම පක්‍ෂය සූදානම් බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive