ශ්‍රී ලංකා රජය මගින් මෑතකදී තහනම් කරන ලද කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන 16 ක මුළු වත්කම බිලියන විසිපහකට වැඩි බව දැනගැනීමට ලැබුණේ යෑයි උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා 6 දා ප්‍රකාශ කළේය.
මුදල්, ගොඩනැඟිලි මෙන්ම වාහන මෙම දේපළවලට අයත් බව සඳහන් කළ එස්. බී. දිසානායක ඇමැතිවරයා මෙම දේපළවලින් වැඩි ප්‍රමාණයක් මෙම රාජ්‍ය නොවන සංවිධාන
පවුල්වල අයගේ දූ දරුවන්ගේ සහ නෑ හිතවතුන්ගේ නම්වලට ලියා ඇති බව ද කීවේය.
මෙම රාජ්‍ය නොවන සංවිධානවල සියලුම වත්කම් තවදුරටත් සොයා බලාගෙන යන බවත් මෙම සංවිධානවලට සිංහල පුද්ගලයන් පවා සම්බන්ධ බවත් දිසානායක මහතා කීවේය.
කොටි සංවිධානයේ බලය තිබූ අවධියේදී යුද්ධයෙන් පීඩාවිඳින ජනතාවට උදව් කිරීමේ මුවාවෙන් පෙනී සිටි මෙම රාජ්‍ය නොවන සංවිධාන කෙළින්ම කොටි නායක ප්‍රභාකරන්ට මුදලින් උදව් උපකාර කර තිබිණි.
කොටි සංවිධානය මුළුමනින්ම විනාශ කිරීමෙන් පසු එම සංවිධානයට යළි පණදීමට මෙම රාජ්‍ය නොවන සංවිධාන මෙසේ කුමන්ත්‍රණ කරන බව රජය කියයි.

0 comments:
Post a Comment